IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දඹුල්ලට එළවළු ගඟක්

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  අද(26)  අලුයම වන විට කිලෝ ලක්‍ෂ පනහකට අධික එළවළු තොග ලැබීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය සහ ප්‍රධාන ඒ නවය මාර්ග සියල්ල ම වාහනවලින් පිරී ඉතිරී ගියේය.

මේ හේතුවෙන් පාන්දර  හතරේ සිට දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගය  ඒ නමය ප්‍රධාන මාර්ගය   ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දී  දැඩි තදබදයක් මෙන්ම  රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබිණි .

එළවළු ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුවද එළවළු මිල   එතරම් අඩුවක් දක්නට නොමැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

දිනපතාම එළවළු අලෙවිකර ගැනීම සඳහා  පැමිණෙද්දී ගොවීන් මෙන්ම එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ද කිසිදු සැලැස්මක් නොමැති නිසා අසීරුතාවයකට පත්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

වීශාල එළවළු ප්‍රමාණයක් ලැබුණද   මෙම එළවළු මහජනතාවගේ පරිභෝජනයට යනවාට වඩා විශාල ප්‍රමාණයක් අපතේ යෑම සිදුවනු ලබන්නේ ආර්ථික මධ්‍යස්ථානය තුළ සහ ප්‍රධාන මාර්ගයේ කිසිදු රථවාහන සැලැස්මක් නොමැතිවීම නිසාවෙන් බව ගොවීහු පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවියෙකු දැඩි සිත් වේදනාවෙන් යුතුව කියා සිටියේ  කරුමයකට ගොවියෙකු වූ බවය, කිසිදු ආත්ම භවයක ගොවියකුගේ බල්ලෙක් වෙලා හෝ උපදින්නට එපා යැයි තමන් ප්‍රාර්ථනා කරන බව ඔහු දැඩි සිත් වේදනාවෙන් යුතුව කියා සිටියේ ගොවි ජනතාවට අත්ව තිබෙන මෙම අභාග්‍යසම්පන්න ඉරණම පිළිබඳව අවබෝධ කර දෙමිනි.

එළවළු බීජ සහ අනිකුත් ද්‍රව්‍ය මිල ඉහළ යෑම වන සතුන්ගේ හානිය එළවළු මිල තීරණය කරගැනීමට නොහැකි අයිතිය  තමන් දරුවන් වගේ නිෂ්පාදනය කර රැගෙන එන එළවළුව මහජනතාවට පරිභෝජනය කරගැනීමට නොහැකිව විනාශ වීම ආදී සිද්ධීන් වලට තවමත් කිසිදු කෙනෙකුගේ අවධානයක් යොමු වී නැති බවද ගොවි මහතා සඳහන් කළේය.

පෙර දින පෙරවරුවේ අස්වනු නෙළා ගත් ගොවීන් රාත්‍රී කාලයේ අස්වනු ඇසුරුම් කරගෙන කිලෝමීටර් දහස් ගණනාවක් දුර ගෙවා අලුයම වන විට දඹුල්ලට ළඟා වී ම කිසිදු රථ වාහන සැලැස්මක් නොමැති නිසා නැවතත් දහවල් ඉර මුදුන් වෙන තුරු එළවළු ටික මහමග වාහනය තුළ විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳව කඩිනම් අවධානයක් යොමු නොකරන හොත් එළවළු නිෂ්පාදනය විශාල වශයෙන් අඩුවීමට ඉඩ ඇති බවද ගොවියාට සැලකිය යුතු මිලක් ලැබෙන නිසා ගොවීන් වැඩි වශයෙන් වගාවට යොමු වී ඇති අවස්ථාවක මෙය විනාශ කර ගැනීම සිදු නොකරන්නැයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (26)  පෙරවරුව වන විට එළවළු කිලෝ ලක්ෂ   පනහකට අධික ප්‍රමාණයක් ලැබී තිබෙන බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

එළවළු මිලද සාමාන්‍ය පරිදිපවතින බවත් එළවළු මිලදී ගැනීම සඳහා වැඩි වශයෙන්කණ්ඩායම් පැමිණෙමින් සිටින බව ද ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

 කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 26 දින වන විට එළවළු මිල පැවතියේ මෙසේය.

ගෝවා කිලෝ එකක්  රුපියල් 120 ත් 200 ත්    බෝංචි කිලෝව රුපියල් 150ක් 200 ත්   කැරට් කිලෝව රුපියල් 100 ත් 120 ත් බිට්  කිලෝව රුපියල් 60 ත් 70 ත්  තක්කාලි කිලෝ එක රුපියල් 100 ත් 120 ත්  රාබු කිලෝ එකක් රුපියල් 40 කටත් නොකෝල් කිලෝඑක රුපියල් 90ක් 100ක් කැකිරි  කිලෝවක්  රුපියල් 30ත් 40 ත් පිපිඤ්ඤා කිලූවක් රුපියල් 50ත් 60 ත්  අතර මිලයකට අලවිවන අයුරු දැක ගැනීමට හැකි විය.

එමෙන්ම ලකු වට්ටක්කා කිලෝ එක රුපියල් 50ත් 55 ත්  අතර බණ්ඩක්කා කිලෝවක්  රුපියල් 50 ත් 55 ත්  දඹල කිලෝවක්  රුපියල් 150කටත් මෑ කරල් කිලෝ එකක් රුපියල් 100 ත් 120 ත්  මිලයකට අලෙවි වීම විශේෂත්වයකි ,මාළු මිරිස් කිලෝ එක රුපියල් 200කට අලෙවි වෙද්දී අමුමිරිස් කිලෝ එකක් රුපියල් 120 ත් 150ක් අතර අලෙවීම විශේෂත්වයෙකි. දේශීය ලොකු ලූණු කිලෝ එක රුපියල් 250 ට මිලකට අලෙවි වූ අතර මෙදින පොල් ගෙඩියක මිල රුපියල් 100ත් 105ක් බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.


 



අදහස් (2)

දඹුල්ලට එළවළු ගඟක්

Galkotuwe Gedara Suneth Hemantha Kumara Thursday, 26 September 2024 12:09 PM

අතිරික්ත එළවළු සඳහා කඩිනම් වැඩසටහනක් පටන් ගන්න. වෙනත් නිශ්පාදන සඳහා යොදාගත යුතුයි. මේ සඳහා රජය මැදිහත් වී නව ව්‍යවසායකයින් බිහිකළ යුතුයි.

:       1       18

ගුණරත්න Thursday, 26 September 2024 06:07 PM

අනුර කුමාර සහෝදරයා ජනාධිපති වුණා විතරයි රට හොඳ අතට හැරිලා, අස්වනු වැඩිවෙලා තියෙනවා. ළූණු අස්වනු අක්කර 3000ක් ඉක්මවලා වගා කරලා ඒවායේ අස්වනු ලැබෙන්න නියමිතයි. අනුර කුමාර සහෝදරයා රටට වාසනාව ගෙන ආවා...! සමූපකාර මගින් එළවළු බෙදා හැරලා අතරමැදියා ගසා කෑමෙන් වළක්වන්න යයි කියලා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site