IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තර්ස්ටන් - ඉසිපතන මහ ගැටුම ජය පැරදුමකින් තොරව නිමයි

තර්ස්ටන් නායක  සජීව සල්ගාදු (114) විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් ඉසිපතන විදුහලට හොඳ පිළිතුරක් දුන් නමුත් 49 වැනි වතාවටත් පැවැති තර්ස්ටන් - ඉසිපතන මහ කි‍්‍රකට් තරගය අද (25 වැනිදා) ජය පරාජයකින් තොරව අවසන් විය. තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්විණ. සිය පිතිහරඹය දෙවැනි දිනයටත් ගෙන ගිය ඉසිපතන විදුහල වෙනුවෙන් දේශාන් ජයකුමාර් ලකුණු 126 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. තර්ස්ටන් විදුහල වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ සජීව සල්ගාදු පන්දු 123 කට මුහුණ දෙමින් හතරේ පහර 18 ක් ද සහිතව ලකුණු 114 ක් ලබාගත්තේය. ඉසිපතන විදුහල කඩුලූ 8 ක් දැවී 307 (දේශාන් ජයකුමාර් 126, සංඛ තාබෲ 85, මතීෂ රණවීර 25, සලිඳු උෂාන් 26, මින්හාට් ජලීල් 63/3, කවිඳු සිල්වා 46/2) තර්ස්ටන් විදුහල කඩුලූ 9 ක් දැවී 331 (මින්හාට් ජලීල් 30, සහන් හේවාවිතාරණ 34, රමිඳු කුමාරසිංහ 35, සජීව සල්ගාදු 114, කවිඳු කුලසේකර 51, තරිඳු සිල්වා 27, හරිත් වන්නිආරච්චි 84/4, සිදත් මල්ලවාරච්චි 89/2, චරිත් රාජපක්‍ෂ 43/2) තර්ස්ටන් නායක සජීව සල්ගාදු ශතකය ලබාගත් අවස්ථාවේදී තර්ස්ටන් සිසුන් සතුට පළ කරමින් ඡායාරූපය : කුෂාන් පතිරාජ



අදහස් (0)

තර්ස්ටන් - ඉසිපතන මහ ගැටුම ජය පැරදුමකින් තොරව නිමයි

උපුල් චින්තක Saturday, 25 February 2012 09:51 PM

නියමයි

:       0       0

නාමල් විජේරත්න Sunday, 26 February 2012 09:19 AM

දැන් අවුරුදු 30කට පෙර මම තර්ස්ටන් විදුහලේ ඉගෙන ගත්ත හැටි මතක් වෙනකොට ඒ අතීතයෙට ආයෙත් යන්න හිතෙනවා. ඒ දවස්වල බිග් මැච් කියන්නේ අලුත් අවුරුද්දක් එනවා වගේ. තර්ස්ටන්, ඉසිපතන විදුහල් දිනේවා... (1981 උසස් පෙළ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site