IMG-LOGO

දේපල විනාශයට පියවර නොගත්තැයි පොලිස්පතිට දොස්

(අජන්ත කුමාර අගලකඩ)

රටපුරා පසුගියදා ඇතිවූ ගෙවල් ගිනි තැබීම හා දේපල විනාශ කිරීම් පාලනය කිරීම සදහා ක්‍රියාත්මක නොවූ බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පොලිසියට දැඩි විවේචනයක් එල්ල කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) රැස් වූ අවස්ථාවේදී ඔවුන් මෙම විවේචනය එල්ල කර ඇත .

එම රැස්වීමට පොලිස්පතිවරයාද කැඳවා ඇති අතර පොලිස්පතිවරයා ඉදිරියේද මන්ත්‍රීවරුන් මෙම විවේචනය එල්ල කිරීමද විශේෂත්වයකි.

ගෙවල් ගිනිතැබීම් හා වාහන වලට හානි කිරීම්  සිදුවෙද්දී  එය පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් නොගත් බවද ඔවුන් පෙන්වා දී ඇත.



අදහස් (12)

දේපල විනාශයට පියවර නොගත්තැයි පොලිස්පතිට දොස්

swene Saturday, 14 May 2022 04:53 PM

මයිනාගෝගම, ගාලු මුවදොර පහරදීම සිදුවන විටත් පොලිසිය ඒවා වළක්වන්නට පියවර නොගැනීම සම්බන්ධව මහජන නියෝජිතයින් හැටියට මොනවද කියලා තියෙන්නේ? ප්‍රචණ්ඩ ක්‍රියා තමන්ට එරෙහිව සිදුවනවිට පමණක්ද මේ මහජන නියෝජිතයින්ට ඇස් ඇරෙන්නේ?...

:       16       71

සෙනෙවිරත්න Saturday, 14 May 2022 05:31 PM

ඇත්ත පොලීසිය තමයි වතුර ප්‍රහාර, කඳුලු ගෑස් ප්‍රහාර වෙලාවට නොගහ ගෝල්ෆේස් එකට මැරයින්ට එන්න ඉඩ හැරලා මේ මැති ඇමැතින්ගේ ගෙවල් ගිනිතැබුවේ...!

:       10       39

සැම් Saturday, 14 May 2022 05:59 PM

ඔය කථාව අර නගුට පස්ස පැත්තේ ගහගෙන ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ හැංගිලා ඉන්න කෙනාට කිව්වා නම් ඔයිට වැඩිය හොඳයි...!

:       7       37

ravin Saturday, 14 May 2022 06:05 PM

ඔය දොස් කියන කට්ටියගෙන් කීදෙනෙක් නිරායුධ සහ අපක්ෂපාතී අයට පහර දීමට සහභාගී වුණාද කියලා නම්ගම් ඇතිව කියන්නකෝ. ඊට පස්සේ අපි හරියට නීත්‍යානුකූල අධිකරණමය ක්‍රියාමාර්ගයකට යමුකෝ.. කොයි කොයි කිල්ලෝටවලත් හුණු තියෙනවලු..

:       18       24

ගමේ එකාලා Saturday, 14 May 2022 06:13 PM

තමුන්ලා ඉල්ලන් කෑවාට පොලිසියට විතරක් දොස් කියලා වැඩක් නැහැ. ගින්නක් නැතුව දුමක් ඇවිලෙන්නේ නැහැනේ. ඒ ගැනත් හොයලා බැලුවොත් නරකද..?

:       12       29

Kumara Saturday, 14 May 2022 06:55 PM

අපේ සල්ලි නුඹලා හොරකම් කරලා හදපු ගෙවල්... ඉතින් ඔයාලාට අමාරුද? 

:       5       31

Rata Perata Saturday, 14 May 2022 07:30 PM

ගාලු මුවදොර අහිංසක මිනිස්සුන්ට පහර දුන්නු එකට නෙවෙයි, ඇමැතිලගේ ගෙවල් ගිනිතියපු එකට නම් පොලිස්පති ගෙදර යවයි. මේ වගේ විකාර බලබලා ඉන්න නිලධාරීන් නිසා තමයි රට නැතිවෙන්නේ.

:       3       18

de silva Saturday, 14 May 2022 08:10 PM

මේ ඔක්කොටම මුල ත්‍රිකුණා මලේ බංකරේ හැංගිලා ඉන්න මයිනා...

:       3       20

SunilSunday, 15 May 2022 11:42 AM

මහින්දයි, එයාගෙ මල්ලියි..!

:       0       0

Rayawasiya Saturday, 14 May 2022 09:55 PM

ඔහොම වෙලා මදි...

:       0       0

Saman Saturday, 14 May 2022 10:05 PM

මුන් රනිල් එක්ක ඩීල් දානකොට අපි දැනගත යුතුය ක්‍රියාවට ඇක්ෂන් නැතිවට ප්‍රතික්‍රියාව ට ඇක්ෂන් ගන්න බව . ඉක්මනින් කමිටුවක් හදා වර්තමාන වටිනාකමට වන්දි නොදුන්නොත් තමයි පුදුම .

:       0       0

wahaldeepe Saturday, 14 May 2022 11:35 PM

ඇත්තටම කොන්දක් තියන පොලිස්පතිල , හමුඳපතිල ඉන්නවනම් මෙ වෙද්දි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 494 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 926 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site