IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දෙමටගොඩ රුවන් කෝටි 700ක කුඩු ගෙනල්ලා

(ඉන්දිකා රාමනායක)

මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017- 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මුහුදු මගින් කෝටි 700කට අධික වටිනා හෙරොයින් තොගයක් ගෙන්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම කාලය තුළ හෙරොයින් කිලෝ 720 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 321 ක, හෂීස් කිලෝ 30 මෙරටට ගෙන්වා ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

මෙම වසරේ අප්‍රේල් මස ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් හෙරොයින් කිලෝ 340 ක් ප්‍රමාණක් සහිතව සැකකරුවන් පස් දෙනකු සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය ද දෙමටගොඩ රුවන් නැමැත්තා වෙත රැගෙන එමින් තිබූ ඒවා බවට හෙළි වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සැකකරුවන් සතුව තිබූ සැටලයිට් දුරකථනයක් ඔස්සේ සිදුකළ විමර්ශනයේදී මේ බව හෙළි කර ගත් බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

2019 වසරේ දී බහුදින යාත්‍රාවකින් රටට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ දෙසියක ප්‍රමාණයක් නාවික හමුදාව  අත්අඩංගුවට ගෙන තිබූ අතර එම මත් කුඩු තොගයද දෙමටගොඩ රුවන් නැමැත්තා වෙත රැගෙන එමින් සිට ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළි වූ බව ද  හෙතෙම කියා සිටියේය.

2019 වසරේ දීම හෙරොයින් කිලෝ 200 ක්, අයිස් කිලෝ 5ක්, හෂිස් කිලෝ 30 ක් මෙරටට රැගෙනවිත් ඇති බවට අනාවරණය කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

2021 වසරේ මේ දක්වා කාලය තුළ මොහු අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 21 රටට ගෙන්වා ඇති බවද ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.

දෙමටගොඩ රුවන් නැමැත්තා ඊයේ (29 ) දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවසේදී නීති විරෝධී දේපල හෝ වත්කම් පොලිස් විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම ජාවාරම් වලින් උපයා ගත් මුදලින් මිලදී ගත් බව කියන සුඛෝප භෝගී වාහන හයක් ද පොලිසිය භාරයට ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද සවස පැවැති මාධ්‍ය හමුවකදිය

 



අදහස් (9)

දෙමටගොඩ රුවන් කෝටි 700ක කුඩු ගෙනල්ලා

ජයන්ත මිලානො Saturday, 30 October 2021 05:37 PM

ආ' එතකොට ඔයාලා හිටියේ නිදාගෙන... ආ වැරදුණා.. අැමතිතුමා එක්ක කෝල් එකේ...

:       0       0

Sanjeewa Anthony Saturday, 30 October 2021 05:57 PM

කෝටි 700ක කුඩු ගේනකම් ආරක්ෂක අංශ මොනවද කළේ...?

:       0       0

ravin Saturday, 30 October 2021 06:16 PM

එත් එක්කම ඔයගොල්ලෝ පිටිපස්සේ ඉන්න දේශපාලුවෝ ටිකත් අත් අඩංගුවට ගත්තා නම් මත් ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කරන එක ලොකු වැඩක් නෙවෙයි

:       0       0

SL Saturday, 30 October 2021 06:21 PM

බිලියන 7ක.ඇබ්බැහිවුවන් ගණන???

:       0       0

Ruhunu Saturday, 30 October 2021 07:12 PM

දැන් මේවා ගේනකොට අපිටද අල්ලන්න කියන්නේ

:       0       0

fairoos Sunday, 31 October 2021 01:06 PM

හරි වෙලාවට පොලිසියේ ලොක්කන්ට කමිෂන් ගිහිල්ලා නෑ වගේ. නැත්නම් මෙච්චර ටොන් ගණන් ගන්නකම් අල්ලගන්න බැරි වුනාද ?

:       0       0

Shan Sunday, 31 October 2021 01:44 PM

මම හිතන්නේ දෙමටගොඩ රුවන් 2019 විශ්‍රාම යන්න ඇති

:       0       0

siri Sunday, 31 October 2021 02:38 PM

දැම්ම අප්පුඩි ගහන්න එපා. මේ වෙනත් බලවතෙකුට ඒකාධිකාරයක් හදාගන්න සප් එකක් දෙන ක්‍රියාදාමයක කොටසක්ද කියල කවුද දන්නේ.

:       0       0

sharm warn Monday, 01 November 2021 09:25 AM

මෙයාලවත් අල්ලන්නේ එයාලගේ කාලේ ඉවර කරන්න ඕන උනාම. හැබැයි කවදාවත් පළමු පෙලේ අය අල්ලන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site