(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (10) පස්වරුවේ පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඉවත දමා අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට මුවාවී ස්ථානාධිපතිවරු සේවය හැර යෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් ඒ හේතුවෙන් මේ වන විට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු හිටපු ස්ථානාධිපතිවරු බවත් ඒ මහතා පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුර දකුණ නොදැන කටයුතු කරන බව කී ඒ මහතා දුම්රිය ස්ථානාධිපතිවරු 922 ක නොමැතිව දුම්රිය ධාවනය කරන ආකාරය පිළිබඳව බලාසිටින බව ද සඳහන් කළේය.
(ඡායාරූප -ශාන්ත රත්නායක)
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩ වෙයි
අරවින්ද මොනරවිල Wednesday, 10 July 2024 06:04 PM
දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර බූරුවෙකුට දුන්නා නම් මීට වැඩිය හොඳට කරයි.
shantha Wednesday, 10 July 2024 06:05 PM
ඔබලාගේ වුර්තිය ඉල්ලීම් සඳහා වන සටනට ජයවේවා. ඔය තර්ජන ගර්ජන දමන ගස්බල්ලන්ට තව ටික දිනකින් මහපාර තමයි.
Prabha Wednesday, 10 July 2024 07:13 PM
ශාන්ත එයාලා අවුරුද්දෙන් වැඩි දවසක් කරේ වැඩද? වැඩ වර්ජනද?
වරුන Wednesday, 10 July 2024 06:13 PM
ඔන්න රජය හමුදාව දාලා පෙන්නන්න දැන් මෙයාලා මට්ටු කරන්න, නැතුව මේක කරන්න බැහැ...
primeshikaWednesday, 10 July 2024 07:38 PM
එක්කෙනෙක් දොස්තරලාගෙන් උපදෙස් අරගෙන කාබනික පොහොරෙන් විතරක් කෘෂිකර්මාන්තය කරන්න ගිහිල්ලා කරගත්තු වින්නැහිය මතක නැතෙයි?
Ramani Wednesday, 10 July 2024 06:34 PM
සටන පාවා නොදී දිගටම වර්ජනය ගෙනියන්න. අපිට අපහසුකම් ඇතිවෙනවා, රස්තියාදු වෙනවා. නමුත් ඔබලා මේ කරන්නේ අපේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය, අයිතිවාසිකම් වෙනුවෙන් කරන උතුම් සටනක්... ජයවේවා.
පාඨකයෙක්Wednesday, 10 July 2024 08:09 PM
එතකොට අර කෝච්චියෙන් වැටිලා අද මැරුණු මනුස්සයාගේ දරු පවුල බලාගන්නේ වර්ජකයෝයි, ඒ අයට ආවඩන අයයිද? වර්ජකයෙක්ගේ නෑයෙකුට එහෙම ඒ වගේ දෙයක් වුණා නම් ඔය උදවිය මොකද කියන්නේ?
amare Wednesday, 10 July 2024 06:37 PM
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා රනිල්ගේ ලණුවක් කාලා. අලි ඔලුවෙන් ඉන්නේ. බලමුකෝ කවුද මට්ටු වෙන්නේ කියලා. වර්ජනයට ජයවේවා...!
Bandara Wednesday, 10 July 2024 06:38 PM
මේ අයත් දේශපාලුවන්ට දෙවැනි නෑ...
chinthaka Wednesday, 10 July 2024 06:49 PM
වරුණ, ඔයා හමුදාව දාලා බලන්නකෝ වෙනදේ. මේ අය ඉල්ලන්නේ ඒ අයට රජයෙන් පොරොන්දු වුණු දෙයක්. හමුදාව දමපු ගමන් දුම්රිය රියදුරන් වැඩ නවත්වනවා. මේ අයව "ආප්ප බානවා" වගේ හදන්න බැහැ. මේ අයගේ වෘත්තිය ඔය හැම ලපයි සිපයින්ටම කරන්න බැහැ. මිනිස් ජීවිත දහස් ගණනක් ආරක්ෂා සහිතව ගමනාන්තයට ගෙනියන වගකීම...
Lalla Wednesday, 10 July 2024 07:08 PM
වර්ජනය කරන ගස්බල්ලන් මහපාරට වැටෙන්න ඕනෑ..
chandima Wednesday, 10 July 2024 07:11 PM
හමුදාවේ ඉන්නෙත් මේ වගේම පීඩාවට පත්වුණු ජනතාවගේ දරුවන් බව මතක තියාගන්න..
Bandara Wednesday, 10 July 2024 07:51 PM
අපිට ටුවරිසම් වලින් ආදායමක් එන කාලේ විනාශ නොකර ඡන්දෙන් පස්සේ ඔයාලගේ ජනාධිපති කෙනෙක් පත්වුනාම ප්‍රශ්නේ විසඳාගන්න.
රංබොඩ Wednesday, 10 July 2024 08:00 PM
බඩේ අමාරුව වගේ හැමදාම වර්ජන... වෘත්තිය සමිති අටවාගෙන හැමදාම මේවා තමයි කළේ. ජේ. ආර්. දීපු උත්තරේ දුන්නා නම් කට්ටියම ඉගෙන ගනී පාඩමක්...!
Shashika51 Wednesday, 10 July 2024 08:37 PM
මුන්ට පාඩමක් උගන්වන්න රනිල්ට චන්දෙ දෙන්න
පිටරැටියා Wednesday, 10 July 2024 09:01 PM
. රට වැටිලා තියෙන වෙලාවේ අමානුෂික විදියට වැඩ වර්ජන කිරීමෙන් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ සාමාන්‍ය ජනතාව නොවෙද?