IMG-LOGO

දීපිකා කෝටි 12ක් අය කරනවාලු

2016-08-06-ent-11

ඉදිරි දිනකදී රූපගත කිරිම් ආරම්භ කිරීමට සූදානම් කර ඇති සංජය ලීලා බන්සාලිගේ "පද්මාවති" චිත්‍රපටය සඳහා දිපීකා පදුකෝන් ඉන්දීය රුපියල් කෝටි 12.65ක මුදලක් අය කරන බව බොලිවුඩ් සිනමා තොරතුරු සඳහන් කර සිටියි.

මෙය බොලිවුඩ් සිනමා නිළියක් චිත්‍රපටයක් සඳහා අය කරන ඉහළම මුදල ලෙස වාර්තා වේ. මීට පෙර බොලිවුඩ් චිත්‍රපට රංගනයක් සඳහා ඉහළම මිලක් අය කර තිබුණේ කංගනා රනවුත් වන අතර, ඒ "ටනු වේඩ්ස් මනු රිටන්ස්" චිත්‍රපටය සඳහායි. දිපීකා රඟපෑ සංජය ලීලා බන්සාලිගේ "රාම් ලීලා" හා "බජිරාඕ මස්තානි" චිත්‍රපට ආදායම් උපයා ගැනීම අතින් අතිසාර්ථක වූ නිසා ඔහුද මේ මුදල දිපීකාට ගෙවන්නට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන් වේ.

දැනට ගණන් බලා ඇති අන්දමට බන්සාලිගේ මම චිත්‍රපටය සඳහා අවම වශයෙන් ඉන්දිය රුපියල් කෝටි 150ක මුදලක් වැය වන බව සඳහන්. "පද්මාවති" චිත්‍රපටය සඳහා දීපිකාට අමතරව ඇගේ සැබෑ පෙම්වතා රන්වීර් සිං, පාකිස්තානු සිනමා නළු පවඩ් අලී ඛාන්ද රංගනයෙන් දායක වෙයි.



අදහස් (0)

දීපිකා කෝටි 12ක් අය කරනවාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 486 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 650 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 267 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site