IMG-LOGO

තාවකාලික, අනියම්, කොන්ත්‍රාත්‍ සේවකයින්ට ස්ථිර පත්වීම් සඳහා අනුමැතිය

(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආයතන සදහා තාවකාලික, අනියම් (දෛනික) , ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේදී එහි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට හා චක‍්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප‍්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීම සදහා අදාළ චක‍්‍රලේඛ ප‍්‍රතිපාදනය බලාත්මක කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
 
දින 180කට වඩා සේවය කර ඇති සේවකයන්ට අවශ්‍ය ලබන මස 01 වැනිදා වන විට අදාළ සුදුසුකම් සම්පූර්ණ කිරීම මත, ස්ථිර හා විශ‍්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට නියමිත බව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.



අදහස් (6)

තාවකාලික, අනියම්, කොන්ත්‍රාත්‍ සේවකයින්ට ස්ථිර පත්වීම් සඳහා අනුමැතිය

sachith Wednesday, 18 September 2019 05:43 AM

එනවා එනවා, ළඟදීම ඡන්දයක් එනවා...

:       0       31

Chanak los angelesWednesday, 18 September 2019 09:54 PM

ඔව් ජනතාවට ඔහොම කියන්න පුළුවනි. හැබැයි සාටකයින්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මේවාට විරුද්ධව වචනයක් කියන්න අයිතියක් නැහැ. සාටකයින් 2015 ජනපතිවරණයට බෙදපු අල්ලස් තෑගි ටික දුටුවා නේද? මගේ අම්මෝ!!!

:       25       0

නොකවුට් Wednesday, 18 September 2019 05:52 AM

පහුගිය දවස්වල ගත් දේශපාලන හෙංචයියන්ට තමයි ඔක්කොම...

:       1       18

Sathya Wednesday, 18 September 2019 10:00 AM

සජිත් පුරවපු දවසට 500 පත්වීම් ටික ස්ථීර කරගන්න පුළුවන්. ජය වේවා. බදු ගෙවන ඔබට ස්තුතියි.

:       8       16

lalithm Thursday, 19 September 2019 02:57 AM

ඇත්තටම මේ අයට පඩි ගෙවන්නේ අම්මා, අප්පාගේ බූදලෙන්ද? කිසිදෙයක් නොකර නිකම් ඉන්න රජයේ සේවකයින් කොච්චර ඉන්නවද? අර විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලේ වගේ. පුද්ගලික අංශයේ සේවකයින් සහ පොදු මහජනයාගෙන් ගන්න බදුවලින් හොරුන්ට පඩි ගෙවන්න පත්වීම් දෙන්නේ මොකටද?

:       3       13

H.C.Hettiwattha Thursday, 19 September 2019 05:32 AM

පහළ තනතුරුවල කාලයක් වැඩ කරපු සේවකයින්ට හොඳයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site