IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිගාමඩුල්ලේ සියයට 73 යි

(ඩි ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය  පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධාරි චින්තක අබේවික්‍රම මහතා ප්‍රකාශ කලේය.

දිගාමඩුල්ල ,කල්මුනේ,පොතුවිල් සහ සම්මන්තුරේ ජන්ද බල ප්‍රදේශවලට අයත් මධ්‍යස්ථාන 528 ක ජන්ද විමසීම සිදුවූ අතර, මේ වනවිට ජද ගණන් කිරීමේ මධ්‍යස්ථානයවන අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය වෙත ජන්ද පෙට්ටි ලැබෙමින් පවතින බව ද, ඒ මහතා සදහන්  කලේය.

තැපැල් ජන්ද ගනන් කිරීම ප.ව.5.00 ට ආරම්භ කළ  අතර,  ගණන්කිරීමේ ශාලා12 ක ගණන් කිරීම  සිදුවෙන බව  ,ඒ මහතා    වැඩිදුරටත් පැවසීය.

ජන්දය ගනන් කිරීම සදහා ගනන් කිරීමේ ශාලා 42 ක් සූදානම්කර  ඇති බවත්, නිලධාරීන් 3000 කට වැඩි ප්‍රමාණයක් යොදවන බවත් සදහන් කල චින්තක අබේවික්‍රම මහතා , රාත්‍රී 8.00 ට්ම  පමණ වනවිට ජන්දය ගණන්   කිරීම ආරම්භ කිරීමට හැකි බවට විස්වාසය පලකලේ‍ය.

  



අදහස් (0)

දිගාමඩුල්ලේ සියයට 73 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site