
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා පැවසීය.
විවෘත කර ඇති දොරටු හයෙන් හතරක් අඩි 5 බැගින් සහ දෙකක් අඩි 2 බැගින් විවෘත කර ඇත. මේ හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 16600 ක ජල පරිමාවක් මුදා හැරෙන බවත් දැදුරුඔය පහළ ප්‍රදේශ වල පදිංචි ජනතාවට සහ දැදුරුඔය ආශ්‍රිතව කටයුතු කරන පිරිස් වලට සැළකිලිමත් වන ලෙසද ඉන්ජිනේරුවරයා පැවසීය.
මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් නොවන අතර එම ප්‍රදේශවලට ලැබෙන වැසි තත්වය අනුව එය වෙනස් විය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
දැදුරුඔය ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 60000 කි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැදුරුඔයේ වාන්දොරටු හයක් විවෘත කරයි
Venrix Saturday, 09 November 2024 11:45 AM
අවුරුදු 76ක් රට කෑවා කියන අය රටට දායාද කරපු දේවල් තමයි මේ...!
jimmySaturday, 09 November 2024 04:16 PM
ඔව් ඔව් ඔය කාලකණ්ණි කමට අපි මොනවා කරන්නද?