සුර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි බල කට්ටල පිරමීඩ ක්‍රමයට අලෙවි කිරීමේ නීතී විරෝධි ගනුදෙනුවක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කැර ගනිමින් වයඹ පළාතේ ක්‍රියාත්මක වන බව දැනගන්නට ඇත.
රුපියල් හැට පන්දහසකින් ඇරැඹෙන මෙම සුත්තරයට හසු නොවන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ද උපදෙස් දෙයි.දැනටම මහව ,පොල්පිතිගම, ගනේවත්ත හා මඩගල්ලේ පිරමීඩාකාරයට සුර්ය බල පද්ධති විකුණතියි සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තව පිරමීඩ සුත්තරයක් කුරුණෑගලට පනී
ෂේන් Friday, 24 January 2014 02:01 AM
ඇයි මේ සුත්තරේ ගැන විතරක් කතා කරන්නේ. ලංකාවේ ගොඩක් මේ වගේ සුත්තර තියනවා. දේශපාලනය, ඒ අයගේ ගෝලයෝ එකක, පොලිසියේ හා එයාගේ දරුවෝ වගේම හිතවත්තු, මත්කුඩු ව්‍යාපාරය, මාළු වෙළදාම, මේ හැම තැනම අනියම් ආකාරයට පිරමීඩ ක්‍රමයට වැඩ කෙරෙනවා. සාමාන්‍යය මිනිස්සු අසරණයි (අ)
රේගා Thursday, 23 January 2014 02:32 PM
ලංකාව ගැන පුදුම දුකයි. අහු නොවී ඉන්න කිව්වම හරිද? පොලිසියක් තියෙන්නේ මොකටද? මිනිස්සු කොහොමද මෙච්චර නීති විරෝධී දේවල් කරන්නේ? (නදී)
සහන Tuesday, 22 April 2014 10:29 PM
මේ වගේ කාරනා ගැන මිනිසුන් හොඳින් දැනුවත් කල යුතුයි (දී)
සලීම් Thursday, 23 January 2014 09:43 PM
පිරමිඩ වලින් වෙන්නේ තමන් යොදවන මුදල දන්නා හදුනන කීප දෙනෙක් වංචාකාරයන්ට හදුන්වාදී තමන්ගේ මඩිය තරකරගැනීම (අ)
ලෝරන්ස් Thursday, 23 January 2014 12:13 PM
නීති විරෝධී නම් අත්අඩංගුවට නෙගෙන ඉන්නෙ ඇයි? (දිල්)
ජයතිලක Thursday, 23 January 2014 12:17 PM
ඔය පිරමීඩ සුත්තරයට නම් අහුවෙන්න එපා. දැනට අවුරුදු 10 කට විතර ඉස්සෙල්ලා මාත් ඕකට අහුවෙලා සැහෙන මුදලක් නැති කර ගත්තා. (අ)
ඡානක Thursday, 23 January 2014 12:35 PM
අපි වගේ මෝඩයෝ ඉන්නකන් ඔය වැඩේ නවත්වන්න බැහැ.(නදී)
පුබුදු Thursday, 23 January 2014 12:43 PM
වරදක් පේන්නේ නැහැ, හොඳම උදාහරණය වයඹ ඡන්දය නේද? බුද්ධිය කොහොමද කියලා හිතා ගන්න පුළුවන්.(නදී)
ජනක Wednesday, 05 February 2014 01:48 PM
තවම මේවාට මිනිස්සු අහුවෙන එකනේ වැඩේ (දී)
රජිසුරන් Wednesday, 05 February 2014 01:49 PM
අනුරාධපුරයේත් මෙම කූට ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. ඒ සදහාත් සෑහෙන පිරිසක් සතිපතා තවමත් බදවා ගන්නවා. අනුරාධපුර මිහින්තලේ පාර පුල්ලෙයාර හංදියේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. සෑම සෙනසුරාදා දිනකම මෙතනට ගියොත් බලා ගන්න පුළුවන් ....(දී)
මාටින් Thursday, 23 January 2014 01:34 PM
අනේ අපේ මොකෝ සල්ලි තියෙන අය තමන්ගේ සල්ලි දන් දුන්නට.(නදී)
රනිල් විජේසිංහ Thursday, 23 January 2014 01:59 PM
මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේත් මෙය ජයටම කරගෙන යනවා... බලධාරීන් හොදට නිදි.(නධී)