වසර 3 ට අඩු දරුවන්ට ඝන ආහාර ද්‍රව්‍ය ලබා දි ඒවා ස්වසන මාර්ගයේ සිරවිමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් එම ආහාර පෙනහැලි වල සිරවිම නිසා ආහාර වල ඇති රසායනික ද්‍රව්‍යයන් පෙනහැලි තුල ප්‍රතික්‍රියා කිරීමෙන් ජීවිත කාලයටම බලපාන පරිදි හානි සිදුවිය හැකි බව පේරාදෙණිය සිරිමාවෝ බන්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ උගුර,කණ.නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර බණඩාර ඇතුල්ගම මහතා පවසයි.
වෙලම්බඩ ප්‍රදේශයේ වයස අවුරුදු 1 යි මාස 7 ක් පමණ වන බිලිඳකුගේ ස්වසන මාර්ගයේ රටකජු ඇටයක් සිරවී සතියක කාලයක් පමණ ස්වසන මාර්ගයේ තිබිම නිසා අසාධ්‍යව ළමා රෝහලට ගෙන ආ පසු එය ඉවත් කළ වෛද්‍ය ඇතුල්ගම මහතා එසේ අදහස් පළ කළේය.
ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකයට අමතරව වෙනත් පර්යන්ත රෝහල් වලින් ඝන ද්‍රව්‍ය ස්වසන මාර්ගයේ සිරවිම නිසා ප්‍රතිකාර ලබා ගැනිමට කුඩා දරුවන් 5 ක් 10 ක් අතර ප්‍රමාණයක් මසකට එන බවත් එසේ පැමිණෙන දරුවන් රෝහලේ ඇති නවීන උපකරණ යොදා ගනිමින් ප්‍රතිකාර කළ හැකි මුත් ඇතැම් දරුවන් නිවසේදීම මිය යන අවස්ථාද ඇති බව ඔහු කීවේය.
වයස 3 ක පමණ කුඩා දරුවන්ගේ මුඛයේ හක්ක ප්‍රදේශයේ දත් වැඩිහිටියන් මෙන් නොවැඩි තිබිම නිසා ඝන ආහාර ද්‍රව්‍ය (කඩල රටකජු ) හක්කේ ඇති දත් වලින් අඹරා ගැනිම කළ නොහැකි නිසා ඉදිරි පස දත් වලින් සපා අපහසුවෙන් ගිලිමට උත්සාහ දරන අවස්ථාවේදී ස්වසන මාර්ගයට මෙම ඝන ආහාර යා හැකි බවත් එලසම දරුවන්ට සෙල්ලම් කිරිමට දෙන බයියිකල් වල රේසර් බෝල , ඔර්ලෝසු බැටරි , විදුලි සෙල්ලම් බඩු වල බැටරි හා සෙල්ලම් බඩු වල කොටස් මුඛයේ දමා සැපිමද දත් වන අවධියේ ළමුන්ට නොදනුවත්වම ස්වසන මාර්ගයට ගොස් ඉතාමත් භයානක ප්‍රතිඵල ඇතිවිමට හේතු වන බවත් වෛද්‍ය ඇතුල්ගම මහතා පවසයි.
‘දරුවන්ට එවැනි ඝන ආහාර ටිකක් භාජනයකට දමා දි වෙනත් වැඩක යෙදෙන විට දරුවන් ඒවා සිර කර ගැනිමෙන් හුස්ම සිරවීම නිසා භයානක තත්වයන් උදා විය හැකි බවත් කුඩා දරුවන්ට කඩල වැනි ඝන ආහාර ද්‍රව්‍ය දීමේදී ඒවා තලපයක් ලෙස සකසා දීමෙන් මෙවන් භයානක තත්වයන් වලින් මිදිය හැකි බවත් ඇතුල්ගම මහතා සඳහන් කළේය.
ඝන ආහාර ද්‍රව්‍ය සිරවිමක් වුවහොත් එය ඉවත් කිරිම සදහා නොයෙකුත් ක්‍රම අනුගමනයද හානි දායකය. යමක් මුඛයේ සිරවීමක් සිදුවුවහොත් ඇගිලි දමා ඉවත් කිරිමට යාමද අවදානම්ය. ළඟම ඇති රෝහලකට රෝගි දරුවා ඉතා ඉක්මනින් ගෙන යා යුතු අතර යම් ප්‍රථමාධාර ද ලබා දිය යුතුය. ගර්භනි කාල සමයේදි මව සමග ඉතාමත් ළගින්ම මනා සේවයක් ලබා දෙන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හරහා මෙම ප්‍රථමාධාර ක්‍රම ගැන දැනුමක් ලබා දිම වඩාත් යෝග්‍යයි.‘
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
‘දරුවන්ට කඩල, රටකජු දෙන්නේ බලාගෙනයි‘