(සටහන සහ ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි.
මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදුකර ඇති බව කියයි.
දෙවියන්ට පොල් ඉහළ රඳවමින් දෙවියන්ගේ ආරක්ෂාව අයදිමින් වන සංහාරකයින් මෙම වනාන්තරය වනසා ඇති බව දැකගත හැකි විණි.
යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් වසර 200කට වැඩි දැවන්ත පළු ගස් කපා රහසේ රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම මෙම වනාන්තර පද්ධතියේ තිබූ වීර, බුරුත, ඇතුළු වසර සිය ගණනක ගස්ද දැව ජාවාරමට යොදා ගැනීමෙන් වනාන්තරය සියලුම ගස් යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් බිම හෙළා ඉන්පසුව මෙම දැවැන්ත පරිසරය ගිනි තබා තිබේ .
පරිසරවේදීන් පවසන්නේ මෙම දැවැන්ත වන සංහාරය පිටුපස වනාතවිල්ලුවේ ප්‍රබල ප්‍රාදේශීය දේශපාලඥයකු සිටින බවත් ඔහුට තවත් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගේද ආධාර අනුබල ලැබී ඇති බවයි.
මෙම වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට කිලෝ මිටර කිහිපයක් නුදුරින් පිහිටා තිබෙන බවත්, විල්පත්තුවේ සැරිසරන අලි ඇතුන් හා අනිකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ සැරිසැරීම නිරන්තරයෙන් සිදුවන බවත්, මේ විනාශයන් සමග වනසතුන් තවත් ගම්මාන වෙත කඩා වැදිම සිදුවීම නොවැළැක්විය හැකි බවත් පරිසරවේදීහු චෝදනා එල්ල කරති.
එසේම පරිසරවේදීන් පවසන්නේ දැනට වාර්තා වන අන්දමට මෙම වනාන්තරය වනසා දමා පසුව පිට පළාත් වල ධනවතුන්ට මෙම ඉඩම් රහසේ විකිණීම සඳහා ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවයි.
එමනිසා අදාල වගකිව යුතු පාර්ශව මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට පරිසරවේදීහු බලකර සිටිති.
මේ පිළිබඳව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ තමන්ටද මේ වනවිට මෙම දැවැන්ත වන විනාශය වාර්තා වු බවත් ඒ සම්බන්ධ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාල කටයුතු කරමින් සිටින බවත්ය.
එසේම ඔහු පවසා සිටියේ මෙම ඉඩම් රජයේ වනාන්තරද, එසේ නැතිනම් සිමෙන්ති සංස්ථාවට 1960 දශකයේ ලබාදුන් අක්කර 6000කට ආසන්න වනාන්තර පද්ධතියේ ඒවාද යන්න සොයා බැලිමට කටයුතු කරන බවයි.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දෙවියන්ට පොල් තියා වනාතවිල්ලුවේ වනයත් වනසති
Pathum Saturday, 05 September 2020 02:01 PM
හොඳ වැඩක්...
Pathum Saturday, 05 September 2020 02:01 PM
හොඳ වැඩක්...
banda Saturday, 05 September 2020 02:25 PM
අනේ ඕවා වැඩක් නැහැ. අපි හම්බ කරගත්තොත් අපි කනවා.
Rehan Saturday, 05 September 2020 03:00 PM
කෝ දැන් බදූර්දීන්ට බැනපු අය...? ආනේ සමාවෙන්න එයාලා දැන් මන්ත්‍රී පුටුවට ගහගන්නවනේ.. කවුරු කළත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ.. මේ වගේ වැරැදි කරන අය ප්‍රසිද්ධියේ අල්ලලා දඬුවම් දෙන්න ඕනේ. ප්‍රාදේශීය දේශපාලනඥයාගේ නමගම හෙළිකරලා ඔහුගේ සියලු දේපල, මුදල් රාජසන්තක කරලා ඒ මුදල්වලින් නැවත මේවා ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ..
Chamila Saturday, 05 September 2020 03:16 PM
2/3 තියෙනවානේ... ඉතින් මොකටද කාටවත් බයවෙන්නේ...?
chandra wansha Saturday, 05 September 2020 03:36 PM
ගෝඨාභය මහත්තයා මොකද කරන්නේ?
නවරත්න Saturday, 05 September 2020 03:44 PM
ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා නම් මෙහෙම වෙන්නේ නෑ. සිරිසේන ජනාධිපතිතුමාට මේ වගේ අගයක් නෑනේ.
Jnpkh Saturday, 05 September 2020 04:02 PM
කෝ යහපාලන ආණ්ඩුවේ විල්පත්තුව ගැන හොයපු පරයින් මේවත් හොයපල්ලකෝ.. ඇයි මේක රාජපක්ෂ ආණ්ඩුව හින්දා කටවල් වල මුකුත් දාගෙනද දන්නෑ..
Pradeep Saturday, 05 September 2020 05:16 PM
අවසාන ගසත් කපා දැමූ පසු, අවසාන සත්වයාත් මරා දැමූපසු මිනිසා වටහා ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව. අනේ මිනිසුනේ මේ වනසා දමන්නේ ඔබේත්, මගේත් දරුවන්ගේ උරුමය නේද? අනාගත පරපුරේ ශාපයෙන් ඔබලාට ගැලවීමට හැකිවේවිද..?
මෝ Saturday, 05 September 2020 06:21 PM
මේ අහන දේවල් සියල්ලම ඔබේ සෞභාග්‍යයේ දැක්මට විරුද්ධයි. මේ පරිසර විනාශයන් සහ පුරාවස්තු විනාශයන් ගැන ඔබතුමා නිහඬව සිටීම ලොකු ප්‍රශ්නාර්ථයක් ජනපතිතුමනි...
සනත් Saturday, 05 September 2020 07:02 PM
2025 වෙනකොට දැනට 16%ක් විතර තියෙන වනගහනය 8%ක් විතර අඩුවෙයි...
Perera Saturday, 05 September 2020 07:29 PM
කැලෑවල් කපන්නේ නැතිව රට සංවර්ධනය කරන්න බැරි බව රටේ ඉන්න 69 ලක්ෂයක් ජනතාව දන්නවා. ටික දෙනයි ඒ බව දන්නේ නැත්තේ...
sharm warnTuesday, 08 September 2020 04:56 AM
ඔන්න උත්තරේ ආවා එලියට... අර වතුර පොදක් නැති එළුවන්කුලමේ මිනිස්සුන්ට තියෙන්නේ ඔය ගහකොටවල හෙවන විතරයි.
බද්රානි Saturday, 05 September 2020 07:54 PM
නියමයි! රටේ බුද්ධිමත් ජනතාව පත්කළ දේශප්‍රේමී ප්‍රබුද්ධ පාලකයින්ට මගේ ගෞරවනීය උත්තමාචාරය!! මේ රටට සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී.. අර ඇමරිකන් කාරයෝ කපාගෙන, ඇමරිකාවට අරගෙන යන්න හිටපු ගස් ටික වෙන්න ඇති අපේ අය කපාගෙන තියෙන්නේ. ඉතින් කාටද ආඩම්බර? සමහරක් ආඩම්බර වැඩි කමටද මන්දා.. මේ දවස්වල වැඩි කතා බහකුත් නැහැ.
Lal Sunday, 06 September 2020 12:31 AM
දෙවියනි ඔබ කොහිද? කාගෙ පැත්තෙද?
sadis Sunday, 06 September 2020 02:18 AM
දෙවියන්ට පොල් ගසා දේශපාලකයින්ට ගල් නොගැසීමේ විපාක...
pj Sunday, 06 September 2020 02:56 AM
ඕවා බොරු ගොතපු කථා. අපේ ජනපති ඕවට ඉඩ තබන කෙනෙක් නොවේ. එයා කතරගම දෙවියෝ වගේ වටේම පෙනෙන කෙනෙක්.
Nimal Sunday, 06 September 2020 09:50 AM
සොබාදහම විනාශ කරන්න කවුරුවුණත් ගැලවීමක් නැත. කුමන ආත්මයකදී හෝ එහි විපාක සොබාදහමෙන්ම ලැබෙනු නියතයි.
mohomed Sunday, 06 September 2020 01:08 PM
මේ දේශපාලකයන්ට මොන යකෙක් වැහිලද? දේශපාලකයින් තෝරාපත්කරගත්තේ මෙහෙම විනාශයක් දකින්න නම් පතපු වෙනස සැපයි..
බද්රානි Monday, 07 September 2020 08:21 AM
කැලේ ගිනිතියලා ගස් කපන එක නම් එච්චර ගණන් ගත යුතු කාරණාවක් නෙමෙයි. එ්ත්, මේ දවස්වල අපේ ලියන මහත්තුරුන්ට මල බද්ධය සහිත වයිරස් රෝගී තත්වය ගැන තමයි මට තියන ගැටලුව. සමහරවිට, අර කැලෑ ගින්නේ සුන්දරත්වය විඳලද දන්නේ නැහැ නේද?
sharm warn Monday, 07 September 2020 11:36 AM
ආ... දෙයියන්ට පොල් තියලනේ.. එහෙනම් ඉතින් මොකෝ? දෙයියෝ බලන්නේ නැතුව ඇති කැලෑපාලුවන්ව. අපිට මොනවා වුණාම මොකද?
Bishan Monday, 07 September 2020 06:37 PM
රට කන්නම ආපු බමුණෝ ටිකක්. බමුණුආරච්චිලා ඡන්දේ දෙන්නෙම මේ අයටනේ...
Kuma Tuesday, 08 September 2020 02:46 AM
සර් තාම මේවා දන්නේ නැතිව ඇති. අරයා වගේ මෙයා පත්තර බලන කෙනෙකුත් නෙවෙයි.
Bamunuarachchi Tuesday, 08 September 2020 04:52 AM
දෙවියන්ට පොල් තියලා, රජයට පොලු තියලා ප්‍රාෙද්ශීය කාරයෝ කැලෑ කපනවා. මේ ඔක්කොම සිද්ද වෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ... මොකද පුත්තලමට ඔක්සිජන් ඕනේ නැහැ කියන බූරුවන් ඉන්න නිසා...