IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිවුල්ගනේ සඳ මඬල ගැන ගයයි

අද ඔබට සාරවිටෙන් ගෙන එන්නේද ගුවන් විදුලි නාළිකාවල නෑසෙන තවත් නැවුම් ගීයක්. ඒ තමයි කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන සඳ මඬල ගීතය.අපි ඒ පිළිබඳව එහි ගේය පද රචකයාගෙන්ම අසා සිටියෙමු.

"මේ ගීතය ගායනා කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ නම් වූ ප්‍රවීණ ගායන ශිල්පියායි.මේ ගීතය පිළිබඳ ප්‍රසාදය පළකරමින් මා දිරිගැන්වූ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ,කථිකාචාර්ය අත්තනායක එම් හේරත්,සුනිල් ආර් ගමගේ යන ජ්‍යෙෂ්ඨයන් ද සිහිපත් කළ යුතුයි.ප්‍රේමය තරම් අප හදවත් තුළ ලැගුම් ගන්නා මෙන්ම ඒ හදවතේ සියුම් නහර කොනිති ගසනා තවත් යමක් නැතැයි මට සිතෙනවා.විටක සතුටද, විටෙක වේදනාවන් අතරද මතකයන් ගලායන්නට ඉඩදී ප්‍රේමය අදටත් නිසලවම මේ හෘද සන්තානයේ ලැගුම්ගෙන ඉන්නා වග මට දැනෙනවා"මේ බණ්ඩාර බෙලිකැටිමුල්ල දැක්වූ අදහස්ය
 

20160421Karunarathne-1සඳ මඩල නුඹට දෙන්නම්
පිනි කඳුළු මම ම ගන්නම්
ප්‍රේමයේ වරද කළ
ඒ දුකත් මම ම ගන්නම්
හිනැහෙන්න නුඹට හැකිනම්

 

එක දිනක් නෑර දවසක්
සෙනෙහසේ අරුත සෙව්වත්
මට ලියාගන්න බැරි වුණ
නුඹ මහද මියුරු කවියක්

 

නුඹ නැතිව ගෙවුණු දවසක්
මට මහා දිගම නපුරක්
ජීවිතේ පුදුම ගමනක්
ප්‍රේමයත් ගැඹුරු රිදුමක් //

 

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද: බණ්ඩාර බෙලිකැටිමුල්ල
සංගීතය : දර්ශන වික්‍රමතුංග



අදහස් (0)

දිවුල්ගනේ සඳ මඬල ගැන ගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site