IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


'තවත් ඇමැති පත්වීම් එපා'

ඇමැති  මණ්ඩලයට  වැඩි  සංඛ්‍යාවක් පත් කිරිමෙන් ජනාධිපති  සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර  ඇති  හෙයින් තවත් ඇමැතිවරුන් පත් නොකරන ලෙස ජනාධිපතිට නියෝග කරන අතරු තහනමක් ඉල්ලා නිතිඥයකු ගොනු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරිම මැයි 03 වැනි දාට කල් තැබීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.

අනිල් ගුණරත්න සහ බුවනෙක අළුවිහාරේ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාග කරයි. 



අදහස් (0)

'තවත් ඇමැති පත්වීම් එපා'

අමාලි Tuesday, 15 March 2016 11:56 AM

අපි සේරම රැවටුනා. අප්පච්චි, නැවත එන්න (නි)

:       0       0

මධු Thursday, 17 March 2016 01:45 AM

ඇමතිවරු වැඩිය පත්කරන්නේ නැහැ කියලා බලයට ඇවිල්ලා ජනතාවට බොරු කරපු එක තමයි වැරැද්ද (නි)

:       0       0

ශෂිකා Tuesday, 15 March 2016 11:59 AM

අනේ එහෙම කරන්න එපා. (ර)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 16 March 2016 05:43 AM

මේවගේ පාප කර්ම රටක ඉපදීම දුකක් (බ)

:       0       0

සමීර Wednesday, 16 March 2016 05:44 AM

අපි වගේ පුංචි රටකට මන්ත්‍රීවරු 225 ක් මොකටද? කටාර්වල මන්ත්‍රීවරු 50 යි . දෝහා වල 35 යි. අපි කොහොමද මෙච්චර ගානක් නඩත්තු කරන්නේ.? ඒ මදිවට පළාත් සභා මන්ත්‍රීවරු? මිනිස්සු තැලෙන්නේ මේගොල්ලෝ නඩත්තු කරන්න ගිහිල්ල. (බ)

:       0       0

දිලිප් Wednesday, 16 March 2016 05:38 AM

ජනගහනයට සාපේක්ෂව මැති ඇමතිවරු වැඩි අතර එය රටට දැරිය නොහැකි බරකි.මෙය අඩු කිරීමට නොහැකි දෙයක් නොවන නමුත් එවැනි පියවරක් ගැනීමට හිටපු හා පවතින නායකත්වයන්ට ධෛර්යක් නොමැති බව විද්‍යාමාන නමුත් ඉදිරි නායකත්වයකට හෝ ඒ සදහා ජාතියේ නාමයෙන් ධෛර්යක් , සිතක් පහල වේවා!! (බ)

:       0       0

හේවා Tuesday, 15 March 2016 07:17 PM

සාගරයක් මැද පුදුම රටක් ඇත. මමත් ඉතින් ඒ රටේම සාමාජිකයෙකි (නි)

:       0       0

හර්ෂ Wednesday, 16 March 2016 12:06 PM

අපි සේරම රැවටුනා. අප්පච්චි, නැවත එන්න (බ)

:       0       0

කින් බෙනට් Wednesday, 16 March 2016 01:21 PM

මහින්ද රාජපක්ෂයි , ජේ ආර් ජයවර්දනයි , රණසිංහ ප්‍රමදාසයි තුන්දෙනාම ජනපති වෙන්න කලින් සහ ජනපති වෙලා රටට ලොකු සේවයක් කළා. වෙන වෙන වැරදි ඔවුන් අතින් සිදු උනත් හොඳ වැඩ ගොඩක් කළා. ඇමතිලා ගත්තම ලලිත් ඇතුලත්මුදලි , ගාමිණි දිසානායක ගේ නම ඇරුනම රටට පැහැදිලි සේවයක් වෙන වැඩක් කරපු ඇමති කෙනෙක්ගේ නමක් 1977 න් මගේ මතකයට එන්නේ නෑ . (ර)

:       0       0

දේවක Wednesday, 16 March 2016 02:06 PM

මෙන්න නියම නීතීඥවරැ. තම බඩ ගැන නෙමෙයි රට ගැනයි මුලින්ම හිතන්න ඕනැ. (ර)

:       0       0

නලින් Wednesday, 16 March 2016 12:34 AM

රටේ බහුතරයන් ඌන පෝෂණයෙන් පෙළෙන රටක කන්න බොන්න තිබෙනදේට බදු ගහලා මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද වැඩි කරගැනීමත් මුළු රටේ ජනතාවගේම මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි. (නි)

:       0       0

අමල් Wednesday, 16 March 2016 08:24 AM

තවත්නම් එපා ඇමතිකම්. (ර)

:       0       0

දුමින්ද Wednesday, 16 March 2016 08:24 AM

රැකියා දශලක්ෂයට බාදා නොකරනු.! (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 15 March 2016 01:38 PM

මන්ත්‍රීතුමාලා පාර්ලිමේන්තුවට යන්න ඡන්දෙ කරන්නේ ගේ දොර උගස් තියලා. ඇමති කෙනෙක් වෙලා කීයක්හරි හොයාගන්න තිබෙන චාන්ස් එක නැතිවුණාම කොහොමද ඡන්ද ව්‍යාපාරේ කරගෙන යන්නේ? ජනතා මුදල් පරිහරණය කරන්නේ ජනතා නියෝජිතයෝ නැතුව වෙන කවුද? (නි)

:       0       0

සුසන්ත Wednesday, 16 March 2016 08:41 AM

තාම පටන් ගත්ත විතරනේ, අනිත් එක යන්තම් 100 පැන්න විතරනේ තාම. අපි වගේ අති විශාල ආර්ථිකයක් තියන රටකට ඇමතියෝ 100-150 ඉන්න ඕන. ඇමෙරිකාව, චීනය, රුසියාව, වගේ පුංචි රටවලට තමයි ඇමතිවරු 10-15 ඉන්නේ. ඊයේ වුනා වගේ ඔබට විරුද්ධතා පෙළපාලි යාවි 'යෝධ සංවර්ධනයට ඉඩ දෙන්න ඇමතිවරු වැඩි කරන්න ඉඩ දෙන්න' කියල ළඟදීම... (කෞ)

:       0       0

ශලනි Wednesday, 16 March 2016 09:36 AM

මොන අැමැතිකම්ද ? ලැජ්ජාවක් තියේ නම් එක්කෙනෙක්වත් ඇමතිකම් ගන්නේ නැ. (බ)

:       0       0

අන්වර් Tuesday, 15 March 2016 02:39 PM

පිස්සුව ඩබල් වෙනවා ආණ්ඩුවේ (බ)

:       0       0

සමන්මලී Wednesday, 16 March 2016 10:53 AM

ඇමතිකම් ගන්න අයටත් ලැජ්ජා නැහැ. දෙන අයටත් ලැජ්ජා නැහැ. ඡන්දේ දෙන අපිටත් ලැජ්ජා නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site