IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
 
මේ අනුව මාර්තු 26 වනදා සිට රටපුරා හදිසි තත්ත්වය බලපැවැත්වෙන බව තායිලන්ත බලධාරීහු පවසති.
 
මැලේසියාවෙන් පසු කළාපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව තායිලන්තයෙන් වාර්තා වන අතර අඟහරුවාදා(24) ආසාදන 106ක් වාර්තා වීමෙන් පසු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 827ක් දක්වා ඉහෙළ ගියේය.
 
කොරෝනා වයිරස රෝගයෙන් තායිලන්තයේ මේ වනවිට 4දෙනකු මියගොස් ඇත.
 
අගමැති ප්‍රයූත් චාන් ඕචා මහතා කියා සිටියේ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත බලතල සම්බන්දව පසුව ප්‍රකාශයට පත්කරන බවයි. අවශ්‍ය වුවහොත් මාධ්‍ය වාරණය කිරීම හෝ වසා දැමීම සිදුකරන බව ද හෙතෙම පවසයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 114 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site