IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා සහ නිළිය සමග

2016-05-20-ENT-18මෙවර හතරවැනි වතාවටත් පැවැත්වූ දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේදී ජනප‍්‍රියම නිළිය සහ ජනප‍්‍රියම නළුවා ලෙස සම්මාන ලැබුවේ දිනක්ෂි ප‍්‍රියසාද් සහ හේමාල් රණසිංහයි. ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානයට අමතරව හේමාල් හට ජූරියේ විශේෂිත ඇගැයීමකට අනුව වූ සම්මානයකුත් හිමිවුණා.

 

දිනක්ෂි තමන්ට ලැබුණු ජනප‍්‍රිය නිළියට හිමි සම්මානය ගැන හිතන විදිය ගැන කිව්වේ මේ විදියටයි.

 

ඇත්තටම මේ සම්මානය ලැබීම හරිම සතුටට කරුණක්. ඇත්තටම මට ඒ සම්මානය ලැබේවි කියලා හිතුවේ නැහැ. මොකද ඒ වසරේ මම රඟපාලා තිබුණේ එක චිත‍්‍රපටයක විතරයි. චන්ද්‍රරත්නම් මහත්මයාගේ ”මේ වගේ ආදරයක්” චිත‍්‍රපටය විතරයි තිරගත වුණේ. ඉතින් වෙනත් තිරගත වූ චිත‍්‍රපටවල රඟපෑ ශිල්පිණියන් අට දෙනකු විතර මේ සම්මානයට නොමිනේට් වෙලා තිබුණා. යශෝධා, සබීතා, සේමිනි, පබෝදා, උදාරි පෙරේරා, අනසූයා, අනුෂා, ශේෂාදි‍්‍ර යන ශිල්පිණියන් ඊට ඇතුළත් වුණා. ඉතින් ඇත්තටම මේක මම නොසිතූ අවස්ථාවක් වුණා.

 

2016-05-17-ent-43උළෙලට සහභාගි වීමට යද්දි, සම්මාන සිහිනය හිතේ දරාගෙන නෙවෙයිද ගියේ?

කොහෙත්ම නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම උළෙලකට සහභාගි වීම මගේ සිරිතක්. අපි රඟපෑ දේ නොතිබුණත්, සම්මාන උළෙලකට සහභාගි වීම වැදගත් කියලා තමයි අපේ තාත්තා අපිට කියලා තියෙන්නෙ. එදා තාත්තාට සම්මාන පිරිනැමීම සඳහා වූ අවස්ථාවකට සහභාගි වීමට තිබුණා. මාත් අම්මාත් ඒ නිසා තාත්තා එක්ක ගියා. ඉතින් මේ සම්මානය ලැබීම මට ලොකු සතුටක් ගෙන දුන්නෙ.

 

මෙවර ජනප‍්‍රියම නළුවා වූ හේමාල් ගැන ඔබ හිතන්නේ කොහොමද?

ඇත්තම කිව්වොත් ඔහුට මේ සම්මානය ලැබෙන්න තිබුණේ මීටත් කලින් බව මගේ හැඟීමයි.

 

ඔබ ”හේමාල්” එක්ක රඟපාලා තියෙනවද?

Zoom කියන තිරගත වීමට නියමිත චිත‍්‍රපටයේ, මායි - ශේෂාද්‍රියි දෙන්නම රඟපෑවා. ඊට පෙර අභිෂේකා විමලවීර අක්කගෙ මියුසික් වීඩියෝවක් වෙනුවෙන් පෙනී සිටියා.

 

”හේමාල්” මොන වගේ කෙනෙක් කියලද හිතන්නෙ?

මම බාහිරව ක්ෂේත‍්‍රයේදී දකින විදියට වෘත්තීය නළුවකු සතු සියලූ ගුණාංග සහිත කෙනෙක්. එයා, නමුත් දායක වන දේට උපරිමව කැපවන බව පෙනෙනවා. රඟපෑම වෙනුවෙන් නිශ්චිත දැක්මක්, කැපවීමක් අනුව යන කෙනෙක් විදියටයි මම දකින්නේ.

 

ඔහු මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබ වඩා කැමති චරිතය ගැන කිව්වොත්?

මට හිතෙන විදියට තිරගත වූ ඒවා අතරින් ”ප‍්‍රවේගය” චරිතයට කැමතියි. නමුත් ”ආදරණීය කතාවක්” චිත‍්‍රපටයේ ටේ‍්‍රලර් එක මම දැක්කා. මම හිතන විදියට ඒ චරිතය වඩා ප‍්‍රබල වේවි. ඒක මගේ පුද්ගලික දැක්මයි. ඊට අමතරව එයා මොන චරිතය කළත් එදා ගාමිණී ෆොන්සේකා මහත්මයා, විජය කුමාරණතුංග මහත්මයා වගේ එදා සුපිරි තරු වගේ ආකර්ශණයක් තියෙන ශිල්පියෙක් තමයි හේමාල්.

 

දිනක්ෂි කියූ ඒ අදහස ගැන හේමාල් හිතන්නෙ කොහොමද?

ඒ ගැන හේමාල් කිව්වෙ මෙන්න මේ විදියටයි.

සහෝදර ශිල්පිණිය දිනක්ෂි කියූ ඒ සුපිරි නම් අතරට අයත් වන තවත් සුපිරි චරිත අපේ සිනමා ඉතිහාසයේ තියෙනව. ඒ තරු අතරට ගෙනැල්ලා මාව අගය කිරීම ගැන ඇයට ස්තූතිවන්ත වෙනවා. නමුත්, පුද්ගලිකව මට මා දකින විදියට මම තවම ඒ සුපිරි තරු අහලකටවත් ලංවෙලා නැහැ. එච්චර ලොකු චරිත අතරට යාමට තවම මම මුහුකුරා ගිහින් නැහැ. මේ රංගන විෂය කියන්නෙ ලොකු පරාසයක්. ඒ තැන්වලට යාමට මුහුකුරා යා යුතුයි. තවම මම සිටින්නේ මුල්ම අදියරේ. අද මට තිබෙන ලොකුම හීනය වන්නෙ, ආදරණීය ජනතාව අපෙන් බලාපොරොත්තු වන වින්දනය සහ රසාස්වාදය ලබාදීම සහ ඔවුන් පිනවීම සඳහා කැපවීමයි. ඉතින් තිරගත වන ”ආදරණීය කතාවක්” නරඹා අපට අදහස් දක්වනවා නම්, එවැනි දේ ඉදිරි ගමනට ලොකු ආශිර්වාදයක් වේවි. 

 

සඳුන් ගමගේ

 

2016-05-17-ent-39
2016-05-20-ENT-16
 



අදහස් (0)

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා සහ නිළිය සමග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site