IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු  මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා  සමඟ අද(07) අලුයම අත්අඩංගුවට ගත් බව  පානදුර වලාන දූෂණ මර්දන මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

සැකකාර  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  සන්තකයේ  ගංජා ග්‍රෑම් 5ක් සහ  අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30  මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් සුඛෝපභෝගී  මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල ප්‍රදේශයේ දී  අනෙක් සැකකරු  අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (5)

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Nihal Thursday, 07 January 2021 06:47 AM

අපරාධකරුවන්ගේ නම් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් මගේ ප්‍රසාදය...

:       0       22

rocky Thursday, 07 January 2021 08:52 AM

ගංජා ග්‍රෑම් 5ක් කියන්නේ සුළු ප්‍රමාණයක්. මේක මොකක් හරි උගුලක් වෙන්නත් බැරි නැහැ..!!! 

:       5       13

පිටිගල මිලානෝ Thursday, 07 January 2021 01:13 PM

රා වලටයි, ගංජා වලටයි තමයි නීති. සීනි හොරාව අල්ලන්නේ කවදාද?

:       0       9

මෝ Thursday, 07 January 2021 07:15 PM

මේක නම් සැක සහිතයි. දෙන්නව අත්අඩංගුවට අරං තියෙන්නේ දෙතැනකදී. දෙන්න එකට මත්ද්‍රව්‍ය අරගෙන ගියා වගෙයි. මුල් ටික කියවනකොට හිතෙන්නේ. අනික ගංජා ග්‍රෑම් 5ක් කියන්නේ කීයක්ද? සිගරට් එකක් ඔයිට වඩා මිල වැඩි ඇති. මේ නිලදරුවා නීතිය අකුරට ක්‍රියාත්මක කළ අවංක නිලධාරියෙක් දැයි සොයා බලන්න. මට නම් පේන්නේ සෙට් කරලා දුන්න ගේමක් වගෙයි.

:       0       1

Rata Perata Friday, 08 January 2021 07:42 AM

ග්‍රෑම් 5 අල්ලගත්තාම ඔක්කොම විස්තර දානවා. කෝටි ගණන් කුඩු අල්ලනකොට එක්තරා ව්‍යාපාරිකයෙක්, එක්තරා දේශපාලකයෙක් කියලා නමක් දාන්නේ නැතිව වෙනස් වෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site