IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තෙල් ගැහිල්ල

2016-05-05-ent-02ආණ්ඩුවෙ ඉන්න ප්‍රධාන පක්ෂ දෙක වෙන වෙනම මැයි රුලි තියනව... මේවට රජයේ සම්පත් යොදාගන්න එපා කියල නියෝගයකුත් පක්ෂ දෙකේම ඉහළ තැන්වලින් නිකුත් වෙලා... ඒක පවතින බාල දේශපාලන ක්‍රමේ වෙනසක් කරන්න හොඳ තීන්දුවක්... 

ඒ වුණත් තෙලේ බලේ ඇති දකුණට සම්බන්ධ ඇමැතිතුමෙක් තමන්ගෙ පක්ෂ හිතවතුන්ට අමුතු නියෝගයක් දුන්න කියල අපට ආරංචියි... 

උන්නැහේගෙ නියෝගයෙන් කියැවුණේ තමන් වෙනුවෙන් එන ජනතාව ප්‍රවාහනය කරන බස්වලට අහවල් ෂෙඩ් වලින් නොමිලේ තෙල් ගහගන්න ලැබෙන නිසා ඒ තැන්වලින් තෙල් ගහගෙන එන්න කියන එකලු... 

මේ කතාව අහන් හිටපු ඇමැතිතුමාගෙ ළඟම ගෝලයෙක් ඇහුවලු "සර් ඉතින් ඒ ෂෙඩ් වලින් වුණත් නිකම් තෙල් ගහනව... ඒවට සර් පස්සෙ ගෙවනවද" කියල..

එතකොට උන්නැහේ වටපිට බලල මාධ්‍යකාරයො එහෙම මෙතන නැහැනෙ කියලා "අයිසෙ මොන සල්ලිද පසුගිය කාලෙ ලෝකෙ පොළේ තෙල්මිල හොඳටම බැස්ස.. ඒත් අපි රට කොම්පැණියක් වෙලත් උන්ට තෙල්මිල අඩුකරන්න කීවෙ නෑනේ... ඉතින් ඒකෙන් කෝටි ගණනින් ලාබ ගත්ත... ඒ හින්ද මැයි දවසේ අපේ බස්වලට නිකම් තෙල් දෙන්න ඕන කියල මම කිව්ව.... ඕව දේව රහස් අයිෂෙ... කොහොමද මගේ ක්‍රම සහ විධි.... මෙහෙම කළාම කාගෙත් ජාම බේරිලානේ...."

 

DESHAYA



අදහස් (0)

තෙල් ගැහිල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site