
(අමිල චින්තක ගමගේ)
හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඒවායේ හිඟ විදුලිබිල් පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
එම අමාත්‍යංශය පැවසන්නේ සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
එවක අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර තිබී ඇති අතර ඒ අනුව රජයේ නිල නිවාස හැකි ඉක්මනින් භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළිත් සිහි කැඳවිම් කළ බවද එම අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියා සිටී.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි
ravin Friday, 18 October 2024 02:20 PM
තවතවත් පොදුජනමුදලින්ම යැපෙන්න හදන හිඟනුන්ගේ නම්ගම් දාන්න. මේ මස මුල සිට සියලු විදුලි, ජල, හා දුරකථන බිල්පත් අදාළ හිඟන්නන්ගෙන්ම අයකරගන්න. තවතවත් පොදුජන මුදල් වැය නොකර පදික වේදිකාවට ඇදලා දාන්න.
පිටරටවැසියා Friday, 18 October 2024 02:28 PM
සක්කිලි හැත්ත. රටේ බත් කන හරක් තවමත් ඉන්න හින්ද තමයි. මෙවැනි තක්කඩින් නැවතත් දියවන්නාවට එන්න දඟලන්නේ. වරදාන, වරප්‍රසාද නැතිව ඉන්නම බැහැ, කුඩු ගැහුවටත් වඩා අන්තයි.
Dharmatileke Friday, 18 October 2024 03:44 PM
පිස්කල් බලය යොඳවා එළියට ඇඳලා දාන්න.
JayasekaraFriday, 18 October 2024 05:22 PM
පිස්කල් බලයෙන් ඇදලා දැම්මට... කවුද හිඟ බිල් ගෙවන්නේ...? නඩුම තමයි දාන්න ඕන...
de silva Friday, 18 October 2024 03:48 PM
රජයට පුළුවන්නේ උසාවි නියෝගයක් අරගෙන පිස්කල් නිලධාරීන් සහ පොලිසිය යොදවා බඩු සහ නිවැසියන් එලියට දමලා නිවාස ටික අත්පත් කරගන්න. රජයට බැරිනම් ප්‍රසිද්ධ කරන්න ලිපිනයන් ජනතාව ඇවිත් ඔය වැඩේ කරලා දේවි.
අමල් Saturday, 19 October 2024 02:40 PM
තඹුත්තේගම අනුරයි, අනුරාධපුරේ ලාල් කාන්තයි 2010 ඉඳන් පාවිච්චි කරන මාදිවෙල මන්ත්‍රී නිල නිවාස 02ත් මේ කියන බාරදීපු නිල නීවාස 14ට ඇතුළත්ද? දන්නේ නැති හන්දා අහන්නේ...!
Kazi Shajahan Sunday, 20 October 2024 10:17 AM
ජනතා බලවේගය පාවිච්චි කරලා, ඔවුන් ටික පන්නලා දෙන්න. මතකයි නේද මැයි 09, ලයිට් බිල සහ වතුර බිල අරගෙන දෙන්නම් රජයට.... දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්...!