IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දින පහකට වරක් මාධ්‍යවේදියෙක් දිවි දෙයි

‘‘තොරතුරු දැනගැනීමේ නිදහස ඔබේ අයිතිවාසිකමක්“ යන්න තේමාව කරගනිමින් ලෝක මාධ්‍ය නිදහස් දිනය අද (3) සැමරෙයි.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සමුළුවේ නිර්දේශයකට අනුව 1993 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී මුල් වරට ලෝක නිදහස් මාධ්‍ය දිනය ප්‍රකාශයට පත්කරනු ලැබීය. මේ වසරේ දී ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අපේක්ෂා කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.   ලෝකයේ තොරතුරු දැනගැනීමේ පනතක් මුල්වරට සම්මත කරන ලද්දේ ස්වීඩනය හා පින්ලන්තයයි.

නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූණ් මහතා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි. යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉර්නා බොකෝවා මහත්මිය පණිවිඩයක් නිකුත් කරමින් තොරතුරු දැනගැනිමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අඩිතාලමක් බවත් රටක තිරසාර සංවර්ධනය වෙනුවෙන් කිසිදු බියකින් තොරව මාධ්‍ය හැසිරවිමේ නිදහස ස්තාපිථ කළ යුතු බව ද පවසයි.

එසේ වුව ද ලෝකයේ කොතැනක හෝ මාධ්‍යවේදියකු තම රාජකාරියේ යෙදී සිටිය දී දින පහකට වරක් මියයන බව ද යුනෙස්කෝ සංවිධානය පවසයි.



අදහස් (0)

දින පහකට වරක් මාධ්‍යවේදියෙක් දිවි දෙයි

මනෝජ් Tuesday, 03 May 2016 05:51 AM

ඉස්සර අපෙනුත් ඕකට නොමසුරු සහයෝගය තිබුනා. කොහෙද මේ යහපාලන කාරයෝ ඇවිල්ලා ඒකත් නැති කළානේ. (බ)

:       0       0

යසරත්න Tuesday, 03 May 2016 06:36 AM

නියම මාධ්‍ය වේදියෝ තමා ඒ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site