IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දෙමළ භාෂා ගුරු පත්වීම් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අත්හිටුවයි

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මගින් ලබාදීමට සංවිධානය කර තිබූ දෙමළ භාෂා ගුරු පත්වීම් 400ක් පමණ මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අද (05) දහවල් අත්හිටුවීමට පියවර ගත්බව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා පැවසීය.

හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශයට අයත් ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේදී ඇමැති මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලබාදීමට පියවර ගෙන තිබූ බව පැවසේ.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට හා පොලිසියට පැමිණිලි කොට එම නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී එම කාර්යාලය තුළ මෙම පත්වීම් ලබාදෙමින් තිබූ බවද පැවසේ.

ජනාධිපතිවරණය කැඳවා තිබූ අවස්ථාවක මෙම පත්වීම් ලබාදීම නීති විරෝධී යැයි පවසා වහාම මෙම පත්වීම් ලබාදීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පියවර ගත් බව ජනක වැලිවත්ත මහතා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් පලකළ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා මෙසේ කීය.

‘‘මනෝ ගනේෂන් ඇමැතිවරයා මුල්වෙලා අද දෙමළ භාෂා ගුරුවරුන් 400කට පත්වීම් ලබාදීමට සූදානම් කර තිබුණා. මේ පිළිබඳව අපට ලැබුණු තොරතුරක් මත හෝමාගම ප්‍රාෙද්ශීය සභාවේ සහ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග මෙතැනට පැමිණිලා සිදුවන නීතිවිරෝධී ක්‍රියාව ගැන පොලිසියට සහ මැතිවරණ කොමිසමට දැන්වූවා. ඒ අනුව ඔවුන් ක්ෂණිකව පැමිණිලා මේක නැවැත්තුවා. අද නිවාඩු දිනයක ඇමැතිවරයා කරපු මේ දේ හරිම වැරදියි. ඒ වගේම මැතිවරණයක් කැඳවා තිබූ අවස්ථාවක රජයේ ප්‍රබල ඇමැතිවරයකු මේ කරන වැඩේ නීතිවිරෝධියි.

නුවරඑළිය, බදුල්ල, හපුතලේ, වව්නියාව, මඩකලපුව ආදී දිවයිනේ ප්‍රදේශ රැසකින් ළමයි 400ක් පමණ ඇවිත් හිටියා. මේ නීතිවිරෝධී ක්‍රියාව මැතිවරණ නිලධාරීන් හා පොලීසිය එක්ව නැවැත්වීමට පියවර ගැනීම ඉතාම සතුටු දායක ක්‍රියාවක්.. “ යැයි පැවසීය .
 



අදහස් (9)

දෙමළ භාෂා ගුරු පත්වීම් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අත්හිටුවයි

Rasitha Saturday, 05 October 2019 01:02 PM

මේකට තමයි අපි ලෝකෙට 2015 හදුන්වා දුන්නු "යහපාලන" කියන්නෙ

:       277       195

Yapa Saturday, 05 October 2019 01:31 PM

මේ අයගෙ වැඩ ගැන කියනවා නම් බොරු 2019.09.10 ලෙස බොරු දිනයකුත් දාලයි පත්වීම් දෙන්න ඉදලා තියෙන්නෙ..කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ..?

:       231       251

saman Saturday, 05 October 2019 03:49 PM

සාධාරණ සමාජයේ අයගේ කටේ පිට්ටුද?

:       0       62

SL Saturday, 05 October 2019 06:27 PM

කොහොමටත් මේ ඊයේ පෙරේදා වෙනකල් අරලියගහ මන්දිරේ රජයේ රැකියා දන්සල පැවැත්වුනා. යාපනෙන්,ගාල්ලෙන්,මඩකලපුවෙන්,පුත්තලමෙනුත් කට්ටිය ආවා රැකියා ගන්න.දැන් එයාලා පින් පඩි අරගෙන බුරුවා ගහනවා ඇති.

:       0       35

මුණසිංහ Sunday, 06 October 2019 01:45 AM

මෙයාලට අවුරුදු හතරක් ගියා මේ පත්වීම් දෙන්න. එතකන් බිල්ලෝ වගේ හිටියේ. අනෙකුත් අමාත්‍යාංශ වලටත් එහෙමයි. ඒ නිසා තමයි කියන්නේ මේවා දේශපාලන පත්වීම් කියලා. මේ විදියට ඇවිත් පත්වීම් භාර ගන්න ඒ ඒ තැන්වලට ගිහිල්ලා අත්සන් කරන අයගෙ ආත්ම ගෞරවයත් ඉවරයි. හැමෝම කියන්නේ යහපාලන පත්වීම් කියලා හංවඩුව වදිනවා.

:       0       24

lal fernando Sunday, 06 October 2019 05:00 AM

මනෝ ගනේෂන් ජාතිවාදියෙක්. හොහුට විරුද්ධව අධිකරණයට යන්න. මගේ ප්‍රශ්නය මේ පොඩි රටේ ඔය වගේ ලෙඩ්ඩු ගැන බලන්න කවුරුත් නැද්ද? සිංහල මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙන්න ඕන.

:       0       60

Lebbe Sunday, 06 October 2019 11:20 AM

රජයේ රැකියා දීම තරග විභාගයකින් දිය යුතුයි. සියලුම දේශපාලන පත්වීම් අවලංගු කළ යුතුයි.

:       0       3

සෙනෙවිරත්න Monday, 07 October 2019 07:23 AM

ඒක තමයි වැරැද්ද.

:       0       0

සෙනෙවිරත්න Monday, 07 October 2019 07:26 AM

මේ දෙගොල්ලම එක බව මේ මහත්වරු කවදා අව​බෝධ කරගනීවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 372 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site