IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.

මහ බැංකුවේ අනුමැතිය පරිදි, පසුගිය 22 වැනිදා සිට දමිත් පල්ලෙවත්ත මහතා, සිය නව තනතුරේ රාජකාරි ආරම්භ කළ බව HNB බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. HNB යනු මෙරට වාණිජ බැංකු ක්ෂේත්‍රයේ පැරැණිතම බැංකුවකි.

දමිත් පල්ලෙවත්ත මහතා, පසුගිය අප්‍රේල් මාසයේ සිට HNB බැංකුවේ, වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරමින් සිටියේය.

දමිත් පල්ලෙවත්ත මහතා, වසර 27 කට වැඩි පලපුරුද්දක් ඇති, සුදුසුකම් ලත් බැංකු සහ අවදානම් කළමනාකරණ වෘත්තිකයෙකි.  ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකරුවකු ලෙස ඔහුගේ පලපුරුද්ද වසර 14 කි.

පල්ලෙවත්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධියක්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක්, මෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ, London School of Economics වෙතින් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද හිමි කරගෙන ඇත. ඔහු Lanka Ventures PLC සහ LVL Energy Fund PLC හි සභාපති/අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත.



අදහස් (1)

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට

Anura dissanayake Sunday, 24 November 2024 04:24 PM

අති විශිෂ්ඨ මහත්මා ගතිගුණ ඇති කෙනෙක්...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site