IMG-LOGO

දේශබන්දු අල්ලන්න සී.අයි.ඩී. කණ්ඩායම් හයක්

(ගයාන් සූරියආරච්චි)

අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

දේශබන්දු තෙන්නකොන් මහතාගේ බිරියගෙන් සහ පුතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

ඒ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර පිහිටි පෞද්ගලික නිවසේදීය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබුණි.

 



අදහස් (12)

දේශබන්දු අල්ලන්න සී.අයි.ඩී. කණ්ඩායම් හයක්

de silva Sunday, 16 March 2025 03:47 PM

පුලුවන්නම් අල්ලලා පෙන්වන්න, අනිවාර්යයෙන් ආණ්ඩුව ඔහු අල්ලන්නේ නැහැ. අරගල නාටකයේ අනුර, රනිල්, දේශබන්දු, සනත් නිශාන්ත ඔක්කෝම නළුවෝ..., ඔක්කෝම යාලුවෝ මල්ලී, 94 චන්ද්‍රිකා පොරොන්දු වුණු රනිල්ව ඇතුළට දමන්න.. 2005 දී මහින්දත් පොරොන්දු ගොඩක් දුන්නා කෝ කළාද? 2015 සිරා මොනවාද කිව්වේ කෝ කළාද? 2019 රට රකින විරුවා? 2024 අනුරත් කියපුවා කරන්නේ නැහැ. මේ රටම දන්නා දේශබන්ධු අල්ලන්න බැරි ආණ්ඩුව කොහොමද ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නේ?

:       31       18

MohanMonday, 17 March 2025 01:07 AM

ජාතික ආරක්ෂාවයි, දේශබන්දුයි අතර තියෙන සම්බන්දේ මොකද්ද? තමුන්ට තියෙන වෛර පිරිමහන්න මිනිස්සු අත් අඩංගුවට ගන්න ඕන නෑනේ. කොහොමත් අපි දන්නවා පාතාලෙට පුදුම අමාරුවක් තියෙනවා දේශබන්දුව අත් අඩංගුවට ගන්න. තවමත් ඌ අල්ලපු කුඩු බෙදන මුදලාලිලා ටික ඇතුලේ. ඉතින් බිස්නස් පාඩුයි. එතකොට කේන්තියි නේ...

:       0       12

ගුණරත්න Sunday, 16 March 2025 04:09 PM

අර ෆොන්සේකා කාලේ ධනුන තිලකරත්න ඇල්ලුවා වගේ තමයි මේකත්, ආණ්ඩුව කිව්වාම බල්ලොත් පස්ස හරවනවා. ඒ තරම් පිරිහිච්චි ආණ්ඩුවක් වුණා මාස 5න්...!

:       27       17

පොඩිඑකාSunday, 16 March 2025 07:47 PM

ඇත්තද ගුණේ…, ඉතිං ඔයාත් පව්ලේ ඔක්කෝමත් එක්ක පස්ස හැරෙව්වාද?

:       18       5

ලක්විදු Sunday, 16 March 2025 05:01 PM

ප්‍රථමයෙන්ම ඔහුගේ ආරක්ෂාවට යොදා සිටි කණ්ඩායමම අත්අඩංගුවට ගතයුතුයි.

:       17       13

සෙනෙවිරත්න Sunday, 16 March 2025 05:10 PM

සිල්වා, ඔයා ඉන්න තැනක් දන්නවා නම් කියන්න, තක්කඩියෙක් අල්ලන්න බැරිවීම ජාතික ආරක්ෂාවට ගැට ගහන්නේ කොහොමද? තමුන්ලාට මතකද සිරිපාල හෙවත් මරුසිරා, බැදිගම උක්කුවා, ඒ අයත් අල්ලන්න කල්ගියා, පොලිසියේත් ඉන්නේ මිනිස්සු...

:       22       13

චින්තක Sunday, 16 March 2025 06:27 PM

17 වෙනිදා අභියාචනාධිකරණය තීන්දුවක් දෙනකන් බලමු.

:       8       2

charth Sunday, 16 March 2025 06:41 PM

කණ්ඩායම් 6ක් තියා මුළු පොලිසියම මෙයාව අල්ලන්න දැම්මත් ඊළඟ උසාවි දිනේට ඉස්සෙල්ලා දවසේ හරි උසාවි දිනේ දවසේ උදේ ලංකාවේ පොලිසියට මෙයාව හොයා ගනියි කියලා මට හිතෙයි..!

:       11       3

de silva Sunday, 16 March 2025 08:13 PM

සෙනෙවිරත්න, රටම සහ මුළු ලංකාවේ පොලීසියම හොඳින් දන්නා හඳුනන දේශබන්දු අල්ලන්න බැරි ආරක්ෂක අංශ කොහොමද? ඉදිරියේදී හදිසියේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ත්‍රස්තවාදියෙක් අල්ලන්නේ..., අනිවාර්යයෙන්ම මේ තත්වය අනිවාර්යයෙන්ම රටේ ආරක්ෂාවට තර්ජනයක්..., පොලිසිය දන්නවා ඔහු ඉන්න තැන... නමුත් පොලිසිය ආණ්ඩුවේ නියෝග පිළිපදින්නේ නැහැ. එහෙම නැතිනම් ඉහළින් පොලිසියට නිල නොවන ආකාරයට උපදෙස් ලැබිලා දේශ බන්ධු අල්ලන්න එපා කියලා.

:       7       7

PGPTHILAK Sunday, 16 March 2025 09:48 PM

මහජන මුදල් වලින් පඩි කන නිලධාරීන් රාජකාරිය කරන්නේ නැත්නම් ආණ්ඩුව ජාතික ජන බලවේගයට හිතවත් ස්වේච්ඡා සංවිධාන වල සහ පූරවැසියන්ගේ බළකායක් පිහිටුවීමට නායකත්වය දී අසමත් නිලධාරීන් සේවයෙන් පහකළ යුතුයි! ආණ්ඩුව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට නිෂ්චිත යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතුයි!

:       0       0

Michel Perera Monday, 17 March 2025 01:11 AM

දේශබන්දු තෙන්නකෝන් තමයි ලංකාවේ නීත්‍යානුකූල පොලිස්පතිතුමා. දැන් ඔය දේශපාලන වෛර වෙනුවෙන් තමන් මොකද්ද කරන්න ඕනෑ කියලා වත් දන්නේ නැති සාමාන්‍ය ජනතාව අවුස්සගෙන ගේම් ගැහුවාට රටට වැඩක් කරපු හැම මිනිහාටම අද ඉන්න වෙලා තියෙන්නේ හැංගිලා. යුක්තිය වෙනුවට වෛරය තමයි බලයට ගෙනාවේ. මේකෙ විපාක මුළු රටටම විඳින්න වෙනවා මෙහෙම ගියොත්...!

:       0       6

බකල ජයා Monday, 17 March 2025 08:12 AM

අපි පොඩි කාලේ මේ මේසපන්දු මහත්තයා හැංගිමුත්තං සෙල්ලම කරන්න ආවනං අපි තාම හොයනවා. දැන් ලොක්කෙක් උනාට අවුරුදු තිහකට කලින් මම පොඩියි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 670 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 504 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site