
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී ගබඩාවල මස් තොග ගබඩා කරමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා තිබූ ගබඩා කර තිබූ මස් තොගයක් ඝාතනයට සූදානම් කර තිබූ ගවයන් හතර දෙනෙක් සහ එම ව්‍යාපාරිකයා අද( 04 ) සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දඹුල්ල පොලිසිය කියයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි නිලධාරීන් දින ගණනාවක් ඉතා සූක්ෂම ලෙස තොරතුරු පිළිබඳව ගවේෂණය කොට දඹුල්ල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එක්ව අද අලුයම හතරේ සිට මෙම වැටලීම සිදුකොට තිබේ.
දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් බා දී ඇති ගව මස් මඩුවකට ලබා දී ඇති බලපත්‍ර හිමි ආයතනයක මෙම මහා පරිමාණය හරක් මස් ජාවාරම ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළේය.
එම ස්ථානය පරික්ෂා කර බැලීමේදී මස් අලෙවි මඩුවට ආසන්නයේම වී ගබඩාවක් තුළ අධි ශීතකරන රැසක ඇසුරුම් කරන ලද ගව මස් කිලෝ තුන්දහසකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව දඹුල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දඹුල්ලේ හොර හරක් ජාවාරමක් වටලයි
ජිල්බු Friday, 04 October 2024 05:09 PM
එහෙ පොලිසිය හරි පව්. මේක අවුරුදු ගානක් කරලත් දැනගෙන ඉඳලා නෑනේ. තමන්ගේ පාඩුවේ අහක බලාගෙන ඉඳලා තියෙන්නේ. පව්ම පව්...!
sam Saturday, 05 October 2024 02:10 PM
අනිවාර්යයෙන්ම පොලිසියේ අයත් මේකෙන් පිනට මස් ගෙනියන්න ඇති. මේවගේ අය තමයි ඔය එක එක ලෙඩ හැදිලා දුක් විඳවන්නේ.