IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිඹුල මාධ්‍යවේදියාට කොරෝනා නෑ

 ( රංජිත් රාජපක්ෂ)

පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ හැටන් දිඹුල ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බව දික්ඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසීය.
 
කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇතැයි මතුවූ සැකයක් හේතුවෙන් එම ප්‍රාදේශීය මාධ්‍යවේදියා පසුගියදා දික්ඔය මූලික රෝහලට ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගෙන තිබුණි.
 
මේ නිසා ඔහුත්, ඔහුගේ නිවසේ සිටි දෙදෙනෙකුත් පදිංචි නිවසේම දින 14ක ස්වයං නිරෝධායනයකට යොමුකිරීමට කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ දිඹුල පොලිස් නිලධාරිහු කටයුතු කළහ.
 
පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව එම ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ නිසා ඔහුත්, ඔහු ඇසුරු කළ අනෙක් දෙදෙනාත් ස්වයං නිරෝධායන කටයුතු වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් කටයුතු කර තිබේ. 

(ඡායාරූප - ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)



අදහස් (4)

දිඹුල මාධ්‍යවේදියාට කොරෝනා නෑ

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 June 2020 09:39 AM

මේ සිද්ධියට අදාළ පුවතේදී නිරෝධායන නීති කඩපු අයගේ සායම හෝදලා යැව්වා. එහෙම කළේත්, වැරැදි කරපු නිසානේ. එහෙම නේද?

:       8       78

මහසෙන් Thursday, 04 June 2020 09:47 AM

කොහොමත් සඳුදායින් පස්⁣සේ කොරෝනා අසාදිතයින් බාහිර සමාජයේ නැහැ.. ඔක්කොම අර රණවිරුවන්ගේ පිටින්..

:       29       96

de silva Thursday, 04 June 2020 10:18 AM

මහසෙන් මහත්මයා, සාමාන්‍යයෙන් රණවිරුවා ලෙස හඳුන්වනු ලබන්නේ යම්කිසි මෙහෙයුමකට සහභාගි වෙලා දක්ෂකම් දක්වලා වීරපදක්කමක් ලැබූ පුද්ගලයෙක්... සෑම සොල්දාදුවෙකුම රණවිරුවෙකු ලෙස හඳුන්වන්න බැහැ. යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. සොල්දාදුවෙකු අවුරුදු 22ක සේවා කාලයකට පසු පැන්ෂන් යනවා. දැනට හමුදාවේ සේවය කරන සාමාන්‍ය සොල්දාදුවන්ගෙන් යුද්ධයට සහභාගි වෙලා තිබෙන්නේ 30% කටත් අඩු ප්‍රමාණයක්...

:       0       106

Kuma Thursday, 04 June 2020 02:17 PM

ඒකනේ. මම බැලුවා එහෙම වෙන්න බෑනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site