IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීමට කටයුතු කරන බව තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය.

තුර්කි තානාපතිවරයා සහ ජනපතිවරයා අතර හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරිණි.

තුර්කියේ සංක්‍රමණික ශ්‍රම බලකාය සඳහා වන ඉල්ලුම ඉහළ යමින් තිබෙන බව මෙහිදී තුර්කි තානාපතිවරයා පෙන්වා දුන් අතර විවිධ ක්ෂේත්‍රයන් තුළ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදා කර දෙන බවටද සහතික විය.

තුර්කි ජනාධිපති රිචෙප් තයියීප් එර්දොවාන් (Recep Tayyip Erdogan) මහතාගේ සහ තුර්කි ජනතාවගේ සුබපැතුම් පනිවිඩය ද තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. තුර්කි - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සංකේතවත් කරමින් තුර්කියේ නිල සංචාරයකට එක්වන ලෙසද තුර්කි තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළේය.

 



අදහස් (1)

තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව

රම්බොඩ Friday, 11 October 2024 11:10 AM

මම දන්න විදිහට නම් ඒ හැටි ඉහළ අධ්‍යාපන තත්ත්වයක් තියෙන රටක් නෙවෙයි ⁣ඔය කියන රට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site