රංගිරි දඹුල්ල සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉවත් කෙරෙන පවුල්වලට රජයෙන් ඉඩම් ලබා නොදෙන නිසා හඳුනාගත් පවුල් 33 කට රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය සතු ඉඩම් සංවර්ධනය කැර බෙදා දීමට තීරණය කළ බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ පවසති.
වසර 30 ක් මේ ජනතාව රජයෙන් ඉඩම් ලබා දෙන තුරු සිටි බවත් එය නොවු තැනදී ජාති භේදයකින් තොරව ඉඩම් ලබා දීමටත් ඔවුන්ට නිවාස ඉදි කැර දීමටත් දඹුල්ල සංවර්ධන පදනමේ අවධානය යොමු වු බව මහනා හිමියෝ කියති.
දඹුල්ල පුජා භූමි සංවර්ධන වැඩසටහන යටතේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම සියලු ඉඩම් දඹුල්ල නාගරික ප්‍රදේශයෙන් පිරි නමන බව මහ නා හිමියෝ පවසති.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දඹුලු මහ නා හිමියෝ ලොකු පිංකමක් කරති
රත්නසිරි Wednesday, 05 March 2014 06:25 PM
ආරාමයකට අයත් ඉඩ කඩම් සඝ සතු කොට පවරාදුන් පසු කිසිවෙකුට නැවත තම බූදලයක් ලෙස බෙදා දීමට නොහැකිය. අනාගතයේදී අන්‍ය ආගමිකයන්ගේ බලාපොරොත්තුව බෞද්ධ සිද්ධස්තාන විනාශ කීරීම.(නදී)
දයා අලහාකෝන් Wednesday, 05 March 2014 06:34 PM
ඔන්න බලන්න බුදුදහම බබලන ආකාරය. හාමුදුරුවනේ ඔබට නිරෝගී සුව.(නදී)
ටෙනිසන් Wednesday, 05 March 2014 06:46 PM
මෙතෙක් කල් ගමෙන් පන්සලට. ඔය දැන් පන්සලෙනුත් ගමට තියෙන්නේ. ඒකත් ජාති ආගම් බේදයකින් තොරව.අනේ සාදු සාදු! (නදී)
නදිත ගුණසේකර Thursday, 06 March 2014 04:17 AM
හොද වැඩක් (දිල්)
සමන් Thursday, 06 March 2014 06:07 AM
පින්සිද්ද වෙනවා (අ)
ඉලුක්පිටියේ පංඥාසාර Thursday, 06 March 2014 10:50 AM
ඉතාම ආදර්ශමත් වැදගත් ක්‍රියාවක්. මම හිතන්නේ අපේ ලංකාවේ ඉන්න ලොකු ධනවත් පන්සල්වල හිමිවරු මේ ගැන හිතාවි කියලා. අපේ නායක හිමියන්ගේ මෙම ක්‍රියාවට ආශීර්වාද කරනවා. තව තවත් මෙවන් හිමිවරු පහල වේවා. (නදී)
ඩේවිඩ් වූඩ් Wednesday, 05 March 2014 04:28 PM
තවත් මුහුදු මහා විහාරයක් වෙයිද? (නදී)