IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ කම්හලක් වටලයි


(*** ගම්පොල - සුරංග රාජනායක)

තේ කුඩුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙලම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක් වටලා තේ කුඩු, කසළ තේ සමඟ විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය කිලෝ 275ක්, සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකාය සහ තේ මණ්ඩලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම කර්මාන්තශාලාවේ ගබඩාවට ද සීල් තබා ඇත.

මෙම කර්මාන්තශාලාව තුළ දීර්ඝ කාලයක සිට රසායනික ද්‍රව්‍ය යොදා තේ සකස් කරන බවට ලැබුණු තොරතුරක් මත වරින් වර වැටලීම් සිදුකළ ද එම කර්මාන්තශාලාව තුළ සීසීටීවී කැමරා සවිකර දැඩි ආරක්ෂිත ක්‍රමවේද යොදාගෙන තිබීම නිසා එම වැටලීම් සාර්ථක නොවූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

කර්මාන්ශාලාවේ තිබී ෆෙරස් සල්ෆේට් රසායනික ද්‍රව්‍ය කිලෝ 20ක්, සෝඩියම් බයි කාබනේට් රසායනික ද්‍රව්‍ය කිලෝ 250ක්, සීනි පැණි බෝතල් 138ක්, හඳුනා නොගත් රසායනික ද්‍රව්‍ය කිලෝ 5ක්, ශ්‍රේණිගත නොකළ තේ කොළ කිලෝ 1165ක්, වියළන ලද තේ කිලෝ 400ක්, බී.පී.අයි. වර්ගයේ තේ කොළ කිලෝ 1500ක්, බී.ඕ.පී. වර්ගයේ තේ කොළ කිලෝ 1600ක් සාම්පල් ලෙස අත්අඩංගුවට ගෙන කසළ තේ ගබඩාවට සීල් තැබූ බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

 මෙම කර්මාන්ශාලාවටම අයත් කසළ තේ කිලෝ 80,000ක් සහිත ගබඩාවකට ද මෙහිදී සීල් තැබූ බව වැටලීම සිදුකළ නිලධාරීහු පැවැසූහ.
මෙම කර්මාන්තශාලාව ප්‍රධාන මාර්ගයෙන් මඳක් දුරස්ව පිහිටා ඇති බවත් පොලිසිය හෝ කිසිවකු එයට ඇතුළු වුවහොත් ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ප්‍රධාන මුර කුටිය හරහා විදුලි සංඥා මගින් ඒ බව කර්මාන්තශාලාවට දැනුම් දෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ඇති බවත් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මොවුන්ගේ ඔත්තුකරුවන් ගම්පොළ නගරයේ හා අවට ප්‍රදේශයන්හි යොදවා සිට ඇති බව ද වාර්තා වේ.

වැටලීම සඳහා ගිය නිලධාරීන් ඔවුන් මෙන් වෙස් වළාගෙන ගොස් මුරකුටියේ සිටි ආරක්ෂක නිලධාරියා සිය භාරයට ගෙන හොර රහසේ කර්මාන්තශාලාවට ඇතුළු වී මෙම මෙහෙයුම සිදුකර ඇත.

මෙම කර්මාන්තශාලාව තුළ කසළ තේ ජාවාරමක් ද සිදුවන බවටත් අමු තේ සුළු ප්‍රමාණයක් සමඟ හොර රහසේ කසළ තේ අඹරා රසායනික ද්‍රව්‍ය යොදා සකස් කර ඒවා මෙරට හා විදේශ වෙළෙඳපොළට යවන බවටත් තොරතුරු හෙළි වී ඇති බවත් වැටලීම සිදුකළ නිලධාරීහු පවසති.

මෙමගින් මොවුන් අධික ලාභයක් ලබන බවට ද වැටලීම සිදුකළ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.
කර්මාන්තශාලාවේ ගොඩනැගිලි කිහිපයකම රසායනික ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන නිලධාරීන් බාරයට ගත් බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

මොවුන් ගබඩාවල කසළ තේ කිලෝ ලක්ෂ ගණනින් ගබඩා කර ඇති බවත් ඒවාට රසායනික ද්‍රව්‍ය යොදා නිමි තේ ලෙස සකස් කරන්නට ඇතැයි සැක කරන බවත් වැටලීමට එක්වූ නිලධාරියෙක් පැවැසීය.

සහකාර තේ කොමසාරිස් එම්.කේ. සමරවීර මහතා සහ තේ පරීක්ෂකවරුන් වන චමින්ද සමරතුංග, එස්.කේ.ටී.පී. අහංගම යන නිලධාරීන් මෙම කර්මාන්තශාලාවේ පොත්පත් පරීක්ෂාවට ලක් කිරීමේදී එයට ලැබී ඇති අමු දලු ප්‍රමාණය ඉන් පිටකර ඇති නිමි තේ ප්‍රමාණය අතර වෙනස ඉතා ඉහළ අගයක් ගන්නා බව ද හෙළි වී තිබේ.

එම පොත්පත් ද නිලධාරීන් බාරයට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සහකාර තේ කොමසාරිස් සමරවීර මහතා පැවැසුවේ මේ ආකාරයට තේවලට කිසියම් ද්‍රව්‍යයක් මිශ්‍ර කිරීමත්, එවැනි රසායනික ද්‍රව්‍ය ගබඩාවේ තබාගැනීමත් වරදක් බවයි.

තේවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන කර්මාන්තශාලා 15ක් පමණ මේ වනවිට වසා දැමීමට පියවර ගෙන ඇතත් අධික ලාභයක් ලැබෙන නිසා දිගින් දිගටම එවැනි ක්‍රියා සිදුවන බව ද ඔහු පැවැසීය.

මෙවැනි රසායනික ද්‍රව්‍ය යෙදූ තේ පානය කිරීමෙන් මිනිසුන් දිගු කාලීන රෝගාබාධවලට ලක්වන බව කී සහකාර කොමසාරිස්වරයා මෙරට තේ කර්මාන්තය බේරා ගැනීමට නම් සියලු දෙනා මෙවැනි කටයුතුවලට එරෙහිව නැගී සිටිය යුතු බව ද ඔහු පැවැසීය.

 ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ ඍජු අධීක්ෂණය මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වී.ජී.බී.ආර්. කරුණාරත්න, ප්‍රධාන අණදෙන නිලධාරී ස.පො.අ. ආර්.කේ.යූ.බී. ජයවර්ධන යන නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පොළ කඳවුරේ අණදෙන නිලධාරී පො.ප. එච්.ඩී.ඒ.එම්. හපුආරච්චි, පො.ප. පී.එම්. තෙන්නකෝන්, උ.පො.ප. ජයරත්න, උ.පො.ප. විගින්, උ.පො.ප. තරිඳු හේරත්, පොලිස් කොස්තාපල්වරුන් වන (79359) චතුරංග, (35589) ගුරුදෙණිය, (92081) චින්තක, (92093) මදුෂාන්, පො.කො.රි. (80789) සංජීව යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ.



අදහස් (8)

තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ කම්හලක් වටලයි

Nuwan Monday, 14 September 2020 07:24 AM

ඕවා කරන්නේ එක ජාතියක කට්ටිය..

:       3       397

PradeepMonday, 14 September 2020 08:27 AM

ඔව් ඔව්.. කරන්නේ ඒ අය, බොන්නේ අපේ අය...

:       0       184

NuwanMonday, 14 September 2020 11:04 AM

මට ඩිස්ලයික් දාලා තියෙන්නේ ඒ ජාතියේම අය තමයි.

:       0       178

RaveendraMonday, 14 September 2020 11:24 AM

ඔබගේ අදහස් නිවැරදිය. එලෙසම මුදල් වෙනුවෙන් ඕනෑම ජඩවැඩක් කිරීමට සැදීපැහැදී සිටින කොටසකුත් සම්බන්ධයි.

:       0       184

Prabha Monday, 14 September 2020 07:59 AM

මේ නිෂ්පාදනවල වෙළඳ නාමය සඳහන් කරානම් අපිට වටිනවා නේද?

:       0       187

Bamunuarachchi Monday, 14 September 2020 12:34 PM

සුද්දා අපිට ඉතිරිකර දුන් හොඳ දේවල් එකක්වත් දැන් ඉතුරුවෙලා නැහැ. පළමුවෙන්ම කෑවේ රාජ්‍ය පරිපාලනය. රටට ආදායම දුන් තේ ටිකත් මේ කාලකණ්ණි වනසනවා.

:       27       152

BamunuarachchiMonday, 14 September 2020 04:52 PM

බුලත් කොටුවලට වතුර දාපු අය සුද්දාගේ රාජ්‍ය පරිපාලනය දන්නේ නැහැ... ඒකයි ඩිස්ලයික් දාලා තියෙන්නේ.

:       0       101

Anura Monday, 14 September 2020 01:14 PM

කොච්චර සමබල අාහාර වේලක් ගත්තත්, දැන් දැන් ලංකාව පුර පිළිකා රෝගීන් සීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ මෙන්න මේ වගේ සල්ලිවලට කෑදර වෙළෙන්දෝ අපේ හැම ආහාරයකටම වස දමන නිසා. මම නම් කියන්නේ මෙ අයට මරණ දඬුවම දෙන්න ඕනේ කියලයි.

:       0       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 488 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site