IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


තවලම ප්‍රාදේශීය සභාවට ආණ්ඩුකාරයාගෙන් රුපියල් ලක්ෂ 15 ක්

සුමතිපාල දීයගහගේ

කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබා දුන් බව තවලම ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුල විජේසේකර මහතා පවසයි.

ආදායම් ලැබීම අතින් තවලම ප්‍රාදේශීය සභාව දුර්වල මට්ටමක ඇති නිසා ආණ්ඩුකාරවරයා විසින් මෙම මුදල් පරිත්‍යාගය කර
තිබේ.

මෙම මුදල් යොදවා තවලම, ඕපාත, වීරපාන, තලංගල්ල, හල්විටිගල යන හන්දි සහ හිනිදුම නගරයේ මාර්ග විෂබීජහරණය කිරිමට කටයුතු යොදා ඇතැයිද වීජේසේකර
මහතා කීය.

මීට අමතරව හිනිදුම රෝහල පිරිසිදු කිරිම, හිනිදුම පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලු තවත් පොදු ස්ථාන විෂබීජහරණය කිරිමටද එම ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.

මේ අතර තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ග්‍රාම නිලධාරිවරුන්ගේ නිර්දේශය මත වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් නොමිලේ ලබා දෙන බවද බන්දුල විජේසේකර මහතා වැඩි දුරටත් සදහන් කළේය.



අදහස් (0)

තවලම ප්‍රාදේශීය සභාවට ආණ්ඩුකාරයාගෙන් රුපියල් ලක්ෂ 15 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 237 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 118 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 468 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site