(යොහාන් භාසුර)
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (26) පත්වීම් ලැබීය.
එයට අදාල පත්වීම් ලිපිය දිලිත් ජයවීර මහතා අතින් දිලුම් අමුණුගම මහතා කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී අද ලබාගත්තේය.
දිලුම් අමුණුගම මහතා 2020 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයයි. අමුණුගම මහතා එහිදී මනාප ඡන්ද 171,758 ක් ලබාගත්තේය.
දිලුම් අමුණුගම මහතා පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළේය.
එම පත්වීම් ලිපිය පිරිනැමීමෙන් පසුව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේ දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරය භාරගැනීම එම පක්‍ෂයේ වැදගත් සංධිස්ථානයක් බවය.
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස රජයේ ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහන ඉ
තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දිලුම් දිලිත්ට හේත්තු වෙයි
අරවින්ද මොනරවිල Thursday, 26 September 2024 03:42 PM
ගංජා පවුලට තවත් සමාජිකයෙක් එකතු වුණා, එච්චරයි...!
sohan Thursday, 26 September 2024 03:49 PM
රොටි දිලිත් සමග රොටි දිලුම්...!
Sherin Ibrahim Thursday, 26 September 2024 04:43 PM
ගංවතුර ආපුවාම පිදුරු ගහෙත් එල්ලෙනවා. දැන් දිලුම්ගේ වෛරය රනිල් ඉවරයි. මාර පොරවල්නේ...
Susa Thursday, 26 September 2024 05:04 PM
හොරුන් සමග නෑ කියලා දැන් මොකෙක්වද ගත්තේ? ලැබුණු ඡන්ද ටිකත් නැතුව ඉන්න වැඩක්...!
ගමේ එකාලා Thursday, 26 September 2024 05:09 PM
නයි නාළිකාවෙන් ඉස්සරහට වැඩ පෙන්වන්න බැරියැ?
ranjith Thursday, 26 September 2024 06:10 PM
රන්ජන් කිව්වා වගේ අන්තිමට ... ‘‘මේ ඔක්කොම යාළුවො මල්ලි‘‘ ඇත්ත වේවි. ඡන්දෙ දෙන මිනිස්සු තම අන්තිමට තල්ලුවෙලා යන්නේ...!
de silva Thursday, 26 September 2024 06:30 PM
ඇන්ටිජන් හොරාට තව හොරෙක් සෙට් වුණා...
Buddika Thursday, 26 September 2024 06:38 PM
අයියෝ කාට කියන්නද මේවා.? රාජපක්ෂට ඇතිවෙන්න කඩේ ගිහින් කොන්දේසි විරහිතව කුණු හෝදපු දිලුත්ට දිලුම් සෙට් වෙලා. වෙනසක් නෑ. ඔක්කොම නොවැම්බර් ගෙදරම තමයි. කරපු දේවල් මොවුන්ට අමතක වුණාට රටට මතකයි..!
R.T.sarath Friday, 27 September 2024 12:03 AM
ඔක්කොම හොරු , ඔක්කොම යාලුවෝ මල්ලි , හොරු වෙනුවෙන් හොරු.
Perera Friday, 27 September 2024 12:51 AM
තමුන්ගේ පැවැත්ම මිසක් දිලුම්ගේ රටට සුබවාදී කිසිම ප්‍රතිපත්තියක් නැහැ.
සෙනෙවිරත්න Friday, 27 September 2024 06:50 AM
අනේ හිනාවෙලා මගේ සරමේ පස්සත් ඉරුණා, මේවා තමයි මැතිවරණ විහිළු...!
ගමේ පොරක් Friday, 27 September 2024 06:55 AM
මේ යකා බීලද ඉන්නෙ? අපේ ගමේ නිතරම බීලා ඉන්න පොරක් ඉන්නවා ඇස් රතුවෙච්ච කටහඬ මේ වගේමයි.