
(ප්‍රසාද් රුක්මල් )
බණ්ඩාරවෙල බිදුනුවැව දික්උල්පත කිරිඔරුව මාර්ගය ගිලාබැසීමට ලක් වීමෙන් මාර්ගයේ මීටර් 25ක පමණ කොටසක් කැඩී විනාශ වී ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ දියතලාව ප්‍රාදේශීය ඉංජිනේරු ජනක රත්නායක මහතා පවසයි.
මෙම මාර්ගය ඔස්සේ බණ්ඩාරවෙල බිදුනුවැව හරහා කිරිඔරුව දික් උල්පත දක්වා මගී ප්‍රවාහන බස්රථ ද ධාවනය වන අතර මේ හේතුවෙන් අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇතැයි ජනතාව පවසති .
දැනටමත් මාර්ගයේ යට කොටස මීටර් 25 ක පමණ දුරට කැඩී ඇති බවත් මෙම ස්ථානයේ ආරක්ෂිත බැම්මක් ඉදිකර මාර්ගය ආරක්ෂා කිරිමට කටයුතු සිදු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දික්උල්පත කිරිඔරුව මාර්ගය ගිලා බසී