IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දුම්රිය ස්ථානාධිපතීන් වර්ජනයකට සැරසෙයි

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට ඉදිරි පැය 72 ක තුළ විසඳුමක් නොදුණ හොත් ක්‍ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (28) පස්වරුවේ පැවසීය.

දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව පැරණි විභාග ප්‍රතිඵල මත නියාමකවරුන්ගේ උසස්වීම් දී වැටුප් පරිවර්ථනය ද සකසා ඇති බවත් සෝමරත්න මහතා කීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා බඳවාගැනීමේ පටිපාටිය අනුමත කිරීමෙන් පසු උසස් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ යුතු යැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී ඇති බව කියන සභාපතිවරයා දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාල බඳවාගැනීමේ පටිපාටිය නියාමක සංගමයේ විරෝධය හේතුවෙන් අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බව ද සඳහන් කළේය. 



අදහස් (2)

දුම්රිය ස්ථානාධිපතීන් වර්ජනයකට සැරසෙයි

Lalla Tuesday, 29 October 2024 07:54 AM

භාරකාර ආණ්ඩුවකට බලය පෙන්වන තකතීරු වෘත්තීය සමිති විනාශ කර දැමීමට පියවර ගන්න ඕන නේද? ඒ තරමට මෝඩ වෘත්තීය සමිතිවලට පැවැත්මක් තිබේද?

:       0       0

Bunny Preena Wednesday, 30 October 2024 02:05 PM

මේගොල්ලන්ට වැඩවර්ජන කළේ නැතිනම් නිකන් කෑවේ නැහැ... කෑවෙ නැහැ වගේ ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site