(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන සතියක තූර්යවාදක පුහුණුවක් සඳහා පැමිණ සිටි සිසුවියක් නේවාසිකාගාරයේ නිදාගෙන සිටියදී අළුයම් කාලයේ එහි ඇතුළු වූ පුද්ගලයෙකු එම සිසුවියගේ සිරුර අතගානා අවස්ථාවේ සිසුවිය අවදිවී කෑගැසීම නිසා එම පුද්ගලයා පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.
නිදාගෙන සිටි ඇඳ අසලට පැමිණි එම පුද්ගලයාතමාගේ එක් කකුලක් අතගෑ අවස්ථාවේ අවදි වී කෑ ගැසූ බවත් එයින් කලබලයට පත් වූ එම පුද්ගලයා කොරිඩෝව දිගේ දිව ගිය බවත් එම සිසුවිය පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති
එම පුද්ගලයා කැමා ටී ෂර්ට් එකක් හා කළු පැහැති කලිසමක් ඇඳ සිටි බවත් එම සිසුවිය වැඩිදුරටත් පවසන්නේ යැයි පොලිසිය පවසයි
කොරිඩෝවේ සවිකර තිබූ විදුලි පහන්ආලෝකයෙන් මේ බව දුටු බවත් එම සිසුවිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇතැයි දැන ගැනීමට ඇත
තවත් පාසල් සිසුවියක් තමා නිදා සිටි ඇද අසල පිරිමි පුද්ගලයෙකු සිටිනවා දැකඅවතාරයක් යැයි සිතා බියට පත්ව බෙඩ් ශීට් එක පාදාන්තයේ සිට හිස දක්වා පොරවාගත් බව පවසන්නේ යැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි
මෙමසිද්ධියට මුහුණ පෑ බව කියන සිසුවියන් දෙදෙනා මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලය දෙකක ඉගෙනුම ලබන සතියක කාලයක් සඳහා තූර්යවාදක පුහුණුවීම් සඳහා පැමිණ සිටිසිසුවියන් යැයි ද පොලිසිය වැඩිදුරටත් පැවසීය
පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දීමෙන් පසු හසලක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය
සිසුවියන් දෙදෙනාට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර පලාගිය පුද්ගලයා හොයා හසලක පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි
මෙම පුද්ගලයා ගැන තවම තොරතුරු ලැබී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තූර්යවාදක පුහුණුවකට පැමිණි සිසුවිකගේ ඇග අතගාලා
දිසා.. Friday, 10 March 2023 12:52 PM
මෙවන් මධ්‍යස්ථාන සඳහා නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් මෙහි ප්‍රධානියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.
පිටිගල මිලානෝFriday, 10 March 2023 02:28 PM
නිසි ආරක්ෂාවට තමයි රණවිරුවෝ දාලා ඉන්නේ…. ඒ අය කැමා ඇදගෙන රෙඩිපිට ඉන්නේ. ඒ අයම කමයි මේ ළමයින්ට පුහුනුව දෙන්නේ. පුුහුණුවට මොනා අඩංගුද කියන එක නම් දැන් ප්‍රශ්නකාරියි වගේ…
ලමය Friday, 10 March 2023 01:56 PM
මාලිමාවෙ එක්කෙනක්ද ?