IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තිරුක්කෝවිල් පොලිසියේ මරණ හතරක් දක්වා ඉහළට

(වසන්ත චන්ද්‍රපාල,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තිලකරත්න දිසානායක)

තිරුක්කෝවිල් පොලිසියේ සාජන්වරයකු සිදු කළ වෙඩි තැබී මෙන් මියගිය ගණන හතර දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ රාත්‍රී 10.30 පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි වැදිමෙන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සිද්ධියෙන් මිය ගිය ගණන මිය ගිය ගණන හතර දක්වා ඉහළ ගොස් ඇත ඇතැයි එම කාර්යාලය කියයි.

පොලිස් චෝදනාගාරයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා කිසියම් රාජකාරියකට පොලිසියෙන් පිටව ගොස් ඇත.

ස්ථනාධිපතිවරයා පොලිසියට පැමිණෙනවාත් සමග සැකකාර සාජන්වරයා ස්ථානාධිපති පැමිණි පොලිස් ජිප් රථයට ද වෙඩි තබා ඇත. ඒ අවස්ථාවේ ජීප් රථය පාලනයෙන් ගිලිහි ගොස් අසල ගොඩනැගිල්ල හැපි නතර වි ඇතැයි පොලිසිය කියයි.

පොලිස් සැරයන් 44132 කාදර්, පොලිස් කොස්තාපල් රියැදුරු 18382 තුෂාර, පොලිස් කොස්තාපල් 78857 ප්‍රබුද්ධ, සහ පොලිස් කොස්තාපල් 8861 නවිනින් මෙසේ මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

වෙඩි තිබූ බව කියන සැරයන්වරයා ගිනි අවියද සමග ඇතිමලේ පොලිසියට බාරවී ඇත.සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.

(ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)

 


 

(තිලකරත්න දිසානායක)

තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකු එල්ල කළ වෙඩි තැබිමක් තවත් පොලිස් නිලධාරින් තිදෙනකු මියගොස් ස්ථානාධිපති සහ තවත් නිලධාරීයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

වෙඩි තිබූ බව කියන සැරයන්වරයා ගිනි අවියද සමග ඇතිමලේ පොලිසියට බාරවී ඇත.

 



අදහස් (4)

තිරුක්කෝවිල් පොලිසියේ මරණ හතරක් දක්වා ඉහළට

Rizwan Saturday, 25 December 2021 09:50 AM

මේ රාලහාමිට පිස්සුද අප්පා

:       8       4

Ruhunu Saturday, 25 December 2021 05:48 PM

මේ වගේ නිර්භීත නිලධාරියෙක්, ප්‍රභූ ආරක්ෂකයාටත් හිටියානම් කොච්චර හොඳද?

:       0       3

mohomed agarapatana Saturday, 25 December 2021 06:57 PM

මුස්ලිම් හරි, දෙමළ හරි පොලිස් කාරයෙක් මේක කරලා තිබ්බා නම්, උඩ දාගෙන අයිඑස්.අයිඑස්..., එල්.ටී.ටී.ඊ. කියලා කෑ ගහයි. සාජන් සිංහල නිසා සද්ද නෑ.

:       2       1

Nandalal DE SILVA - France Saturday, 25 December 2021 10:22 PM

මේ මිනීමරුවන් පරණ කොටි ත්‍රස්තවාදී කෙනෙක් වෙන්න පුළුවන්...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site