
(අංජුල මහික වීරරත්න)
දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කටයුතු වලට ප්‍රමුඛතාව ලබා දෙමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් උනන්දු කරවීම සඳහා පසු මිල දී ගැනීමේ ගිවිසුම් (Buy Back Agreement) ක්‍රමවේදය යටතේ දේශීයව නිපදවන ඖෂධ මිල දී ගැනීම සඳහා 2013-11-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ගිවිසුම් ගතව ඇති දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදන වලට වසර 15 ක කාලයක් සඳහා පසු ගිවිසුම්ගත වීමටත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ලබා දෙනු ලබන ප්‍රමුඛතාව මත එම ඖෂධ මිල දී ගැනීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දේශීය ඖෂධ නිෂ්පාදකයින් අතර ඖෂධ සැපයීම සඳහා වන පසු ගිවිසුම් අවුරුදු 10ක් දක්වා ක්‍රියාත්මක කිරීමටත්, 2018-10-02 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, සපයනු ලබන ඖෂධවල මිල තීරණය කිරීම සඳහා මිල නියම කිරීමේ කමිටුවක් ද පත් කරනු ලැබ ඇත. එම ඖෂධ මිල දී ගැනීමේ ක්‍රමවේදය අනුව දැනට රටේ වෛද්‍ය සැපයීම් අවශ්‍යතාවයෙන් 20% ක් පමණ ආවරණය වන අතර, එම ප්‍රමාණය 7%ක් දක්වා වැඩි කිරීමේ හැකියාව පවතින බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ඖෂධ ඇතුළුව වෛද්‍ය සැපයුම 454 ක් සැපයීම සඳහා හැකියාව පවතින දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන 49 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය මඟින් හඳුනාගනු ලැබ ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම දැනටමත් පසු ගිවිසුම්ගත වී ඇති දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන වලට අගතියක් නොවන පරිදි, හඳුනාගනු ලැබ ඇති ආයතන වෙතින් වර්ෂයක කාලයක් සඳහා දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් සපයා ගැනීම පිණිස පසු මිල දී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දේශීය වෛද්‍ය සැපයුම් මිලදී ගන්න කැබිනට් අනුමැතිය
පිටිගල මිලානෝ Tuesday, 15 October 2024 02:36 PM
කෙහෙලිය බ්‍රෑන්ඩ් බෙහෙත් ද මේ දේශීය නිෂ්පාදන කියන්නේ?