දේවශ්‍රී ද සිල්වා කියන කෙනාව බොහෝදෙනා හඳුනන්නේ මුලින්ම ත්‍රිමාණ ගීතය කරපු කෙනා හැටියටයි. ඊට අමතරව ඇයව බෝහෝදෙනා හඳුනන්නේ බිලී ප්‍රනාන්දුත් සමග "ආයුබෝවන් මගේ මැණිකේ" කියන ගීතය ගායනා කිරීම නිසයි. ඇගේ නවතම තොරතුරු සාරවිට අපත් සමග එක්වී ඇය මෙසේ පවසා සිටියා.
"මම මාර්තු වෙනකන් දිවයින පුරා ස්වෙච්ඡා සේවකයන් දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් සමග වැඩකටයුතු කළා. මොකද මගේ Academic Background එක තියෙන්නේ Social ID නිසා. නමුත් අපි ඒ පැත්තේ Entertainment එකක් වෙන්න Theme Song කළේ. ඒ සඳහා දැනට ඉන්න තරුණ කලාකරුවන් වන ලහිරු, උමාරියා, අශාන්ති සහ දමිළ කලාකරුවන් සහ ඉංග්‍රීසි කලාකරුවන් එක්ක ඩැඩී සංගීත කණ්ඩායම එක්ව කරනු ලැබුවා. ඉතිං ඒකට ලොකු ප්‍රතිචාරයක් හිමිවුණා."
මීට අමතරව රෙකෝඩින් වැඩවලින් අපි දැනට ජෝතිපාල මහත්මය සහ ඇන්ජලින් මහත්මියගේ යුග ගීතයක් රීමේක් කළා. ඒක එළියට තව ටික කාලයක් තියෙනවා. ඉතිං ඒ රෙකෝඩින් සඳහා දායක වුණා. තව Co-operate event සඳහා දායක වෙනවා.
"තව මගේ නිර්මාණයක් කරන්න සැලැසුම් කරගෙන ඉන්නවා මහේෂ් දෙණිපිටියත් සමග. ඒ ඇරෙන්න තව Film Awards ගීත වගයක් කරන්න ඉන්නවා. මේ ටික තමයි මේ දිනවල තොරතුරු."
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දේවශ්‍රී ගෙන් අලුත් වැඩක් ළඟදීම
තමර Friday, 22 April 2016 02:55 AM
ඔබට සුබ පැතුම්! (නි)