IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි

(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

එම සංවිධානය අද 11 පෙරවරු  5.30 ට නිකුත් කර ඇති එම නාය යෑමේ  අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව  බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල , හාලිඇල සහ පස්සර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල සහ  නියාගම  යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඇල්පිටිය, බද්දේගම, නෙළුව සහ නාගොඩ යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සහ පාලින්දනුවර  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහි පළමු මට්ටමේ නිවේදනයද  බුලත්සිංහල , හොරණ, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම්කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, රුවන්වැල්ල, දෙහිඕවිට, යටියන්තොට, සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ  නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇලපාත,කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඇහැලියගොඩ සහ කිරිඇල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල ගෙවී ගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක්  ලැබී ඇති බවත් දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල මිලි මීටර් 100 ඉක්වමූ වර්ෂාපතනයක් ලැබී ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යණ සංවිධානය කියයි. මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන්  ඉල්ලා සිටියි.

2024.10.11 වන දින පෙරවරු 5.30. ට නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම 2024.10.12 වන දින පෙරවරු  5.30 දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site