IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තුවාල ලැබූ කෞෂාල් ගුවනින් කොළඹට

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති පුහුණුවීම් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කෞෂාල් සිල්වා ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ආ බව රෝහල් ආරංචි කියයි.

දිනේෂ් චන්දිමාල් එල්ල කළ පහරක් පන්දු රකිමින් සිටි කෞෂාල් සිල්වාගේ හිසේ වැදී තුවාල සිදුවී ඇතැයි ද මේ වන විට කඩිනම් ප්‍රතිකාර ලබාදෙන බව ද ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි පවසයි.

කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වූ ක්‍රීඩකයෙකි. කඩුළු රකින්නකු වශයෙන් ද කටයුතු කරන කෞෂාල් සිල්වා ටෙස්ට් ශතක ලාභියකු ද වේ.



අදහස් (0)

තුවාල ලැබූ කෞෂාල් ගුවනින් කොළඹට

සංජීව Monday, 25 April 2016 05:35 AM

මෙතන කොමෙන්ට්ස් දමන කුහක අයත්හැ ඉන්නවා (බ)

:       0       0

චින්තන Monday, 25 April 2016 06:02 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා කෞෂාල් සහෝදරයට, ගොඩක් අයට අමතක වෙලා මනුස්ස ජීවිතයක් කොච්චර වටිනවද කියල ක්‍රිකට් හෝ වෙන ඕනේ දෙයක් අතරේ, මේ මහත්තුරු, අපි කුහක නොවී ඒ මනුස්ස කමටවත් සලකමු. (ර)

:       0       0

විජේ Sunday, 24 April 2016 04:08 PM

කෞෂාල් ඔබ අපේ කණ්ඩායමට ඉන්න අවශ්‍යම කෙනෙක්. ඔබට ඉක්මන් සුවය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. (ර)

:       0       0

සනත් ප්‍රියන්ජන Monday, 25 April 2016 07:41 AM

ඔබට ඉක්මන් සුව..!!

:       0       0

චන්දන Monday, 25 April 2016 07:43 AM

ක්‍රීඩා ලෝලියෙක් හැටියට මමත් කැමති වැඩේට.ඒ වුණාට මම ඉන්න රටේ ක්‍රීඩා ලොලි කන්නාඩිය අයින් කරලා. මොකද දන්නවද . එක එක කන්නාඩි දාන කොට සත්‍යය පෙන්නේ නැති නිසා. උදාහරණක් හැටියට රුවන්ට අනුව මහාචාර්ය කෙනෙක් ජාතික සම්පතක් නොවේ (අ)

:       0       0

සෑම් Sunday, 24 April 2016 09:47 PM

පන්දු රකිනකොට හිස්වැසුමක් දානවා නේද? (නි)

:       0       0

ටිකිරි Sunday, 24 April 2016 11:01 PM

ක්‍රිකට් කියන්නේ ඉතාමත් භයානක ක්‍රීඩාවක්. දැනට කී දෙනෙක් මියගියාද? ඒ නිසා තමයි මේ ක්‍රීඩාවටම අාවේණික වූ ආරක්ෂක ක්‍රම පාවිච්චි කරන්නේ. (නි)

:       0       0

සුමන Sunday, 24 April 2016 11:05 PM

විජේ, කණ්ඩාමේ අනිවාර්යෙන්ම ඉන්න ඕනෑ දක්ෂම කෙනා මිසක් තරඟ 100 කට ලකුණු 100ක් ගහන අය නෙමෙයි. අපිට ඕනෑ ක්‍රිකට් නළුවෝ නෙමෙයි, ක්‍රිකට් ක්‍රීඩකයෝ (නි)

:       0       0

සුසන්ත Sunday, 24 April 2016 11:35 PM

කණගාටුදායක පුවතක්. ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

ඉන්දු Sunday, 24 April 2016 11:55 PM

ඔබට ඉක්මන් සුව..! (නි)

:       0       0

ශෂි Monday, 25 April 2016 09:28 AM

සහෝදරය ඔබට ඉක්මන් සුවය පතමි (අ)

:       0       0

කුමාර මහගම Monday, 25 April 2016 10:19 AM

ඉක්මන් සුව පතමු (අ)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 25 April 2016 02:54 AM

ඔබට ඉක්මන් සුවය පතමි.(රේ)

:       0       0

චන් දන් Monday, 25 April 2016 03:53 AM

හරි දියුණු රටක් නේ රෝගීන් ගේන්නේ ගුවනින් අපේ රටේ ටොප් ක්ලාස් මහාචාර්ය කෙනෙක් පර්යේෂණ වැඩ බිමකදී ඇක්සිඩන්ට් වෙලා කි මි 150 දුර රෝහලට අරන් ගියේ එම්බියුලන්ස් එකක - (රේ)

:       0       0

රුවන් Monday, 25 April 2016 04:14 AM

චන්දන්ලා වගේ උදවිය කඩේ යන අය හැමදේම දකින්නේ රුයිතෙට අහවලාට කඩේයන නිසා .අපේ ජාතික සම්පතක් මේ ක්‍රිඩකයා අපි රෑකගන්න ඕනේ ඔහේ ගොබ්බයෙක් වුනාට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site