යළිත් ත‍්‍රස්තවාදය හෝ ජාතිවාදය ඇතිවීමට ඉඩ නොදෙන බවත් චාවකච්චේරියේ බෝම්බ මරාගෙන මැරෙන ඇඳුම් ආදිය වැල්ලවත්ත ප‍්‍රදේශයට ගෙන ඒමට සැලසුම් කර තිබූ බව හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කියන්නේ නම් ඔහු ඒ ගැන දන්නා තොරතුරු ලබාගෙන ඒ ගැනත් සොයා බැලීමට පොලීසිය කටයුතු කළ යුතු බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (31) පැවසීය.
හමුවූ එම ආයුධ පිළිබඳව පොලීසියෙන් සම්පූර්ණ වාර්තාවක් රස පරීක්‍ෂක වාර්තාවක් ආදිය ලබාගෙන ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
බෝම්බ හා ඇඳුම් කට්ටලය 2008 වසරේ පළවූ පුවත්පතක ඔතා තිබී ඇති බව කී අග‍්‍රාමාත්‍යවරයා යුද්ධයක් පැවති රටක සඟවා තිබූ අවි ආයුධ හමුවීම පුදුමයක් නොවන බව ද ප‍්‍රකාශ කළේය.
අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ මුදල් අමාත්‍යාංශ පරිශ‍්‍රයේ ඉදිකළ භාණ්ඩාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
යළි ත‍්‍රස්තවාදී කල්ලි හෝ වෙනත් කණ්ඩායම් ක‍්‍රියාත්මක වුවහොත් ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට රජයක් ලෙස බැදි සිටින බව ද අගමැතිවරයා කීවේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ත්‍රස්තවාදයට/ ජාතිවාදයට යළි ඉඩක් නෑ‘ - අගමැති
නිමල් ලලිත Friday, 01 April 2016 02:31 AM
දැනටමත් මේ සිංහල රටේ සිංහලයා ජන වර්ගයක් පමණක් බවට පත්කිරීමට ඇවසි කටයුතු අවසන් බැවින් අනාගතයේදී ජාතිවාදයක් ඇතිවෙන එකක් නැහැ. අවසානයේ මේ රටේ දෙමළ බස කතා කරන්නවුන්ගේ රටක් වේවි. එදාට ඔවුන් මේ රට තමිල්නාඩු පාර්න්තයක් සහ අරාබි ප්‍රාන්තයක් කරගැනීමට මරාගනීවී. (නි)
දසුන් Thursday, 31 March 2016 09:38 AM
ජී එල් රිමාන්ඩ් විද? (බ)
චන්දා Thursday, 31 March 2016 10:41 AM
රටට හොඳ කලදසාවක් උදාකරන්න ගන්න උත්සාහයට අපි මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ (නි)
ඕපාත Thursday, 31 March 2016 10:44 AM
ත්‍රස්තවාදය කෙසේවෙතත්, "ජාතිවාදය" යනුවෙන් ඔබතුමා අර්ථ දක්වන්නේ මොකද්ද කියලා කිව්වා නම් අපිට තේරුම්ගන්න පහසුයි (නි)
චන්දා Thursday, 31 March 2016 10:44 AM
ලංකාවේ බිහිවූ අති උතුම් නායකයා රනිල්. (නි)
මුණසිංහ Thursday, 31 March 2016 11:37 AM
කොටි නිදහස් කරන්න ජී එල් හිරේ දාන්න. පාර්ලිමේන්තු චන්ඩියා. (බ)
රොහාන් Thursday, 31 March 2016 12:46 PM
ඔබතුමාගෙන් අවසර අරන් නෙමේනේ ත්‍රස්ත ක්‍රියා කරන්නේ (කෞ)