IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයක වසර ගණනාවක සිට නවතා තිඹු ජිප් රථයක් සහ මෝටර් රථයක් අද දහවල් පැල්මඩුල්ල පොලිසිය බාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි .

එම වාහන දෙක හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලානඥයකුගේ හිතවතකු විසින් ගරාජයට ගෙන විත් ඇති බව සැක කෙරේ.

එම වාහන රජයට අයත් වාහන දැයි සොයා ගැනීමට සහ ඒවා කාගේ බාරයේ තිඹුණේදැයි සොයා ගැනිමට පොලිසිය විමර්ශන සිදු කරයි.

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයක වසර ගණනාවක සිට ගාල්කර තිබූ වාහන දෙක පැල්මඩුල්ල පොලිසියේ නිළධාරින්  පැල්මඩුල්ල පොලිසිය වෙත රැගෙන එනු ලැබිය.

ඕපනායක පල්ලෙකන්ද පාසල් පාර කැන්දේකැටිය ප්‍රාදේශයේ නිවෙසක නවතා තිඹු සුඛෝපභෝගී වි 8 වර්ගයේ ජිප් රථය 1997ට ලද තොරතුරක් අනුව  පොලිසිය විසින් සොයා ගෙන තිබේ .

එහි චැසි අංකයට වාහනයක් මොටර් රථ පරික්ෂණ දේපර්තමේන්තුවේ ලියාපදිංචි වී නැති බව ඕපනායක පොලිසිය පවසයි .

එම වාහනයේ හිමිකරු යැයි සදහන් කරන අයගේ පියා පොලිසියට ඉදිරිපත් වුණත් හිමිකරු කවුදැයි සොයා පොලිසිය පරික්ෂණ සිදු කරයි.

නිත්‍යානුකූල අයිතිකරු යැයි පවසන පුද්ගලයා විදේශ ගතවි සිටින බවද පොලිසිය පවසයි.

ඕපනායක පොලිසිය විසින් සොයා ගත් සුඛෝපභෝගි ජිප් රථය ගැන වැඩිදුර විමර්ශන සිදු කරන බව ඕපනායක පොලිසියේ ස්ථාණාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච් ඒ.ඩි.හෙට්ටිආරච්චි මහතා පැවසීය .

පැල්මඩුල්ල පොලිසිය භාරයට ගත් වාහන ගැන තොරතුරු දැනගැනීම සහ ඡායාරුප ලබා ගැනීමට එහි ගිය මාධ්‍යවේදීන්ට පැල්මඩුල්ල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති මාධ්‍ය ආවරණයට ඉඩ නොදුන්නේය.



අදහස් (2)

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක

සෙනෙවිරත්න Monday, 14 October 2024 08:20 AM

කතිරයක් කල හදියක්, ජාතික ජනබලවේගය හැර වෙන කිසිවෙකු බලයට පත්වුවද මේවා මේ ආකාරයට සිදු නොවනු ඇත. සිදු වනුයේ වෙනත් කත්කඩියන් අතට මේ දේපල අත්පත්වීමයි. පුවත අනුව මේ සඳහා දේශපාලඥයින් සම්බන්ධ වී ඇත. ඔවුන් කටයුතු කර ඇත්තේ රාජ්‍ය දේපල තම බූදල් ලෙස සලකාය. ඉදිරියේදී මෙවැනි පුවත් වැඩි වැඩියෙන් අසන්නට ලැබෙනු ඇත...

:       3       16

අමතකMonday, 14 October 2024 04:28 PM

2015 අමතක සෙනවිරත්න. ගඟක, මුහුදක බහින්න එපා මාළු රිංගයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site