IMG-LOGO

දකුණේ බේකරිවලින් රතු එළියක්

 (ජේ.කේ.එල්.චාමින්ද සහ රවි ලියනගේ)

විදුලිබිල අධික ලෙස වැඩිකිරිමට ගත් තින්දුවත් සමග  බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවි ඇති බවත් මේ නිසා අකමැත්තනේ හෝ බේකරි කෑම වර්ගවල මිල ඉහල දැමිමට සිදුවන බව දකුණු පළාත්  කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි.

ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සදහන් කළේය. විදුලිබිල අධික ලෙස ඉහල දැමිම නිසා බේකරි කෑම නිෂ්පාදනය කිරිමේ සිට අලෙවිකරණ තෙක්  මෙම කර්මාන්තයට දැඩි බලපැමක් එල්ලවි ඇති බවද කමල් පෙරේරා මහතා පවසයි. 

බේකරි කර්මාන්තයට හා සාමාන්‍ය ජනජිවිතයට  විදුලිය  අත්‍යවශ්‍ය දෙයක්.  විදුලිය මේ අයුරින් ඉහල ගියවිට බේකරි කර්මාන්තයේ පිටි ටික අනන තැන සිට පාන් ටික පුච්චලා කෑම ටික හදලා අලෙවි සැලේ අලෙවිකරණ තෙක්  විදුලිය අත්‍යවශ්‍ය වෙනවා. බේකරි  නිෂ්පාදනයට මෙන්ම අලෙවි කිරිමට සියයට සියයක් විදුලිය අවශ්‍ය වෙනවා.මේ නිසා කොහොමද අපි බේකරි කර්මාන්තය කරගෙන යන්නේ.පසුගිය දිනවල ගෑස් මිල  හොර රහසේම වැඩිකළා.

පාරිභෝගිකයින්ට මේ බර දරන්න බැරි නිසා  බේකරි කෑමවල මිල ඉහල දැම්මේ නැහැ. විදුලිබිලත් දරාගන්න බැරි විදියට ඉහල දැමුවිට අපි කොහොමද මේ කර්මාන්තය කරගෙන යන්නේ. පාරිභෝගිකයාට අවශ්‍ය කෑම ටික හදලා අපි කොහොමද පාරිභෝගිකයින්ට ලබාදෙන්නේ .මේ නිසා අකමැත්තෙන් හෝ බේකරි කෑම වර්ගවල මිල ඉහල දැමිමට සිදුවන බව ද කමල් පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (1)

දකුණේ බේකරිවලින් රතු එළියක්

Bamunuarachchi Friday, 17 February 2023 10:23 AM

බේකරි විෂ්පාදනවල මිල වැඩි වෙන්නේ නැහැ බර අඩුවෙනවා එහෙමනේද ගොයියෝ? දැන් පාන්ගේදියක් ග්රෑම් 400 යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site