
(විමුක්ති එස් රුද්‍රිගු)
සිය පැටවුන් බේරා ගැනීමට සිංහ ධේනුවක් සමග පුදුමාකාර ධෛර්යයකිනි සටන් කරන දිවියකු පිළිබඳ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වේ. ටැන්සානියාවේ සැරන්ගෙටි ජාතික වන උද්‍යානයේදී මෙම සිදුවීම සිදුව ඇත.
දිවියා සිංහ ධේනුව සමග සටන් කරන අවස්ථාවේදී ඒ අසළට පැමිණි කාල් සහ බොබ් නැමැති සංචාරකයන් යුවළ මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම පටිගත කර ඇති අතර එය යූ ටියුබ් නාලිකාවක් වන ලේටස්ට් සයිටින්ග්හි උඩුගත කර තිබේ. එම වීඩියෝවේ පැටවුන් බේරා ගැනීම සඳහා සිය ජීවිතය පරුදුවට තබා දිවි මව සිංහ ධේනුව සපාකමින් පහර දෙන අයුරු පටිගත වී ඇති අතර දිවි මව සිංහ ධේනුවගේ කකුල සපාකන අවස්ථාවේ සිංහ ධේනුව වේදනාවෙන් පසුපසට පනින අයුරුත් ලද අවස්ථාවෙන් දිවිමව පැනයන අයුරුත් එම වීඩියෝවේ දැක්වේ.
මවකට සිය දරුවන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කළ හැකි බවට මෙය කදිම නිදසුනක් බව සත්ව විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
දිවිමව සිංහ ධේනුවත් සමග සටන් කිරීමෙන් දිවි පැටවුන්ට සැඟවීමට කාලයක් ලබාදී ඇතැයිද විශේෂඥයෝ පැවැසූහ.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවි අම්මා පැටවුන් බේරා ගන්න කළ සටන
Harsha Thursday, 14 November 2024 05:39 PM
දරුවන් වෙනුවෙන් අම්මා කෙනෙකුට කළ නොහැක්කක් නොමැත. සිංහයකු නොව ගිනි මකරෙකු සමග වුණත් සටනට යයි. මුහුදට වැටුණු පැටවුන් බේරාගැනීමට තම වලිගෙන් මහ මුහුද ඉසීමට උත්සාහ කල ලේන් අම්මගේ කතාවක් ඇත...
Perera Thursday, 14 November 2024 05:58 PM
සමහර මනුෂ්‍ය වෙසින් ඉන්න තිරිසනුන්ටත් අන්ත අම්මලාට ඔය දරු සෙනෙහස නෑ...