IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘තෙල් අඩුවීමේ වාසිය ජනතාවට ඕනෑ‘

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය නිසි ආකාරව තවම මහජනතාවට ලබා දී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා අද මිල සෑහෙන්න අඩුවී ඇතැයි ද ඔහු කීවේය.

පසුගිය මාස දෙක ඇතුළත ද බොරතෙල් බැරලයක මිල සීඝ්‍ර පහත බැසීමක් ඇතැයි ද, ඔක්තෝබරයේ ඩොලර් 51 (රුපියල් 7326.40) තීබු බැරලයක අද මිල ඩොලර 36.38 (5226.17) බව ද ඔහු සඳහන් කළේය.

තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට යැයි කියමින් 2007 දී ජනාධිපතිගේ ද සහභාගීත්වයෙන් සපුගස්කන්නේ මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්ය ද  අද වන තුරු එය ඉදි කර නැති බවත්, දැන් මුල්ගලවත් සොයා ගත නොහැකි බවත් හේරත් මහතා කීවේය.

ලංකාව පෙට්‍රල්, ඩීසල් වෙන වෙනම ගෙන්වනවා වෙනුවෙට බොරතෙල් ලංකාවට ගෙනැවිත් පිරිපහදු කරන්නේ නම් වියදම අඩු කර ගත හැකි බව ද ඔහු සඳහන් කළේය.

2015-dec-23-wijitha-herath



අදහස් (0)

‘තෙල් අඩුවීමේ වාසිය ජනතාවට ඕනෑ‘

ලියනගේ Wednesday, 23 December 2015 08:25 AM

ඔව් දැන්වත් යහපාලනයෙන් වත් කරගන්න බලමු. (කෞ)

:       0       0

කවින්ද Wednesday, 23 December 2015 08:50 AM

ඒ කතාව නම් ඇත්ත (නි)

:       0       0

පියල් Wednesday, 23 December 2015 09:07 AM

ඔව් ඔව් ඔක්කොම නිකන් දුන්නහම හරි (නි)

:       0       0

රොෂාන් Wednesday, 23 December 2015 09:19 AM

ඔව්. තිබෙන ඔක්කොම අඩුවට දීලා ලෝකෙට ණය වෙමු. අපිටත් වාහන තිබෙනවා තමයි. ඔය දැන් තිබෙන මිල අපිට හොඳයි. ආණ්ඩුව ගෙනියන්නත් සල්ලි ඕනෑ. ඒකේ වාසිය ඒ අය ගත්තදෙන් රට සංවර්ධනය කරන්න (නි)

:       0       0

නානායක්කාර Wednesday, 23 December 2015 09:33 AM

පහුගිය ආණ්ඩුව කාලේ කවදාවත් ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩුවෙලාම නැද්ද? (නි)

:       0       0

නිර්මලා Wednesday, 23 December 2015 09:41 AM

ඡන්දය ළංවෙද්දී තෙල් අඩුකරයි. (නි)

:       0       0

අතුල ගුණසේන Wednesday, 23 December 2015 10:08 AM

සුරන්, ඔයා මෙතන ලිය ලියා ඉන්නේ නැතුව පැලවත්තේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයටම ගිහිල්ලා කෙළින්ම කියන්න. (නි)

:       0       0

ජයරත්න Wednesday, 23 December 2015 10:12 AM

බොරුවට සුළු කරුණු කාරණා අල්ලගෙන කෑගහන එක නම් අපි අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

අමිල Wednesday, 23 December 2015 11:51 AM

මට නම් හිතෙන්නේ මෙයාලා නිසා තමයි රට හරියට කරන්න බැරි (නි)

:       0       0

ඇසළ Wednesday, 23 December 2015 12:28 PM

සුරන්, බයිලා කියන්න එපා. මේගොල්ලෝ ඉන්නේ කඩේ ඇතුළේ. කඩේ යන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 02:34 PM

මෙයාලා ඉතින් මොනවාහරි එකක එල්ලිලා මාස ගණනක් කෑ ගහනවා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 23 December 2015 07:07 AM

අයවැයෙන් ලැබුන දේ මදිද? (ස)

:       0       0

සුරන් Wednesday, 23 December 2015 07:14 AM

බොරුවට ජනමාධ්‍ය ගෙන්වලා ප්‍රකාශ නිකුත් නොකර කෙලින්ම රජය එක්ක කතා කලානම් තමා හොඳ. මොකද මෙයාල රජයට කඩේ යන කට්ටියනේ. (ස)

:       0       0

සෑම් Wednesday, 23 December 2015 07:24 AM

ලෝකේ තෙල් මිල ඉහල යනකොට ලංකාවේ මිල ඉහල දාන්නනම් ආණ්ඩුවක් ඕනෑ නැහැ කිව්වෙත් මේ ගොල්ලම නේද ?? ඉතින් පහල යනකොටත් ඒකම තමයි . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site