IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දුරකතන කුලුනේ බැටරි ගැලවූ තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට

( සුමිත් පොතුපිටිය )

කළුතර ටෙලිකොම් කුළුණේ බැටරි ගැලවූ බව කියන ටෙලිකොම් ආයතනයේම තාක්ෂණ ශිල්පියෙකු සහ රිය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

ටෙලිකොම් ආයතනයේම උසස් නිලධාරියෙකු විසින් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු සොරාගත් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් බැටරිද පොලිස් භාරයට ගෙන තිබේ.

විදුලි විසන්ධි වීමෙන් පසු ටෙලිකොම් කුළුණේ සංඥා පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවට කොළඹ පාලක මැදිරියෙන් කළ දැනුම් දීමකින් පසු කළුතර ඉංජිනේරුවන් විසින් සොයා බැලීමේදී බැටරි ගලවා ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 

 

 



අදහස් (1)

දුරකතන කුලුනේ බැටරි ගැලවූ තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට

Jayathilaka Sunday, 10 November 2024 12:12 PM

ඔය කියන කට්ටිය තරම් මොළයක් තියෙන තවත් පිරිසක් නැතුව ඇති. ඉස්සර අපේ දුරකථනය නිතර නිතරම විසංධි වුණා. ඒ ගැන පැමිණිළි කළාම බැටරි දෝෂයක් නිසා ඔහොම වෙනවා කියලා 2019 ට පෙර ෆයිබර් ලයින් ගන්න කිව්වා. ඒක මර උගුලක් කියලා තේරුනේ ගත්තාට පස්සේ තමයි... ෆයිබර් ලයින් විදුලිය විසංධි වුණු වේලාවට වැඩ කරන්නේ නැහැ. ඒක ඇහුවාම කියනවා ඒකට දහස් ගණනක් වියදම් කර බැටරියක් ගන්න කියලා.. ඊළඟට ෆයිබර් ලයින් ගත්තට පස්සේ අපේ නිවසේ තිබුණු රැහැන් ගලවා ගෙන ගියා. අනෙක් අයගේ තවමත් තියෙනවා... ඒකත් මොකක් හෝ හොරකමක් කියලා හිතෙනවා. ඇත්තටම දුරකථන අත්‍යාවශ්‍යම වුණත් එමගින් විවිධා කාරයෙන් සූරාකෑම තමයි ඉවසන්න බැරි උදාහරණයක් හැටියට මොබිටෙල් ජංගම දුරකථන හරහා දිනකට දෙතුන්වරක් විවිධ පහසුකම් දෙනවා ගන්න කියලා ගැහැණියක් බෙරිහන් දෙන වාදනයක් ලැබෙනවා හරිම කරදරයක් තමයි...

:       1       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site