
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි වශයෙන් එළවලු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම අඩු වී තිබෙන බවත් වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවී ඇත්තේ එළවලු පරිභෝජනය කරන ප්‍රමාණපහළ යෑම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දෙති.
එළවලු අලෙවි නොවී දිනගණන් තිබී විනාශ වන නිසාත් එළවලු ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බව වෙළෙන්දෝ කියති.
අමු මිරිස් ,වම්බටු , තක්කාලි ,කැකිරි ආදී එළවලු වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් ,ලිස් ,ගෝවා බොහොමයක් අලෙවි විම රුපියල් 50 ත් 100 ත් අතර මිල ගණන් යටතේ බවත් බොහෝ දුරට අලෙවි නොවී දිනක් පසුවීමත් සමග විනාශ වන බව ගොවීහු පෙන්වා දෙති.
නිෂ්පාදන වියදම ඉතා ඉහල බවත් නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවය ගොවින් මෙන්ම වෙළෙන්දෝ ද පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහත පරිදි වේ.
තක්කාලි 160- 200
වම්බටු 80-100
කැරට් 50-70
බෝංචි 150 -200
මාළු මිරිස් 240-300
අමුමිරිස් 250-300
කැකිරි 25-30
පිපිඤ්ඤා 25-30
වට්ටක්කා 80-100
මෑ කරල් 100-120
ගෝවා 50-70
ලීක්ස් 140-160

2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දඹුල්ලේ එළවලු මිල බැහැලා
රම්බොඩ Friday, 25 October 2024 10:18 AM
ආර්ථික මධ්‍යස්ථානවලට එන එළවළු තොග රට පුරා ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙලක් සාර්ථකව කරනතුරු, ගොවියාත් පාරිභෝගිකයත් වාසි ලබන්නේ නෑ. මෙතැන තියෙන්නෙත් හාල්, බිත්තර, පොල් වගේම මාෆියාවක්...!
Dolapihille gedara Nirasha madumaleFriday, 25 October 2024 06:10 PM
අනේ මන්දා අපි නැහීගෙන එළවළු හදනවා අතේ තියෙන සල්ලි ටිකත් ඉවරයි.. ඒ විතරක් නොවෙයි.. පුදුුම මහන්සියෙන් වැඩ ටික කරන්නේ මේවාට නිසි වැඩපිළිවෙළක් කවුද හදන්නේ...!
හේවාවිතාරණ Saturday, 26 October 2024 10:43 PM
එළවළු හදන්නෙත් නුවරඑළියේ .ඒ උනාට වලපනේ නිල්දණ්ඩාහින්නෙ එළවළු ගිනි ගණන්. හැම එකකම 250 g ක් රු:65-75 අතර ගාණක්.