IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තොරතුරු පනතේ මහ උසාවි තීන්දුව කථානායකට

පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(06)  පැවසීය.

එම පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කළ පෙත්සම් හතක් විභාගයට ගෙන අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප‍්‍රකාශ කළේය.

පෙත්සම සම්බන්ධ ලිඛිත දේශන අද සවසම ගොනු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥවරුනට නියම කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,අනිල් ගුණරත්න සහ නලීන් පෙරේරා යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවිණි.

ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපති ලූතිනන් කර්නල් (විශ‍්‍රාමික) අනිල් සමරසිංහ , මෘදුකාංග ඉංජිනේරුවන් දෙදෙනකු වන ඉන්දික ගමගේ සහ ඉසුරු බුද්ධික සිරිනිමල්, නීතීඥ දර්ශන වේරදූවගේ, ග්ලෝබල් ශ්‍රී ලංකා ෆෝරම් ආයතනයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව යන මහත්වරු මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළහ.



අදහස් (0)

තොරතුරු පනතේ මහ උසාවි තීන්දුව කථානායකට

ලසිත් Thursday, 07 April 2016 04:47 AM

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු එච්චර කල් යන්නේ නෑ. විශේෂයෙන්ම අර්ථනිරුපණ (ම)

:       0       0

අමිරා Wednesday, 06 April 2016 08:56 PM

කඩිනමින් කිවුවේ මාස හයකින්වත් වෙන්න ඇති. දැන් නඩු කල්දාන විදිහට ජීවත්වෙලා ඉන්නකොටවත් තීන්දුවක් දුන්නොත් අපේ මුණුපුරු මිණිපිරියන්ටවත් හොඳ කලදසාවක් යයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site