IMG-LOGO

තීරු බද්ද අඩු කරගන්න තව දුරටත් සාකච්ඡා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය 12 වැනිදා මෙරටට පැනවූ සියයට 30 තීරු බද්ද අඩු කරගැනීම සඳහා පැවැත්වෙන මාර්ගගත සාකච්ඡාවල දෙවැනි අදියර හෙට (23) පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පෙර පැවැති සාකච්ඡාවල දිගුවක් ලෙස සියයට 30 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා රජය පසුගියදා සාකච්ඡා ආරම්භ කළේය. ඒ යටතේ ශ්‍රී ලංකා නියෝජිතයන් සහ ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග පැවැති පළමුවැනි මාර්ගගත සාකච්ඡාව පසුගිය 18 වැනිදා පැවැත්විණි. මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස එම සාකච්ඡාවලට සහභාගී වේ.

පසුගිය 12 වැනිදා මෙරට නිෂ්පාදන සඳහා නිල වශයෙන් සියයට 30 ක තීරු බද්දක් පනවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවේය. එම බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් එතෙක් සියයට 30ක තීරු බද්ද තවත් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

තේ, ඇඟලුම්, රබර් සහ පොල් කර්මාන්තකරුවන් ඇතුළු පාර්ශවයන් රැසක් පෙන්වා දී තිබුනේ සියයට 30 තීරු බද්දක් සමග තරඟකාරීත්වය පවත්වාගෙන යාමට අපහසු බවත් රජය සියයට 30 ක් තීරු බද්ද අඩුකර ගැනීම සඳහා උපරිම උත්සාහ කළ යුතු බවත්ය.



අදහස් (0)

තීරු බද්ද අඩු කරගන්න තව දුරටත් සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site