
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉකුත් පෙබරවාරි මස 27 සිට මාර්තු මස 19 වෙනි දින දක්වා සැඟව සිටීමට පහසුකම් සහ ආධාර අනුබල කී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු තලවතුගොඩ පදිංචි අයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු
සෙනෙවිරත්න Saturday, 29 March 2025 10:32 AM
අන්න කළයුතු දෙය, මින් පස්සේවත් අනිත් අය පාඩමක් ඉගෙන ගනීවි...!
ගුණරත්න Saturday, 29 March 2025 11:10 AM
දේශබන්දු තමයි දැන් ආණ්ඩුවට ලොකුම හොරා. ඒත් අර කෝටි 15,000 හේ සීනිබදු වංචාව? කෝ ලංකාවේ අපනයන ව්‍යාපාරිකයෝ පිටරට හංගලා තියෙන ඩොලර් බිලියන 50 විමර්ශන? ඒ මොකවත් නැහැ... මේ දේශබන්දුවෙක් අල්ලන් නටන නාඩගම අපි දන්නවා, මොකද මේ ආණ්ඩුවේ ලොකුම අනුග්‍රහකරුවෝ ඔය ලොකු ව්‍යාපාරිකයෝ ටික, ඉතින් ආණ්ඩුවත් පොඩි සංදර්ශන දාලා අර වංචා වහනවා...
රහස් පරීක්ෂක බකල ජයා Saturday, 29 March 2025 11:36 AM
ඒ අයගේ ෆෝන් රෙකෝඩ්ස් ගන්න. ඒ කතා කරපු අයගේ සහයෝගය නැතුව මේවා කරන්න බැහැ. ඊට පස්සේ... ඊට පස්සේ.. මේවා මෙහෙම නිකං කරන්න බැහැ... ගෙවීමක් නැතුව.
TiranSaturday, 29 March 2025 08:40 PM
සිද්ධාලේප තවරා නා ගැනීම
Perera Saturday, 29 March 2025 11:47 AM
පොලිස්පතිට පොලිස් කොස්තාපල් කෙනෙක්ගේ රැකවරණය ඉල්ලන තරමකට පහත් තත්වයකට වැටුණා එහෙනම්.
ජගත් ලියනගේ Saturday, 29 March 2025 05:43 PM
දිට්ඨධම්මවේදනීය කර්මය.