IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දැන් අම්බලන්ගොඩ සිංහයාගේ වාරයයි

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමෙන්තුවේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළේය.දැන් මෛතී‍්‍ර - රනිල් රජයේ කැබිනට් අමාත්‍යවරයකුද වන ඔහු කියා සිටියේ 2006 දෙසැම්බර් මස පළමුවැනිදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කළ මෝටර් රථයට එල්ලවූ බෝම්බ ප‍්‍රහාරය සැළසුම් කර එල්ල කෙරුණක් බවය.එහි අරමුණ වූයේ ජනතාවගේ අනුකම්පාව රාජපක්ෂ පවුල වෙත දිනාගැනීම බව ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවේය.එදා ගෝඨාභය ගමන් කරමින් සිටි රිය හා බෝම්බ ඇටවූ තී‍්‍රරෝද රථයක් හප්පා එය පුපුරුවා හැර ඔහුව ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තයෝ උත්සාහ කළෝය.

 

ෆොන්සේකා පාර්ලිමෙන්තුවේ පලකළ අදහස් ඬේලි නිව්ස් පුවත්පත වාර්තා කර තිබුණේ මේ අයුරිනි.

‘මිීට වසර 10 කට පෙර ගෝඨාභය රාජපක්ෂ ගමන් කරමින් සිටි රථය ඉලක්ක කර එල්ල කෙරුණු බෝම්බ ප‍්‍රහාරය පෙර සැළසුමකට අනුව සිදුවූවක් බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය අගහරුවාදා පාර්ලිමෙන්තුවේදී පැවසුවේය.ජනතාවගේ අනුකම්පාව රාජපක්ෂ පවුල වෙත දිනාගනු වස් මෙවැනි ගෝඨාභය මෙවැනි සැළසුමක් කි‍්‍රයාවට නැංවූ බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.වත්මන් රජයේ ඇමැතිවරයකු වන සරත් ෆොන්සේකා මහතා අනතුරුව කියා සිටියේ ප‍්‍රහාරයේ වගකීම එල්.ටී.ටී.ඊ ය මත පැටවීමට රාජපක්ෂවරුන් කටයුතු කළ බවය.මේ සමයේ රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. මොන ත‍්‍රස්තවාදියෙක්වත් තමන්ගේ ඉලක්කයට මිීටර 25 ක් එහායින් ඉදන් බෝම්බය පුපුරුවන්නේ නැහැ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වුණු පාර්ලිමෙන්තු විවාදයේදී අදහස් දැක්වූ ෆොන්සේකා පැවසුවේය.‘

රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක අංශයෙන් හමුදා සාමාජිකයින් ඉවත් කරන බවත් ඒ වෙනුවට පොලිස් කොමාන්ඩෝ සාමාජිකයින් යොදවන බවත් රජය කියා තිබේ. මෙසේ සිදුකෙරෙනුයේ සිවිල් වැසියන්ටද වෙනම ආරක්ෂාව සැපයීමට සිදුව තිබීමේ අමතර බරින් හමුදාව නිදහස් කිරීමට බව සදහන්ය.

2006 බෝම්බ ප‍්‍රහාරයෙන් ගෝඨාභය දිවි ගලවාගත් නමුත් ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකු මිය ගියහ.ප‍්‍රහාරය එල්ලවීමෙන් පසු වහාම නෝර්වේ රජය හා සම්බන්ධ වූ ශී‍්‍ර ලංකා රජය දෙමළ ඊළාම් විමුක්තිකාමිී කොටි සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය. සටන් විරාමයෙන් රජය ඉවත්වූ අතර 2009 මැයි මාසය වන විට එල්.ටී.ටී.ඊ ය සම්පූර්ණයෙන්ම පරාජය කැරිණ.

ව්‍යාජ ඝාතන තැතක් සම්බන්ධව සරත් ෆොන්සේකා පලකළ අදහස් සහ හිටපු ජනපතිවරයාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට රජය පියවර ගනිමින් සිටීම හමුවේ ඒකාබද්ධ විපක්ෂය යැයි තමන්ව හදුන්වාගන්නා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායම කලබල කිරීමට ගත්හ. රජයේ පාර්ශවය නියෝජනය කළ මන්තී‍්‍ර පිරිස් සමග ඔවුන් ඉතාම දරුණු වාග් සංග‍්‍රාමයකද පැටලූනෝය. එය ක‍්‍රමයෙන් ගැටුමක් දක්වාම වර්ධනය විය. ගැටුමේ අවසානය සනිටුහන් වූයේ පහර කෑමට ලක්වූ මන්තී‍්‍රවරයකු රෝහල් ගතකිරීමට රැුගෙන යෑමට සිදුවීමෙන් පසුවය.ගුටිබැට හුවමාරු කරගත් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනකුට කතානායකවරයාගේ නියමයෙන් සතියක් යන තෙක් පාර්ලිමෙන්තු යනු තහනම් කලාපයකි.

ෆොන්සේකාගේ හෙළිදරව්වෙන් දින කිහිපයකට පසු ගෝඨාභය රාජපක්ෂ බරපතල මූළ්‍ය වංචා හා අපරාධ පිළිබද ජනපති කොමිසම හමුවට පැමිණ සිටිනු දැකගත හැකිවිය. ඔහු එසේ පැමිණ සිටියේ රක්නා ආරක්ෂක ලංකා සමාගම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ කටයුතු වලට අවැසි ප‍්‍රකාශයක් ලබාදීම සදහාය.එය ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණෙමින් සිටි ගෝඨාභය වටකරගත් මාධ්‍යවේදීහු ෆොන්සේකාගේ ප‍්‍රකාශය පිිළිබද ඔහුගේ අදහස් විමසූහ.ඊට සිනාසී පිළිතුරු දුන් ගෝඨාභය “එයා යුදහමුදාපති කළාට මටයි ගහන්න  ඕනේ” යැයි පැවසුවේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉලක්කකර එල්ලවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරය ගැන මෙම ලිපිය ලියැවෙන්නේ එම ප‍්‍රහාරය ගැන රටේ නැවත වරක් කතාබහක් ඇතිව තිබෙන වාතාවරණයකය.මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයකු, නොඑසේනම් කලූ කොටියකු එල්ල කළ එම ප‍්‍රහාරය රටවැසි සියලූම ජනතාව තැතිගැන්මට පත් කළේය.දේශීයව මෙන්ම විදේශීයවද මාධ්‍ය වල අවධානය එයට යොමුවිය.ගෝඨාභයට එල්ල වූ ප‍්‍රහාරය ගැන ඒ අතීත මතකය අවදි කරන්නට මේ සැරසෙන්නේ වසර දහයකට පසුවය.

 

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

2005 වසරේදී මහින්ද රාජපක්ෂ ප‍්‍රථම වතාවට ජනපති ලෙස තේරීපත්විය.ඇමරිකාවේ සිට මෙරට බලා පැමිණි ගෝඨාභය තම සොහොයුරාගේ මැතිවරණ ව්‍යාපාරයේ සැළකිය යුතු මෙහෙයක් ඉටුකළේය.වසර විස්සක පමණ කාලයක් හමුදා සේවයේ නියුතුව සිටි ගෝඨාභය සියල්ල අතහැර 1991 වසරේදී විදෙස්ගත විය.ඔහුට හා ඔහුගේ පවුලේ සාමාජිකයෝ එතැන් සිට ජීවත්වූයේ ඇමරිකාවේය.එරට පුරවැසිභාවය ඔවුනට හිමිය.ශී‍්‍ර ලංකා යුද හමුදාවට බදවාගත් සිව්වැනි කැඩෙට් භට කණ්ඩායමේ සාමාජිකයකුවූ ගෝඨාභය යුද පුහුණුව ලැබූයේ මෙරටදීමය.1949 දී උපත ලැබූ ඔහු හමුදාවට බැදුණේ 1971 දීය.1991 දී හමුදාවෙන් සමුගන්නා විට ලූතිනන් කර්නල්වරයකු ලෙස සේවය කරමින් සිටි ගෝඨාභය පළමු ගජබා රෙජිමෙන්තුවේ අණදෙන නිලධාරියාද විය.

ජනපති ලෙස පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ තම බාල සොයුරු ගෝඨාභයව මහජන ආරක්ෂාව,නීතිය හා සාමය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත්කළේය.තම පාසල් සගයකුවූ සරත් ෆොන්සේකා හමුදාපති ලෙස පත්කරගැනීමට කටයුතු කළේද ගෝඨාභයයි.මේ සදහා අවස්ථාව ලබාගැනීමට, ඒ වන විට හිටපු හමුදාපති ශාන්ත කොටගොඩ මහතා බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස පත්කර යැවුණේද ගෝඨාභයගේ නියමයෙන්ය.මෙම සමයේ ඔස්ලෝ කපුකම යටතේ සටන් විරාමයක් කි‍්‍රයාත්මක වෙමින් පැවතියද එල්.ටී.ටී.ඊ ය හා යුද හමුදාව යන දෙපාර්ශවයේම කටයුතු නිසා රට ක‍්‍රමයෙන් යුද්දයක් කරා තල්ලූ වෙමින් පැවතිණ.එල්.ටී.ටී.ඊ යට එරෙහිව දියත් කෙරුණු යුද යාන්ත‍්‍රණයේ සකී‍්‍රය කි‍්‍රයාකාරීත්වයට අවැසි වූ දේශපාලන,පරිපාලන සහ යුදමය නායකත්වය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන තිදෙනාය.

කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් මේ තිදෙන ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කිරීමට සැළසුම් සකස් කළේය.එහි ප‍්‍රතිඵලයක් ලෙස 2006 අපේ‍්‍රල් මාසයේ මරාගෙන මැරෙන බෝම්බකාරිනියක යුද හමුදාපති සරත් ෆොන්සේකා ගමන් කරමින් සිටි රථය ඉලක්ක කර බෝම්බයක් පුපුරුවා හැරියාය.අතිශය බරපතල ලෙස තුවාළ ලැබූවද ෆොන්සේකා දිවි ගලවාගැනීමට සමත්විය.ප‍්‍රතිකාර සදහා යොමුවීමට සිදුවූ හෙයින් මාස කිහිපයක් ගතවන තෙක් යුද සැළසුම් කටයුතු වලින් ඉවත්වීමට ඔහුට සිදුවිය.ෆොන්සේකා සුවය ලැබූයේ පුදුමාකාර වේගයකිනි.මෙම කාලයේ යුද සැළසුම් සකස් කිරීම,කි‍්‍රයාකාරකම් අධීක්ෂණය කිරීම ආදි සියල්ල සිදුවූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය යටතේය.සරත් ෆොන්සේකාගේ අඩුව පිරැවූයේ ඔහුය.ආරක්ෂක ලේකම් ලෙස හිමිව තිබූ බලතලත්, සොහොයුරා රටේ ජනපතිවරයා වීමත් නිසා ඉතාම කාර්යක්ෂම ලෙස යුද මෙහෙයුම් දියත් කිරීමට ගෝඨාභයට හැකිවිය.මේ නිසාම ඔහුව ඉක්මනින්ම අවසන් කර දැමීමේ අවශ්‍යතාව එල්.ටී.ටී.ඊ යට වැඩි වැඩියෙන් දැනිණ. බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ගෝඨාභය ඝාතනය කිරීමේ මෙහෙයුම තම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක කපිල් අම්මාන්ට භාර දුන්නේය.අනතුරුව සැළසුම් කිහිපයක් සකස් කැරිණ.

අවසානයේ එක් සැළසුමක් තෝරා ගැනිණ.එය කි‍්‍රයාත්මක කිරීමට නියමිතවූයේ 2006 දෙසැම්බර් මස පළමුවැනිදාය.ඔත්තු බැලීම් වලින් තම නිල නිවසේ සිට කාර්යාලය දක්වා ගෝඨාභය ගමන් කරන්නේ කිසියම් නිශ්චිත රටාවකට අනුව බව එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෝ සොයාගෙන තිබිණ.නිල නිවසේ සිට කාර්යාලය බලා යෑමට ගෝඨාභය මාර්ග දෙකක් භාවිතා කළේය.කාර්යාලයට යෑම සදහා එම මාර්ග දෙක මාරුවෙන් මාරුවට යොදාගැනීම ඔහුගේ පුරුද්ද විය.ගෝඨාභය කාර්යාලයට යන සෑම අවස්ථාවකම මාර්ගයේ මංසන්ධි අසළ ආරක්ෂක අංශ ස්ථාන ගතවිය.රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටැවිණ.මේ සියල්ල සිදුකෙරුණේ සුමට සහ ආරක්ෂාකාරීව කාර්යාලය බලා යෑමට ගෝඨාභයට අවකාශ සැළසීමටය.ලහිලහියේ ආරක්ෂක අංශ මාර්ගයේ ස්ථානගත වන දකින  ඕනෑම කෙනෙකුට අති සුවිශේෂී පුද්ගලයකු නොබෝ වේලාවකින්ම එම ස්ථානයෙන් ගමන් කරන බව වටහාගැනීමට අපහසු නොවීය.එය ගෝඨාභයගේ ආරක්ෂක සැළසුමෙහි දුර්වලතාවයක් විය.නමුත් මෙම ආරක්ෂක විධිවිධානයේ බරපතලම දුර්වලතාවය වූයේ එය නොවේ.ගෝඨාභයගේ රථ පෙළට ගමන් කිරීම සදහා රථවාහන ගමනාගමනය අත්හිටැවුණද එසේ කෙරුණේ මාර්ගයේ එක් පසෙක පමණකි.ඔහුගේ රථ පෙළ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනයට අවස්ථාව සළසාදී තිබිණ.එහි ඇති අවදානම ආරක්ෂක අංශ වල අවධානයට ලක්ව නොතිබිණ.

මෙම දුර්වලතාව හදුනාගත් එල්.ටී.ටී.ඊ ය ඒ අනුව සකස් කළ සැළසුම 2006 දෙසැම්බර් පළමුවැනිදා කි‍්‍රයාත්මක කළේය.කිලෝග්?ම් 25 කට ආසන්න බෝම්බයක් තී‍්‍රරෝද රථයකට සවිකෙරුණු අතර එහි රියදුරු වූ කලූ කොටි සාමාජිකයා ගෝඨාභය පැමිණීමට නියමිතවූ මාර්ගයේ අනෙක් පස තී‍්‍රරෝද රථය ස්ථානගත කළේය.

 

අනගාරික ධර්මපාල මාවත

එදින උදෑසන ගෝඨාභයගේ ගමනාන්තය වූයේ අරලියගහ මන්දිරයයි.ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකට සහභාගීවීම සදහා ඔහු යමින් සිටියේය.ගෝඨාභයගේ සොයුරු මහින්ද ඊට පෙර දින ඉන්දියාවේ සිට නැවත ශී‍්‍ර ලංකාව බලා පැමිණ තිබුණේය.ඩිෆෙන්ඩර් රථ,යතුරුපැදි ඇතුලූ නවයකින් සමන්විත ගෝඨාභයගේ ආරක්ෂක පිරිවර ගාලූ පාරට පිවිසීමට අනගාරික ධර්මපාල මාවත ඔස්සේ පැමිණෙමින් සිටියහ. ගාලූ පාරට පිවසීම සදහා යා යුතුවූ ශී‍්‍රමත් ජේම්ස් පීරිස් මාවතේ පිත්තල හන්දියට ආරක්ෂක රථපෙළ ළගාවිය. පිත්තල වලින් තැනූ නොයෙක් අරුමෝසම් භාණ්ඩ පදික වේදිකාවේ තබාගෙන අලෙවි කරන වෙළදුන් මෙම ස්ථානයේ සුලභ දසුනකි.ගෝඨාභයගේ ආරක්ෂාව හා සම්බන්ධ විශේෂ කාර්යබලකා භටයෝ මාර්ගයේ ගමන් කරමින් තිබූ රථවාහන තාවකාලිකව නවතා ගත්හ. ඩබ්ලියු පී - ජීඑච් 0617 අංක දැරූ රතුපැහැති තී‍්‍රරෝද රථයක් මාර්ගයේ අනෙක් පස සිට ආරක්ෂක රථපෙල ඉදිරියට එන්නට ගත්තේ මේ අවස්ථාවේදීය.නමුත් අධික රථවාහන තදබදය නිසා ත‍්‍රී‍්‍රරෝද රථයේ රියදුරුට ආරක්ෂක රථපෙල ආසන්නයටම පැමිණීම දුෂ්කර විය.

කෙලින්ම රථ පෙල ඉදිරියට පැමිණීමට නොහැකි බව වටහාගත් ඔහු සිවිල් මෝටර් රථ දෙකක් අතරින් තී‍්‍රරෝද රථය ධාවනය කරමින් ආරක්ෂක රථපෙල සමිීපයටම පැමිණියේය.ගෝඨාභය ගමන් කරමින් සිටි වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු රථය ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ආරක්ෂක අංශ සාමාජිකයින් රැගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථය ඉදිරියට පැමිණෙමින් තිබූ තී‍්‍රරෝද රථයේ ගැටුණේය.මහා හඩ නගමින් බෝම්බය පුපුරා ගියේය.වේලාව පෙරවරු 10.39 විය.ඩිෆෙන්ඩර් රියේ ගැටීම නිසා බෝම්බය පුපුරා ගියේද යන්න හෝ කලූ කොටි සාමාජිකයා එය පුපුරුවා හැරියේද යන්න පැහැදිලි නැත.ප‍්‍රහාරය එල්ලවූ ස්ථානය ආසන්නයේම පාසලක්ද පිහිටා තිබිණ.එමෙන්ම මෙම ස්ථානය ප‍්‍රභූන්ගේ ගමන් බිමන් සදහා නිතර භාවිතයට ගැනුනු මංසන්ධියක්ද විය.

ගෝඨාභයගේ මෝටර් රථය පසෙකින් ගමන් කරමින් තිබූ ටේ‍්‍රල් වර්ගයට අයත් යතුරුපැදිය මිීටර 20ක් පමණ ඈතට විසිවිය.එය පැදවූ ලාන්ස් කෝප‍්‍රල් විජේරත්න සහ ඩිෆෙන්ඩර් රිය පැදවූ ලාන්ස් කෝප‍්‍රල් පියසිරි යන දෙදෙනාම බෝම්බයට හසුව මියගියහ.බෝම්බයේ සම්පූර්ණ බලය එල්ලවූයේ ඩිෆෙන්ඩර් රියට සහ මෙම යතුරුපැදියටය.එය දේව බැල්මකට හා සමවිය.ගෝඨාභයගේ රථයට එල්ල වීමට තිබූ බලය මේ නිසා යම්තාක් දුරට අඩුවිය.

මෝටර් රථයේ බොනට්ටුවට, ඉදිරි පස විදුලි පහන් වලට සහ ඉදිරිපස වීදුරුවට ප‍්‍රහාරයෙන් හානි සිදුව තිබිණ.රථයේ රියදුරා සුලූ තුවාළ ලබා සිටියේය.නමුත් ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි ගෝඨාභයගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට සහ පසුපස වම් අසුනේ ගමන් කරමින් සිටි ගෝඨාභයට කිසිදු හානියක් සිදුව තිබුණේ නැත.ප‍්‍රහාරයේ බලයට හසුව මෝටර් රථය විසිවීමේදී හිස වැදීමෙන් ඇතිව තිබූ බමන ගතියක් සහ වීදුරු කැබැල්ලක් වැදීමෙන් ඇතිව තිබූ කැපුමක් හැරෙන්නට ගෝඨාභය නිරුපද්‍රිතව සිටියේය.ඔහුගේ වම් ඇසිබැමේ ඇතිව තිබූ කැපුමෙන් ගලා ආ ලේ බිදු කිහිපයක් කමිස අතේ සහ කොලරයේ ගැවී තිබිණ.

මෝටර් රථය මාර්ගයේ ඇදීගෙන ගොස් නතර වෙද්දී ගෝඨාභය “මොකද වුනේ” යැයි ඇසුවේය.ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වූ එච්.ඩී.කපුහේන මහතා “අපිට පහර දෙනවා” කියමින් ගෝඨාභය සිටි පසුපස ආසනයට පැන්නේය.වහාම තම වෙඩි නොවදින කබායෙන් ආරක්ෂක ලේකම්වරයාව ආවරණය කළ කපුහේන, ගෝඨාභයගේ හිසට ගෑස් හිස්වැසුමක්ද පැළදවූයේය.පිපිරීම නිසා මෝටර් රථයේ දොරවල් අගුලූ වැටී තිබිණ.දොරවල් විවෘත කරන්නැයි කපුහේන කෑගසා කීවේය.ආරක්ෂක රථ පෙළහි සිටි අනෙක් නිලධරයෝ වහ වහා ගෝඨාභයගේ මෝටර් රථය වෙත දිව ආහ.

යකඩ පටියක් ආධාරයෙන් දොරවල් විවෘත කැරිණ.ආරක්ෂක ලේකම්වරයා වත්තන් කරගෙන පිටතට පැමිණි කපුහේන වෙනත් ජීප් රථයකට ඔහුව දමාගෙන ගාලූ පාර ඔස්සේ ඉගිලූනේය.ගමනාන්තය අරලියගහ මන්දිරය විය.ගමනේදී මාර්ගය නිදහස් කරගනු වස් අහසට වෙඩි තැබීමට කපුහේන ඇතුලූ ආරක්ෂක නිලධරයෝ කටයුතු කළහ.ආරක්ෂක අංශ සහ කොටි ත‍්‍රස්තයින් අතර ඇතිවන වෙඩි හුවමාරුවකැයි වේගයෙන් යන ජීප් රිය සහ එහි සිට වෙඩි තබන පුද්ගලයෝ දුටු බියපත් සාමාන්‍ය ජනතාව වැරදි වැටහීමක් ඇති කරගත්හ.ඇතැම් දෙමව්පියෝ තම දරුවන්ව පාසලේ සිට නිවෙස් බලා වහාම රැුගෙන ගියහ.

 

ජනපති මහින්ද රාජපක්ෂ

බෝම්බ පිපිරුමක් ගැන වාර්තාව ලැබෙන විට ජනපති මහින්ද රාජපක්ෂ සිට ඇත්තේ අරලියගහ මන්දිරයේ නිල මට්ටමේ සාකච්ඡාවකට සහභාගීවය.වාර්තාව ලැබුණු විගස කලබල වූ ජනපතිවරයා “මේ තමයි ගෝඨා මෙහෙ එන්න තිබුණු වෙලාව. බලන්න මොනවද වෙලා තියෙන්නේ කියලා” යැයි කියමින් සාකච්ඡාව පැවැත්වෙමින් තිබූ කාමරයෙන් වහාම පිටතට ගොස් ඇත.ඔහු කෝපයෙන් හා කලබලයෙන් දුරකතනයෙන් ඇමතුම් ගනුත්,හඩ නගා කතා කරනුත් දැකගත හැකිවූයේයැයි එම අවස්ථාවේ එතැන සිටියෝ පවසන්නෝය.

ගෝඨා නිරුපද්‍රිතව සිටිනා බව දැනගත් පසු මහින්ද කියා ඇත්තේ වහාම ඔහුව අරලියගහ මන්දිරයට රැගෙන එන ලෙසය. ගෝඨාව ඩිෆෙන්ඩර් රථයක නංවාගෙන අරලිගහ මැදුර වෙත විගස රැගෙන යන්නට ආරක්ෂකයෝ කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

ගෝඨා දුටු වහාම පී‍්‍රතියෙන් ඉපිල ගිය මහින්ද ඔහුව දැඩිව වැළදගෙන මිනිත්තුවක් පමණ නිහඩව සිට ඇත.මහින්දගේ ඇස් වල කදුලූ පිරී තිබුණු බව එම අවස්ථාවේ එතැන සිටියෝ කියන්නෝය.ගෝඨාද සිට ඇත්තේ සතුටින් හා සැහැල්ලූවෙනි.වතුරට වඩා ලෙය ඝණකම් යන කියමන හොදින්ම පෙනී ගිය අවස්ථාවක් ලෙස මහින්ද - ගෝඨා අයියා මලෝ නැවත එක්වීම පෙන්වාදිය හැකිය. “උන්ට ඔයාව මරන්න බැහැ.ඔයාව මරන්න බැහැ” යැයි මහින්ද කියා ඇත.

ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ ගෝඨාභයගේ බිරිද අනෝමා රාජපක්ෂ මහත්මිය සිටියේ ගුවන්හමුදා මූලස්ථානයේ පැවැත්වෙමින් තිබූ සේවා වනිතා ඒකකයේ රැස්වීමකට සහභාගීවය.තම සැමියා ඉලක්ක කර බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී ඇතැයි දැනගත් විගස  ඕ වහාම අරලියගහ මැදුර වෙත පැමිණියාය. ඇයගේ මහත් අස්වැසිල්ලට හේතු වෙමින් ගෝඨාභය කිසිදු අනතුරක් නොමැතිව එහි සිටියේය.දෙවියෝ මාව බේරුවා” ප‍්‍රහාරයෙන් මිනිත්තු කිහිපකට පසු දිවයින පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් ගෝඨාභය පැවසුවේය. මගේ ආරක්ෂකයෝ රථයේ දොරවල් කඩලා මට එළියට එන්න උදව් කළා.මගේ වාහනය ඉස්සරහට තී‍්‍රරෝද රථයක් එනවා දැකපු කොමාන්ඩෝ භටයනුත් අවස්ථානුකූලව කටයුතු කළා. ඔහු වැඩිදුරටත් කීවේය.

හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක සහ හිටපු බස්නාහිර පළාත් අලවි මවුලානා වැනි ප‍්‍රභූන් පැමිණ ගෝඨාභයට සුභ පැතූහ.අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය ගෝඨාභය රෝහල් ගතවූ අතර එහිදී සිදුකෙරුණු පරීක්ෂා වලින් කිසිදු ආපදාවක් වී නැතැයි තහවුරු කරගත්තායින් පසු නිවස බලා ගියේය.ඔහු අනතුරුව කළේ නින්දට යෑමය.අනෝමා රාජපක්ෂ මහත්මිය දුරකතන ඇමතුම් ගණනාවකට පිළිතුරු දෙමින් තම සැමියා හොදින් සිටින බව කීවාය.දිවයින පුරා පූජා සංවිධානය කෙරුණේ ගෝඨාභයගේ ප‍්‍රාතිහාර්යයකට නොඅඩු ගැලවීම වෙනුවෙන් දෙවියන්ට පින් දීමටය.

 

අරලියගහ මැදුරෙන් ප‍්‍රකාශයක්

රෝහල බලා යෑමට ප‍්‍රථමයෙන් ගෝඨාභය අරලියගහ මැදුරේ සිටම ප‍්‍රකාශයක් සිදුකළේය.එහිදී ඔහු දිගටම ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින බවත්,ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට තිරව කටයුතු කරන බවත් කියා සිටියේය.

මෙවැනි ප‍්‍රහාර හමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමට තිබෙන අදිටන තව තවත් ශක්තිමත් කරගන්නවා මිස පසුබෑමට තබා ඒ ගැන සිතීමටවත් නොපෙළඹෙන බව ගෝඨාභය පැවසුවේය.

එල්.ටී.ටී.ඊ යේ බොරු වලට රැවටී ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ඇප කැපවී සිටිනා ශී‍්‍ර ලංකාවේ වීරෝධාර රණවිරුවන් සුලූකොට තැකීමට කටයුතු නොකරන ලෙස ඔහු අන්තර්ජාතික ප‍්‍රජාවගෙන් ඉල්ලීමක්ද කළේය.

කුමන බාධා නැගුණ ද සාමය රජයන රටක් ඇතිකිරීමට රණවිරුවන් ඇතුලූ රටේ සියලූම ජනතාව සිදුකරන කැපකිරීම් මුල් තැනෙහි ලා සළකන බවත්, සාමය ඇතිකිරීමට ඇපකැපවී කටයුතු කරන බවත්, මෙම බෝම්බ ප‍්‍රහාරයට හසුව තුවාළ ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයින්ට හා සිවිල් වැසියන්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවත් ගෝඨාභය කීවේය. ත‍්‍රස්තයින්ට නොබියව මුහුණදුන් තම ආරක්ෂකයින්ටද ඔහු ස්තූති කළේය.

 

රට වෙනුවෙන් යුද වැදී සිටින රණවිරුවන්ට ධෛර්යය හා ශක්තිය ලැබෙන්නට ප‍්‍රාර්ථනා කරන ලෙසත්,සාමය වෙනුවෙන් හඩ නගන ලෙසත්, සාමය හා සහජීවනය රජයන ශී‍්‍ර ලංකාවක් ඇතිකිරීමට එක්වන ලෙසත් ජනතාවට ආරාධනා කරමින් ගෝඨාභය තම ප‍්‍රකාශය අවසන් කළේය.

 

එල්.ටී.ටී.ඊ මෙහෙයුම

ගෝඨාභයට එල්ලවූ ප‍්‍රහාරය අන්තර්ජාතික ප‍්‍රජාව දැඩිව හෙළා දැක්කේය.එල්.ටී.ටී.ඊ සංවිධානයේ සැළසුමක් අනුව එල්ල කෙරුණක් බව පෙන්වන ලක්ෂණ සියල්ලම මේ ප‍්‍රහාරයේ  තිබෙනවා.අප නැවත වරක් එල්.ටී.ටී.ඊ යෙන් ඉල්ලා සිටින්නේ ත‍්‍රස්තවාදය සහ ප‍්‍රචණ්ඩත්වය අතහැර ශී‍්‍ර ලංකාවේ ගැටලූවට සාමකාමිී විසදුමක් සොයාගැනීමේ කි‍්‍රයාදාමයට එක්වන ලෙසට. යැයි ශී‍්‍ර ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය නිකුත් කළ ප‍්‍රකාශයේ සදහන් විය.

එවක බි‍්‍රතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හා සෘජුවම සම්බන්ධවී ගෝඨාභයට එල්ල කෙරුණු ප‍්‍රහාරය තරයේ හෙළා දුටුවේය.සාම කි‍්‍රයාදාමයේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ නෝර්වේ රාජ්‍යයද මෙම ප‍්‍රහාරය හෙළා දකිමින් ප‍්‍රකාශ නිකුත් කළේය.අපි මේ ප‍්‍රහාරය තරයේ හෙළා දකිනවා.මේ වගේ සිදුවීම් දිගින් දිගටම වාර්තා වුනා.මේ වගේ දේවල් නිසා ශී‍්‍ර ලංකාවේ ගැටලූවට විසදුම් හොයන එක කිසිසේත්ම පහසු වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කිවයුතුයි.යැයි නෝර්වේ තානාපති කාර්යාලයේ ප‍්‍රකාශක එරික් නර්න්බර්ග් පැවසුවේය.සටන් විරාම නිරීක්ෂණ කමිටුවද ප‍්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයාට එල්ලවූ බෝම්බ ප‍්‍රහාරය තමන් කිසිලෙසකින්වත් අපේක්ෂා නොකළක් බව නිවේදනය කර සිටියේය.

මේ අතරවාරයේ ආරක්ෂක නිලධරයෝ බෝම්බ ප‍්‍රහාරය එල්ලවූ පෙදෙස ජන මුක්ත කලාපයක් බවට පත්කළ අතර ප‍්‍රදේශයේ රථවාහන ගමනාගමනයට රාති‍්‍රය වනතෙක්ම අවසර නොදුන්නෝය.ප‍්‍රහාරය නිසාවෙන් මාර්ගයේ තිබූ වෙනත් මෝටර් රථ ගිනි ගැනීමෙන් වළක්වාගැනීමට ගිනි නිවන හමුදාව කැදවා තිබුණි.මගී ප‍්‍රවාහන බස් රථ දෙකක් ඇතුලූ තවත් වාහන 17 කට අලාභහානි සිදුව තිබුණි.ඉන් අටකට සිදුව තිබූ හානි බරපතල තත්ත්වයේ විය.මෙම වාහන අතර ආරක්ෂක අංශ වලට මෙන්ම සාමාන්‍ය ජනතාවට අයත් වාහනද විය.

ප‍්‍රහාරයෙන් බෝම්බකරු ඇතුලූ සිව්දෙනෙක් මරණයට පත්විය.මියගිය අනෙක් තිදෙන වූයේ ගෝඨාභය රාජපක්ෂයේ ආරක්ෂාවට සපයා සිටි නිලධරයින් දෙදෙනෙකු සහ පදිකයෙකි.ඔහුගේ නම එවක පළවූ මාධ්‍ය වාර්තා වලින් ප‍්‍රසිද්ධ නොකෙරිණ.මියගිය ආරක්ෂක නිලධරයින් දෙදෙනාගෙන් එක් අයෙක් ගෝඨාභයගේ රියට ඉදිරියෙන් ගිය ඩිෆෙන්ඩර් රිය පැදවූ රියදුරා වූ අතර අනෙක් තැනැත්තා ගෝඨාභයගේ රිය පසෙකින් ගමන් කළ යතුරුපැදියක ධාවකයා විය.

සිද්ධියෙන් තුවාළ ලැබූ සංඛ්‍යාව 18 ක් විය.එයින් 13 දෙනෙක් රෝහල් ගත කැරිණ.අට දෙනෙක් ආරක්ෂක නිලධරයින් විය.ඉතිරි පස් දෙනා සිවිල් වැසියෝය.තුවාළ ලබා සිටියවුන්ගෙන් තිදෙනෙක් නවලෝක රෝහලට ඇතුළත් කෙරුණු අතර අනෙක් අය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කැරිණ.

තුවාළ ලැබූවන් අතර එවක විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ලෙස සේවය කළ එච්.එම්.ජී.එස් පළිහක්කාර මහතා සහ හිටපු භාණ්ඩාගාර ලේකම් චරිත රත්වත්තේ විය.ඔවුහු සුලූ තුවාළ ලබා සිටියෝය.දෙදෙන ගොඨාභය හා ගමනේ යෙදී සිටියෝ නොවූහ.

 

පිපිරීමක් සමග ගිනි ජාලාවක්

පිපිරීම ඇසින් දුටුවන් 20 කට වැඩි පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීම සිදුවිය.මාර්ග අංක 122 කොටහේන - මහරගම බස් රථයක රියදුරු වූ විසිහත් හැවිරිදි අයි.එස්.වීරසේකර මහතා දී තිබුණු ප‍්‍රකාශය මෙවැනි විය.

 

‘‘ආරක්ෂක ලේකම්වරයාගේ රථ පෙළට ගමන් කරන්න ඉඩ හදලා දෙන්න මම මාර්ග සංඥා පුවරුව ළග බස් රථය නතර කළා.එහෙම නතර කරන්න කියලා උපදෙස් දුන්නේ විශේෂ කාර්යබලකායේ නිලධාරීන්.එකසැරේට මට මහා පිපිරීමක් ඇසුණා.ඒ ගමන්ම ඉස්සරහා තිබුණු අඹ ගහ ළගින් දුම් වළලූත් එක්ක ගිනි ජාලාවක් නැගෙනවා මම දැක්කා.එකසැරේට බස් එක ඉස්සරහට ඇදිලා ආවේ ගින්නෙන් දැවෙමින් තිබුණු යතුරුපැදියක්.ඒක වැදේවි කියලා බයෙන් මම පහත්වුනා.යතුරුපැදිය වැදිලා බස් රථයේ ඉදිරිපස වීදුරුව බිදිලා ගියා.”

 

මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස පිපිරීම සිදුවූ ස්ථානයට මිීටර 25 ක් පමණ දුරකින් තිබූ කැබ් රථයක පසුපස කොටසේ වැටී තිබියදී සොයාගැනීමට හැකිවිය.බෝම්බකරු භාවිතා කළේ යැයි සැක කෙරෙන ජංගම දුරකතනයක්ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කීවේය.සිදුවීමෙන් පසු කොළඹ සිටි දෙමළ ජාතිකයින් 15 දෙනෙක් පමණ ප‍්‍රශ්න කිරීම් සදහා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.තී‍්‍රරෝද රථයේ අංක තහඩුව භාවිතයෙන් එහි හිමිකරු සොයාගැනීමට හැකිවූ අතර නමින් ඇන්තනී බර්නාඞ් කි‍්‍රස්ටෝපර් වූ ඔහු වාසය කළේ කඩවතය.ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී සොයාගැනීමට හැකිවූයේ ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර මෙම තී‍්‍රරෝද රථය මෝදර පදිංචි බව කියා ඇති මොහොමඞ් ලතීෆ් මොහොමඞ් ෆරීඩ් නම් පුද්ගලයකුට රුපියල් ලක්ෂ තුනක මුදලකට විකුණා ඇති බවය.ඔහු ගැන කළ සොයාබැලීම් වලදී නවාතැන් සදහා මාස තුනක අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ෆරීඞ් නවාතැන් හිමිකරු වෙත ගෙවා ඇති බව පොලිසිය අනාවරණය කරගත්තේය.

 

වැඩිදුර විමර්ෂණ වලින් හෙළිවූයේ එම්එල්එම් ෆරීඞ් ලෙස මුස්ලිම් නමකින් පෙනී සිට ඇත්තේ බාලසිංහම් විජයකුමාර් නම් දෙමළ ජාතිකයකු බවයි.ඔහු කුරුම්පුල්ලි හෙවත් කලූ කොටි සාමාජිකයකු බවත්,කොළඹ පැමිණ ඇත්තේ බෝම්බ ඇටවූ රථයක් භාවිතයෙන් ගෝඨාභය ඝාතනය කිරීමට බවත් බලධරයෝ ක‍්‍රමයෙන් අනාවරණය කරගත්හ.තී‍්‍රරෝද රිය පදවාගෙන පැමිණි තැනැත්තා අන් කිසිවකු නොව බාලසිංහම් විජයකුමාර් හෙවත් මොහොමඩ් ලතීෆ් මොහොමඩ් ෆරීඩ්ම විය.

 

තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකරගෙන යාමේදී තී‍්‍රරෝද රථයේ සවිකර තිබූ කිලෝ 25 කට අධික බරකින් යුතු බෝම්බය කොළඹට ප‍්‍රවාහනය කිරීමට එල්.ටී.ටී.ඊ ය යොදාගෙන තිබෙන්නේ කෙයාර් නම් අන්තර්ජාතික තලයේ රාජ්‍ය නොවන සංවිධානයක කැබ් රථයක් බව අනාවරණය විය.විමර්ෂණ පැවැත්වූ බලධරයින්ට සොයාගත හැකිවූ ආකාරයට එම රථය පදවා ඇත්තේ එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයකු වන තම්බිරාජා යෝගරාජා නම් පුද්ගලයෙකි.බෝම්බය රථයේ ඉන්ධන ටැංකියේ සගවාගෙන කොළඹට රැගෙනවිත් තිබෙන බවත්, වැල්ලවත්ත ප‍්‍රදේශයේදී එය පිටතට ගෙන මෝදර දක්වා ගෙනවිත් තී‍්‍රරෝද රියට සවිකර ඇති බවත් සොයාගැනීමට බලධාරීන් සමත්විය.

 

2002 සටන්විරාම ගිවිසුමෙන් ලැබූ අවසරයෙන් කොළඹ,එනම් දිවයිනේ දකුණු දිග ප‍්‍රදේශය දක්වාම තම සංවිධානයේ සාමාජික හා ආධාරකරුවන්ගේ ජාලය ව්‍යාප්ත කිරීමට එල්.ටී.ටී.ඊ ය කටයුතු කර තිබෙන බව ගෝඨාභයට එල්ලවූ ප‍්‍රහාරය සම්බන්ධ විමර්ෂණ කටයුතු වලදී ක‍්‍රමයෙන් අනාවරණය විය.මෙම ජාලය බිද හෙළීමට බලධරයෝ කටයුතු කළත් ඔවුන්ගේ ඇස්වලට වැලි ගසා රජයේ ප‍්‍රබල සාමාජිකයින් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ත‍්‍රස්තයෝ සමත්වූහ.ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඝාතනය එවැන්නකි.නමුත් ක‍්‍රමයෙන් මේ ශක්තිමත් ජාලය බිද හෙළීමට ශී‍්‍ර ලංකා ආරක්ෂක බලධරයෝ සමත්වූහ.එල්.ටී.ටී.ඊ යට ඔත්තු සැපයූයේයැයි චෝදනා මත යුද හමුදා කර්නල්වරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු අත්අඩංගුවට ගැනීමද සිදුවිය.දෙදෙනම සිංහල ජාතිකයෝය.

 

මෙම කටයුතු සාර්ථකව සිදුවෙමින් පැවතියද වැදගත්ම ගොදුර දඩයම් කරගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත.දකුණේ එල්.ටී.ටී.ඊ මෙහෙයුම් භාරව සිටින්නේ කවුද? පොට්ටු අම්මාන්,කපිල් අම්මාන් සහ වෙනත් එල්.ටී.ටී.ඊ නායකයින් ප‍්‍රහාර සැළසුම් කළද බිම් මට්ටමේ සිට ඒවා කි‍්‍රයාත්මක කරන්නේ තවත් පුද්ගලයෙක් බවට ඉගි ආරක්ෂක බලධරයින් වෙත ලැබී තිබිණ.දකුණේ මරාගෙන මැරෙන ප‍්‍රහාර දියත් වන්නේ මේ පුද්ගලයාගේ අධීක්ෂණය යටතේ බව බලධරයෝ දැන සිටියහ.මොහු කොටුකරගැනීමට කළ උත්සාහයන් වල නිමක් නොතිබිණ.නමුත් එල්.ටී.ටී.ඊ ය පරාජය කර මාස තුනක් ඉක්ම ගිය 2009 අගෝස්තු මස ආරක්ෂක බලධරයෝ වැදගත් සොයාගැනීමක් සිදුකළෝය.

 

සෙල්වරාජා කිරුපකාරන් හෙවත් මොරිස්

කොළඹ එල්.ටී.ටී.ඊ මහමොළකරු සෙල්වරාජා කිරුපාකරන් හෙවත් මොරිස් බව අනාවරණය කරගැනීමට ආරක්ෂක බලධරයෝ සමත්වූහ.මරාගෙන මැරෙන බෝම්බකරු මුස්ලිම් ජාතිකයකු ලෙස පෙනී සිටි අයුරින්ම මොරිස්ද පෙනී සිටියේ මොහොමඞ් නිසාර් යන නමින් මුස්ලිම් ජාතිකයකු ලෙසය.කුප්පියාවත්තේ සහ දෙමඩගොඩ යන ප‍්‍රදේශවල පිහිටි නිවාස දෙකක් ඔහුට තිබුණි.මොරිස්ගේ හැසිරීම් ගැන අවධානයෙන් සිටි පොලිසිය වරක් ඔහු තම ස්කූටරයෙන් දෙමටගොඩ සිට මරදාන බලා ගමන් කරමින් සිටියදී මොරිස්ව ලූහුබැද ගියහ.පොලිස් ජීප් රිය ස්කූටරයේ ගැටුණු අතර මොරිස් බිම පතිත විය.වහාම ඔහු තම සන්තකයේ තබාගෙන සිටි සයනයිඞ් කරල් දෙකක් ගිල්ලේය.

 

මොරිස් වහාම කොළඹ ජාතික රෝහලය ඇතුළත් කැරිණ.දින දෙකක් දැඩි වෛද්‍ය අවධානය යටතේ සිටි ඔහු ක‍්‍රමයෙන් සුවය ලැබුවේය.මොරිස්ගෙන් දැඩිව ප‍්‍රශ්න කළ පොලිසිය ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හමුදාපති සරත් ෆොන්සේකා ඝාතන තැත පසුපස සිටින්නේද ඔහු බව අනාවරණය කරගත්තේය.එල්.ටී.ටී.ඊ ය පරාජය වී තිබූ නිසා මොරිස්ගෙන් ලබාගත් තොරතුරු වල ප‍්‍රායෝගික වටිනාකමක් නොතිබිණ.සිරිසේන - වික‍්‍රමසිංහ රජය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් යටතේ මොරිස්ටද නිදහස ලබාදීමට ගියද එයට දැඩි විරෝධයක් එල්ල විය.අදටත් මොරිස් පසුවන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේය.

 

ගෝඨාභය රාජපක්ෂට එල්ලවූ ප‍්‍රහාරයේ තතු මෙවැනිය.බොහෝ කාලයක් මුලූල්ලේ සිටිම දේශීය මෙන්ම අන්තර්ජාතික ප‍්‍රජාව විශ්වාස කළේ එය එල්.ටී.ටී.ඊ සැළසුමක් බවය.එය තහවුරු කෙරෙන සාක්කි වුවමනා තරම් තිබුණි.සරත් ෆොන්සේකා පවා තම 2010 ජනපතිවරණ ව්‍යාපාරයේදී මෙයට එරෙහිව කිසිත් කියා සිටියේ නැත.නමුත් එක්සත් ජාතික පෙරමුණු රජයේ ඇමැතිකමක් ලබාගත්තායින් පසු ඔහු දැන් පවසන්නේ ප‍්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සැළසුමක් මත එල්ල කෙරුණු බවය.

 

රාජපක්ෂ පාලන සමයේදී සරත් ෆොන්සේකාට ඉතාම පහත් ලෙස සැළකුණු බව කීමේ කිසිදු වරදක් නැත.ඔහුගේ තනතුරු හා නම්බු නාම සියල්ලද ඉවත් කැරිණ.නමුත් වත්මන් රජය ඒ සියල්ල නැවත ඔහු වෙත ලබාදීමටත්,යුද්දය ජයග‍්‍රහණය කළ හමුදාපතිවරයා වීමේ ගෞරවය ඔහුට හිමිකරදීමටත් කටයුතු කළේය.මේ හමුවේ මුලූ රටේම ජනතාව සතුටුවූහ.

 

ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා

තමන් කළ ප‍්‍රකාශය ගැන පැහැදිලි කිරීමක් සිදුකිරීම ෆොන්සේකාට දැන් පැවරී තිබෙන වගකීමයි.හිටපු ආරක්ෂක ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම අම්බලන්ගොඩ සිංහයාට තරම් නොවේ.පවසා සිටි දෙයට සාක්කි ඉදිරිපත් කිරීමට ෆොන්සේකා අපොහොසත් වුවහොත් පාර්ලිමෙන්තුව සහ රටේ ජනතාව නොමග යැවීමේ ප‍්‍රකාශයක් සිදුකළේයැයි අධිකරණය ඉදිරියේ ඔහු වරදකරුවකු වීමේ අවදානමක් තිබේ.



අදහස් (15)

දැන් අම්බලන්ගොඩ සිංහයාගේ වාරයයි

සිරිල් Tuesday, 24 May 2016 11:19 AM

පුද්ගලික පළිගැනීමක් කියල කියන්න පුළුවන් එයත් ඔයත් දෙන්නම ලොකු සේවයක් කළ බව දනිමු එහෙත් මුසා කීමන් ඔබතුමා පිරිහෙවී ඔබට සැලකු විදිහ හොඳ නැහැ. එහෙත් බොරු කියන්න එපා (බ)

:       0       0

ලුම්බිණි Tuesday, 24 May 2016 06:12 AM

ෆොන්සේකා ප්‍රකාශය කළා. ඒ තමා එයාගේ පැහැදිලි කිරීම. මේක ඇත්තද කියලා බලන්න අපක්ෂපාති පරීක්ෂණයක් කළයුතුයි නේද? (නි)

:       0       1

දුමින්ද Tuesday, 24 May 2016 06:25 AM

මීටවඩා වැදගත් රටේ ජාතික ගැටළු කොච්චර තිබෙනවාද? (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 24 May 2016 06:32 AM

ලුම්බිණි, තමුන් වගේ අයට කොහොම කතාකරන්නද මට තේරෙන්නේ නැහැ. මම පොඩ්ඩක්වත් පුදුම වෙන්නේ නැහැ තව අවුරුදු කීපයක් ඇතුළත කොටුව ස්ටේෂම ඉස්සරහා, අපේ කට්ටිය බෝඩ් උස්සගෙන නොසිටියොත් ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ අය ඝාතනය ගැනත් අපක්ෂපාති පරීක්ෂණයක් කර වැරදිකරුවන්ට දඬුවම් දෙනු කියලා (නි)

:       0       0

විජිත Tuesday, 24 May 2016 06:44 AM

අනේ මන්දා! මට නම් මොකුත්ම අදහසක් හිතට එන්නෙ නැහැ (නි)

:       0       0

සෙනෙවි Tuesday, 24 May 2016 06:56 AM

අම්බලන්ගොඩ සිංහයා බලුවෙන හැඩයි (හේ)

:       0       0

සනත් Tuesday, 24 May 2016 07:18 AM

සිංහ හම පොරවා ගත්තට පලක් වෙයිද?(හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 24 May 2016 07:25 AM

ෆොන්සේකා මහත්තයත් කටට එන එන පලියට බයිලා ගහනවා වගෙයි මේ කතාවෙන් තේරෙන්නේ. (බ)

:       0       0

සෑම් Tuesday, 24 May 2016 07:36 AM

මේ සිද්ධිය ගැන ඇත්තටම ගොඩක් දුකයි.(හේ)

:       0       0

වින්සන්ට් Tuesday, 24 May 2016 06:24 PM

වගකීමකින් තොරව අදහස් ප්‍රකාශ කිරීම වගේම බලය ඇති මොහොතේ අන් අයට පහත් විදියට සැළකීමත් එක වගේ තමන්ගේ ගෞරවය හානි කර ගැනීමකි. තමන්ගේ කුමන හෝ අරමුණක් වෙනුවෙන් නිකරුණේ කෙනෙකුව හිරගෙදර යැවීම කිසිවෙකුට සාධාරණය කළ නොහැකිය.(බ)

:       0       0

සුනිල් Wednesday, 25 May 2016 09:45 AM

ඔබ රට වෙනුවෙන් ,යුද්දයේදී ලොකුම දෙයක් කළ බව ඇත්ත . නමුත් ඔබ දේශපාලන වශයෙන් සුදුසු නැති බව පසු ගිය මහා මැතිවරණෙන් ජනතාව සැමට දන්වා ඇත. මැතිතුමනි , නිශ්ශබ්දව ඉන්න. (බ)

:       0       0

චරිත Wednesday, 25 May 2016 10:06 AM

යුද්ධය කළේ පොන්සේකා අපිට ලොකු වීරයෙක්. මේ බලු කතා කිව්වට පස්සේ නම් එයා තඹයක් වටින්නේ නැහැ. කොටියන්ගේ උවමනාවට රට සහ හමුදාව පාවාදීම අපි අනුමත කරන්නේ නැහැ. (බ)

:       0       0

ජානක Tuesday, 24 May 2016 09:28 AM

ෆොන්සේකා දේශපාලනයට අාවාට පස්සෙ ඔහුගෙ තිබ්බ අවංකකම සහ ගාම්භිරත්වය නැති වුණා. (ම)

:       0       0

නිමලරත්න Tuesday, 24 May 2016 10:53 AM

පාලි ගැනීමේ චේතනාව, දේසපාලන බල පෙරේත කම නිසා කීර්තිමත් යුද හමුදාපතිවරයකුට ගිය කල .(ම)

:       0       0

Chamil Sunday, 31 May 2020 12:52 PM

ෆොන්සේකා කියන කතාව ඇත්තද? නැද්ද? කියලා දැන්ගන්න නම් ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනෑ. අපේ රටේ එහෙම ඒවා කෙරේවි කියලා හිතන්නවත් බෑ. ඒ කොහොම වුණත් දැක්කද රනිල්ගෙ පත්තරෙන් ගෝඨාභයට දෙන චරිත සහතිකේ... මේක කියවද්දී මට තේරුම් ගිය වැදගත්ම දේ තමයි මහබැංකු වංචාවට කවදාවත් රනිල් වරදකරු වෙන එකක් නම් නෑ කියන එකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site