IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දෙමළ ජාතික සන්ධානය නිදහස් සැමරුම වර්ජනය කරන්න යයි

(ලක්ෂ්මී ජයකොඩි)

 

මෙවර ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ දේශපාලන මණ්ඩලය වව්නියාවේදි රැස්වු අතර එහිදි මෙම තීරණය ගෙන ඇත.

එම දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා පැවසුවේ දෙමළ ජනතාවට සිදුවන අඛණ්ඩ මර්දනයන්ට හේතුවෙන් මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කළ බවයි.

මෙරට සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා වන  නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල විශේෂ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කළ යුතු යැයි හෙතෙම කීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මන්තී‍්‍රවරයා මෙසේද කීවේය.

උතුරු නැගෙනහිර පළාත් වල ජීවත් වන දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මර්දනයන් පිළිබඳව අප සාකච්ඡා කරනු ලැබුවා. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව , මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වැනි රජයේ ආයතන විසින් අප ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම් ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තුමේනතුව හින්දු ආගමික සිද්ධස්ථාන වෙනස් කිරීමේ සැලසුමක් කි‍්‍රයාත්මක කරන ආකාරයක්ද වර්තමානයේ දැක ගන්න පුළුවන්.

මේ සියලූ කරුණු පිළිබඳව අප සමාලෝචනයක් කරනු ලැබුවා. මෙම මර්දනයන්ට එරෙහිව සිවිල් සංවිධාන විසින් ඉදිරි දින කිහිපයේදි පොතුවිල් සිට පොර්කණ්ඩි දක්වා විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. එබැවින් එම විරෝධතාවයට අප පක්ෂයේ සහයෝගය ලබාදීමට තීරණය කරනු ලැබුවා.

මෙවැනි විරෝධතාවයන්ට දේශපාලනමය නායක්ත්වය ලබාදීම අපගේ වගකීමයි. එමෙන්ම මෙම විරෝධතාවයට අප සියලූ ජනතාවගේ සහයෝගය ලබාදෙන්නැයි ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා සියලූ දෙමළ දේශපාලන පක්ෂ වල එකඟතාවය එම කවුන්සලයේ සියලූ සාමාජික රටවල තනාපතිවරුන් වෙත යැවීමට හැකිවීම පිළිඳබව සතුටු වෙනවා.

මේ අතර වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එයට අපගේ අදහස් යෝජනා දැනටමත් අප යවා අවසන්. නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් එහි ජාතික ගැටලූව සඳහා වන විසඳුමක් අඩංගු විය යුතුමයි. ජාතික ගැටලූවට විසඳුමක් නොමැති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් කිසිඳු ඵලක් අත් නොවන බව අප පෙන්වා දී තිබෙනවා.

එම කමිටුව එළැඹෙන 20 වනදා අප පක්ෂය හමුවීමට සුදානම්ව සිටිනවා. එම අවස්ථාවේදිත් අප අපගේ ස්ථාවරය දැනුම් දීමට කටයුතු කරනු ලබනවා.

නමුත් වර්තමානයේ ඒ වෙනුවෙන් පත් කර ඇති කමිටුවෙන් කිසිඳු ප‍්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එය ප‍්‍රශ්නකාරි කමිටුවක් බව එම කාලයේදිම අප ප‍්‍රකාශ කළා. එය රඟපෑමක්. ජාත්‍යන්තරය රැවටීමට ගන්නා උත්සහායක් පමණයි. මෙවැනි උත්සහායන් ආණ්ඩුව අත්හළ යුතුයි. මෙම උත්සහාය ජාත්‍යන්තර රටවල් ප‍්‍රතික්ෂේප කරනු ඇති බව අප විශ්වාස කරනවා.

ශී‍්‍ර ලංකාවේ ජාතික නිදහස් දිනය සැමරුම් දෙමළ ජනතාව අඛණ්ඩව වර්ජනය කර තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේදි ලබා දුන් පොරොන්දු හේතුවෙන් අප ජාතික නිදහස් දින සැමරුමට මමත් සම්බන්දන් මහතාත්  සහභාගි වුණා. එහෙත් එම ආණ්ඩුවත් අපට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම අමතක කළා. එබැවින්  මෙවරත් අපි ජාතික නිදහස් දිනය වර්ජනය කරනු ලබනවා.



අදහස් (5)

දෙමළ ජාතික සන්ධානය නිදහස් සැමරුම වර්ජනය කරන්න යයි

Subra Sunday, 31 January 2021 08:59 AM

ලංකාව හොඳ නැතිනම් ඉන්දියාවට යන්න තියෙන්නේ..

:       0       0

anula Sunday, 31 January 2021 11:29 AM

අපිට පාන්ද? උතුරු, නැගෙනහිර විතරද දෙමළ මිනිස්සු ඉන්නේ? ලංකාව පුරාම ඉන්නවා.. ඒ මිනිස්සු ඔයාලා නටන නාඩගම් ගැන දන්නවා. ජනතාව ඉස්සරහට දාලා තමන්ගේ බඩ වඩාගන්න අධමයින්..

:       0       0

මුණසිංහ Sunday, 31 January 2021 12:22 PM

තමන්ට නැතිව යන ඡන්ද පදනම ගොඩ නගා ගන්න. ඕනෑම දේශද්‍රෝහී වැඩකට මෙයාලා සූදානම්...

:       0       0

Asanga Sunday, 31 January 2021 02:24 PM

මේ ගොල්ලන්ගේ කොටි පුල්ලි තාම ගලවගෙන නැහැ වගේම, මේ ගොල්ලන්ට පැවැත්මකුත් නැහැ. ඩයස්පෝරාවට කඩේ යනතාක්කල්...

:       0       0

Bamunuarachchi Monday, 01 February 2021 11:28 AM

පළාතට එන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site